ප්‍රේමය පුද දී අවසානයි දාහතර වන කොටස
උදේම ජනේලෙන් එලිය බලනකොට මුළු වත්තම
හිම වලින් වැහිලා පුදුම ලස්සනක් මම අසාවෙන් බලන් හිටියා. තරු මේ ටිකේම
ඔෆිස් එකේ වැඩකට එලියට ගිහිල්ලා. පුදුම පාළුවක් දැනෙන්නේ. දැන් අපි බැදලා
මාස7යි ක්. ෆෝන් එක රින්ග් වෙන සද්දෙට මම දුවලා ගිහින අන්ස්වර් කරා.
බබා කොහොමද....
තාරු අයියේ මට පාලුයි....
මටත් පාලුයි.....
ඔයාට ඊලග පාර මම යනකොට පාලු නැති වෙයි...
ඇයි ඒ....
මන් හිතන්නේ ඉක්මනට ඔයා වගේ ලස්සන පුංචි දුවෙක් ගෙන්න.....
ඉතින් ඔයා කවද්ද එන්නේ..... පුංචි දුවව ගෙන්න මමනම් කැමති පුතෙක් ගෙන්න හැබැයි තාත්තට වගේ විසේ නැති....
මම හෙට එනවා මැණික....
හානේ ශොඉනෙ
එහෙනම් මම තියන්නද දැන් පොඩි මිටින්ග් එකකට යන්න හදන්නේ....
බුදුසරණයි මගේ මැණිකට....
බුදුසරණයි බබා....
තාරු
අයියා හෙට එන නිසා ගේ ලස්සන කරන්න මම මුළු දවසෙම මහන්සි උණා. තාරු අයියා
ගොඩක්ආසයි සුදු බතුයි මාළු ඇබුල්තියලුයි පොල්සම්බලුයි කන්න මේ ටිකෙත් කතා
කරාම කිවුවේ කඩ කෑමයි ෆ්‍රයිඩ් රයිස් අරවා මේවා කළා එපා වෙලා කියලා එකමයි
මම රස පුංචි කෑම වේලක් හදන්න ලැස්ති උණේ. එත් ඉතින් මාළු ගෙන්න යන්නේ කවුද
මම කවදාවත් තාරු නැතුව මේ ගෙයින් එලියට අඩිය තියලා නැ බඩු ගන්න හදිස්සියේ
ලග තින කඩේට ගියාට. ඊට එහා තනියම ගිහින් නෑ. මේ ලග තැනක මාළු නැ ටිකක් දුරට
යන්න ඕන මාළු ගෙන්න මට තනියම යන්න බැරි නිසා මම තාරු අයියගේ මස්සිනාට කෝල්
කරා අක්කනම් මාත් එක්ක මාළු කන තරහයි එයා යෝජනා කරපු අර සක්කරවට්ටම තාරු
අයියගේ කරේ එල්ලන්න බැරි උණා නිසා. එහා පැත්තෙන් හෙලෝ කියද්දී මම ගැස්සිලා
ගියා.
අක්කේ අයියා ඉන්නවද...
ආ ඉන්නවා පොඩ්ඩක් ඉන්න දෙන්නම්....
මේ ගෑනි ගාවනම් මනුස්සකම ගැවිලවත් නැ කොහොමද නංගි කියලවත් ඇහුවේ නැ. මට මොකද තමන් කරන නපුරුකම් තමනට්මයි මගේ ඇගේ වදෙනවයි නැනේ.
හා කියන්න නංගියෝ...
අයියේ අද තාරු එන නිසා රැට කෑම ටිකක් හදලා තියන්න මාළු ටිකක් ගෙනැල්ලා දෙන්න පුලුවන්ද එයා ආසයිනේ මාළු ඇබුල්තියල් වලට....
හා හා මන් ගේන්නම්...
හානේ නංගෝ මට අමතක උණා මම දැන් මේ නිශාව යාලුවෙක්ගෙ පාටි එකකට එක්ක යන්න හදන්නේ...
අයියා හා කියලා අයිත් බෑ කිවුවේ අර දුෂ්ට කුඩ අම්මා ලග ඉදන් එපා කියන්න ඇති අයියත් ඉතින් ගැනිට බයෙනේ ඉන්නේ...
කමක් නැ අයියේ මම තියන්නම්....
මන්
ෆෝන් එක තියලා කල්පනා කරා දෙවියනේ මේ නාදුනන රටේ මම අසරණ වෙලා කියලා මතක්
වෙද්දී මගේ ඇස් වලට කදුළු පිරුණා. එක පාරටම මට මතක් උණේ නිසල්ව මේ වෙලාවට
නිසල් වැඩ ඇරිලා ගෙදර යන වෙලාව. නිසල් මේ මාස 7 ට තරුටයි මටයි ගොඩක් උදවු
කරා නිසල්ගේ ගැනුලමයා එක්කත් අපේ ගෙදර දවසක් අවා. ඇත්තටම නිසල් හොද
යාලුවෙක්. මම ඉකමනට නිසල්ට කෝල් කරා.
නිසල් මම මේ හිරු
හා මොකද ඔයාට මේ අපිව මතක් උණේ....
අනේ නිසල් මට මාළු ටිකක් ගෙනත් දෙන්නකෝ හොද අලුත් මාළු ටිකක්...
තාරු එනකොට රැ වෙයි.... මට එයාව පුදුම කරන්නත් ඕන....
හා හා මම ගේන්නම් යාලුවෙක්ට ඔයි වගේ වැඩක් කරන්න බැරි නම් වැඩක් නැනේ ඒ යාලු කමෙන්....
නේහා වත් එක්ක එන්න...
එයාටනම් එන්න බැරි වෙයි එයාලගේ අම්මා ලෙඩ වෙලා මාත් අද රැට එහෙ යන්න ඉන්නේ...
හානේ තාරු ආවම අපි දෙන්නත් එන්නම්කෝ....නේහා ගේ අම්මා බලන්න.....
එහෙනම් මම බඩු ටික අරන් එන්නම් ලිස්ට් එක sms කරන්නකෝ...
බායි....
බායි නිසල්...
මම නිසල්ට බඩු ටික sms කරලා උයන්න ලෑස්ති කරා වඩේ ටිකකුත් හදන්න පරිප්පු
පෙගෙන්න දාලා හාල්මැස්සෝ බැදුමක් හැදුවා. මම බාගෙට වැඩ කරනකොට එක ගේ
ඉස්සරහා වහනයක් නවත්තනවා ඇහුනා මම දුවලා ගිහින් බලනකොට නිසල් අතින් කටින්
බඩු මලු ටික උස්සන් කාර් එකෙන් බැහැලා අවා.
මොකද මුනේ මල් පිපිලා... තාරු කියලද හිතුවේ .....
නැ මම බය උනා කෑම උයන්න කලින් එයා එයි කියලා...
මම බඩු ටික නිසල් ගේ අතින් ගන්න ගමන් කිවුවා.
ඉන්න හිරු ඔයාට ඔක්කොම උස්සන් යන්න බැනේ මම ගිහින් දෙන්නම්....
මම ටිකක් අරන් කුස්සියට ගියා නිසලුත් ජින්ජර් බියර් තිබුණ බැග් එක උස්සන් මගේ පස්සෙන්ම අවා.
ඔතනින් තියලා ඔයා ගිහින් වාඩි වෙන්න නිසල් මම බොන්න මොනා හරි හදන් එන්නම්...
ඊට කලින් මට වතුර එකක් දෙන්නකෝ.... හරිම තිබහයි...
මම වතුර වීදුරුව දෙනකොටම වාහනයක් නවත්වනවා ඇහුනා. නිසල් වතුර එක බොන අතරේ මම සාලෙට ගියා.
තාරු අයියගේ අක්කා ඇවිත් අර අගරෙත් එක්ක.
මොකද බය වෙලා...
නැ අක්කේ ඇයි හදිස්සියේම...
හොදට නටනවා නේද මල්ලි නැති වෙලාවට...
අක්කේ...
චටාස්ස්ස්ස්...
මගේ
ඇස් දෙකෙන් තරු පිට උණා. තාරු අයියගේ අක්කා මගේ කමුලට ගහලා අයිත් ගහන්න
හදනකොටම නිසල් පැනලා අත අල්ලලා අබරුවා. මන් එතකොටයි දැක්කේ නිසලුත් මගේ
පිටි පස්සෙන්ම ඇවිත් කියලා.
අමාරු ඇති නේද...
හොර ගැනිට ගහනකොට... උබ හොර මිනිස්සු ගෙට දාගෙන නටනවා කියලා මට ආරංචි අවා මම හිටියේ අතටම අල්ලගන්න....
තාරු නැති වෙලාවක නිසල් මේ ආවාමයි අක්කේ...
ඒ අවෙත් මට මාළු ගෙනත් දෙන්න...
අප්පෝ මොකටද මගේ කට කරන්න ඕන බලු වැඩ ඔක්කොම කරලා දැන් එනවා සුදනා වෙන්න....
මෙයා හැමදාම මෙහෙමලු අක්කේ...
නිරු එක පාරට කිවුවම මට පුදුම හිතුනා. ගැනියෙක්ට පුලුවන්ද තවත් ගැනියෙක්ට මෙහෙම බොරුවට අපහස කරන්න...
නිරු මන් දන්නවනේ තමුසෙගෙ නැටිල්ල මේ අහිංසක කෙල්ලට බොරුවට අපහස නොකර යනවද මෙතනින් මගේ යකා අවුසන්නේ නැතුව....
තමුසේ කොහොමද අපේ මල්ලිගේ ගෙදරින් අපිව එලවන්නේ....
මම හිතන් හිටියේ තමුසේ ඉගෙන ගන්න හොද ළමයෙක් කියලා බලනකොට තමුසේ මහා කැත මිනිහෙක්නේ.....
අපේ
මල්ලිත් බුරුවෙක් නැත්නම් මෙච්චර ලස්සන කෙල්ලෙක් කැමැත්තෙන් ඉදිදි ඒ සල්ලි
වලට දේපලවලට සේරටම පයින් ගහලා ගෙනාවා හිඟන ගැනියෙක්....
ඒ මදිවට එකී
කරන්න ඕන හැම බලු වැඩේම කරනවා මම අන්තිම වෙනකම් උත්සහ කරත් මට බැරි උනානේ
මේ මගුල නවත්තන්න අපේ අම්මලා තමයි හැම දේටම වගකියන්න ඕන තමුසේ දැන ගන්නවා
මම අදම මල්ලිගෙයි නිරුගෙයි කසාදෙ ලෑස්ති කරනවා තමුසේ දික්කසාදේ දීලා මේ
මිනිහත් එක්කම යනවා.
අපි යමු නිරු...
නිරුගේ මුනේ මහා සමච්චල්
හිනාවක් තිබ්බා. මට දැනුයි තේරෙන්නේ එදා ඉස්සෙල්ලම අපි ආපු දවසේ දීපු පාටි
එකේදී හැමෝම හිතුවේ නිරු තාරු බැදලා කියලා මෙයා හැමෝටම කියන්න ඇත්තේ නිරු
තමයි තාරු බදින්නේ කියලා.
හිරු ඔයා ඕව ගණන් ගන්න එපා තාරු ඔයාට ආදරෙයිනෙ උ ඔයාව කවදාවත් සැක කරන එකක් නැ...
එහෙනම් මම දැන් යනවා නේහා ලගේ ගෙදර මොනා හරි ප්‍රශ්නයක් උනොත් මට කෝල් කරන්න...
හා නිසල්...
නිසල්
ගියාට පස්සේ මම හොදටම ඇඩුවා එත් දැන් තාරු අයියා එන නිසා මම මුණ හෝදගෙන
කෑම ලෑස්ති කරලා මෙසේත් ලස්සනට හදලා නා ගත්තා. ඊට පස්සේ සාලෙට වෙලා බලන්
හිටියා එළියේ හොදටම හිම වැටෙනවා එකයි තාරු පරක්කු ඇත්තේ රෑ 10 ත් උනා තාමත්
නෑ මම තරුගේ ෆෝන් එකට කෝල් කරා.
හෙලෝ
ඇහුනේ ගැණු කටහඩක්..... හොදට අහලා පුරුදුයි වගේ මට මතක් උනා අර හොන්තුව තරුට නිතරම ගෙදර ෆෝන් එකට කෝල් කරනවනේ
ඔයා කවුද නිරුද...
ඔව් ඇයි අහන්නේ...
කෝ තාරු...
එයා අද ඉදලා මාත් එක්ක ඉන්නේ....
නිරු මගේ යකා අවුසන්නේ නැතුව තාරුට ෆෝන් එක දෙනවා...
හෙලෝ හෙලෝ....
ෆෝන්
එක කට් කරලා මම අයිත් ගත්තා එතකොට ඔෆ් කරලා මට එක එක විකාර හිතුණා ඒ එක්කම
වගේ මගේ ෆෝන් එකට mms එකක් ආවා. දෙවියනේ තාරු ඇදක හාන්සි වෙලා ඉන්නවා
තාරු ගේ ඔලුව ගාවින් අරකි වාඩි වෙලා ඔලුව අත ගානවා. මට උන් හිටි තැන් අමතක
උනා මාව වෙඋලන්න ගත්තා එහෙමම පැය ගානක් ඉගෙන මම ඇඩුවා. ටිකකින් අයිත් අර
ෆොටෝ එක බලලා කාමරේට දුවලා ගිහින් ඇදුම් ටික ඔක්කොමයි පාස් පොර්ට් එකයි
දාගෙන් සාලෙට එනකොට ෆෝන් එක අයිත් දෙදරනවා ඇහුනා. තව mms එකක් අර ගැනී
තාරුගේ මුණ ඉබිනවා. මගේ ගැහෙන ඇගිලි තුඩු අතරින් ෆෝන් එක බිම වැටුණා. මට දැනුනේ මන් ගැන මහා අසරණ කමක් දෙවියනේ මෙච්චර සතුටින් ආදරෙන් හිටපු අපි
දෙන්නට මේ මොකද වෙන්න යන්නේ අක්කා මිට කලිනුත් නිරුව මෙහෙ එවලා තාරුට කේලම්
කියලා අපි දෙන්නවා ඇත් කරන්න ගොඩක් උත්සහා කරා එත් එයාට එක කරගන්න බැරි
උනා එත් අද මේ මොනාද උණේ මම
දොර ඇරගෙන හීතලේ හිම කුණාටුව අස්සෙන් පාරට බැස්සා. මන් යන්නේ කොහෙද කියලා
මන් වත් දැනගෙන හිටියේ නැ එත් මම වෙඋලන ඇගිලි තුඩු වලින් බැග් එක උස්සගෙන ඒ
පාලු පාරේ ඉස්සරහටම ගියා.
අඩේ මන් පළවෙනියා
ReplyDeleteගොඩාක් හොදයි නගා
sthuthi doc aiye
Deleteම්ම්ම්ම්ම්ම්ම්ම් ජංජාල ගොඩයි. හැබැයි මමනම් විරුද්ධයි නිසල්ව ගෙදර ගෙන්න ගත්ත එකට මේ හිරු ගොං මැට්ටියෙක්
ReplyDeleteithin hadissiyakatane genna gaththe
Deleteම්ම්ම්..... අම්මෝ.. මෙගා ටෙලියක් වගේමයි නේ... බලමු ඉස්සරහට..
ReplyDeletehmmm dan thamai hodama hariya
Deleteanith kotasath ikmanin liyanna uma
ReplyDeleteha akkiyo ikmanata dannam hodada
ReplyDeleteඅනේ මට සොරි ඈ
ReplyDeleteayi ehema kiuwe
Deleteකමෙන්ට් කරන්න තේරෙන්නේ නෑ.
Deletemmmmmm
Deleteඔන්න අපිත් ආවෝ!
ReplyDeleteඔහොම ලියමු.
ජය වේවා!
sthuthi hiruhimavi
Deleteලස්සනයි උමා අක්කේ කතාව ........
ReplyDeletethanks nanga
Deletehora kella mata nikam sakai wage
ReplyDeleteඅපොයි..:/
ReplyDeleteoya goda dawasakin premudi sthuthi awata
Deleteහැපෝය්....
ReplyDeleteපේනවනේ...
ගෑනුම තමා ගෑනුංට කෙලවන්නේ...
ekane kiyanne malliyo
Deleteඅනේ..මේ මොකද මේ උනේ..
ReplyDeleteහ්ම්ම්ම්..බලමුකො ඇත්ත එලි වෙද්දි
ou ou balan innako nishiyo
Deleteඅදමයි ආවෙ යාලු ජය වේවා හොඳේ. දිගටම ලියමු..
ReplyDeletebohoma sthuthi yalu aith enna me paththe hodada
Delete