My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Saturday, August 4, 2012

ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස

බස් එකේ සෙනග නිසා නැග්ග වෙලාවේ ඉදලා ඔලුව රිදෙනවා එත් ඉතින් මොනා කරන්නද බැහැලා වෙන එකක යන්නයැ. අමාරුවෙන් ඇස් දෙක පියාගෙන නිදා ගන්න ට්‍රයි  කරා මට කොහොමත් බස් එකේ ගොඩක් සෙනග ඉන්නවනම් ඔලුවේ කැක්කුම හැදෙනවා.
           

කොහොමින් කොහොමින් හරි ටිකක් දුර යනකොට සනීපෙට නින්ද ගියා හැබැයි ඉතින්සැරින් සැරේ ඇහැරි ඇහැරී වට පිට බලනවා නැත්නම් බස් අයිති කාරයාගේ ගෙදර තමයි යන්න වෙන්නේ. ගාල්ල හරියේදී විතර නැගිටලා වට පිට පොඩි සර්ච් එකක් දැම්මා.

නංගි මට ඔයාව හොදට දැකලා පුරුදුයි ඔයා ෆ්ලෙමින්ගෝ එකේ   ඩාන්සින්ග් ක්ලාස්  ආවද.
 

මගේ කන ලගින්ම ඇහුනු කටහඩින් මම ගැස්සිලා ගියා. එක පාරටම මම ඔලුව උස්සලා බැලුවා. මෙන්න දෙවියනේ ලස්සන කොල්ලෙක් හිනා වේවි මන් දිහා බලන් ඉන්නවා. ඇත්තටම ඒ හිනාව ලග මගේ ඇසුත් නැවතුනා. වැස්සකටවත් ඩාන්සින්ග් ක්ලාස් එකකට ගිහින් නැති මම මේකා කොහොම දැක්කද කියලා මම කල්පනා කරා.
                         

ම්ම්ම්ම් නැ මම ඇවිත් නැ....
   

ඔයා වගේම නංගියෙක් හිටිය ක්ලාස් එකේ ඔයාගේ වගේම එයාගෙත් නිකටේ බිර්ත් මාර්ක් එකක් තිබ්බා....
 

එක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ නේද....
 

හ්ම්ම්ම් මම හිනා වෙලා ජනේලෙන් එලිය බැලුවා.
 

මම කැමති නංගෝ ඔයාව අදුර ගන්න...
  

මෙන්න මේකා අයිත කියවනවා මටත් මොනා උනාද මන්දා වෙනද නම් කොච්චර  කොල්ලෝ කතා කරත් මම නෙමෙයි මින් කියන්නේ එත් මටත් හිත කතා කරන්නමයි එත් මම කතා කරේ නැ මගේ ආඩම්බර කම චුට්ටක් පෙන්නුවේ නැත්නම් ගතියක් නැ වගේ මම හිනා වෙලා අයිත එලිය බලාගෙන ගියා.
 

මම කැමති යාලුවෙක් විදියට ඔයාව අදුර ගන්න.....
 

ඔන්න අයිත කියනවා. ඒ පාරනම් මටත් කතා කරන්නමයි හිත ඇත්තටම ඒ මුණ බලන්නමයි හිතෙන්නේ මන් ගාවම හිට ගෙන යන නිසා ඔලුව උස්සලම්යි මුණ බලන්න ඕන ඉස්සරහින් වත් හිටියනම් හොරෙන් වත් බලන්න තිබුණා අපරාදේ මොනා කරන්නද හිත කියන දේ අහන්නෙත් නැ මම ආඩම්බර කම පැත්තක තියාලා ඔලුව උස්සලා මුණ බැලුවා ඇත්තටම කටපුරා  ලස්සනයි කියන්න පුළුවන් ලස්සන කොල්ලෙක් සුදුම සුදුයි උස මහත ගානට කොන්ඩ්ඩේ ජෙල් ගාලා ලස්සනට පීරලා ඇස් දෙක දිලිසෙනවා. ඇත්තටම හැමදාම කොල්ලොන්ට ආඩම්බර කම උපරිමේටම පෙන්නන මගේ හිත අද මටම අවනත නැ මොනා කරන්නද කතා කරන්නමයි හිත.
  

අයියා අයියා මාතරද... 

ඔව් නංගෝ ඔයා කොහෙද.... 

මමත් මාතර..... 

මාතර කොහෙද 

අකුරැස්ස පැත්තේ.... 

අයියා.... 

මම පබුරන හරියේ
 

ඔයා කොහෙද යන්නේ නංගියෝ... 

මම... ක්ලාස් යනවා...

කොහෙද ක්ලාස්....  

නුගේගොඩ
 

තනියමද යන්නේ .... 

ඔව් මුලින් තාත්තා එක්කන් ගියා 

දැන් පුරුදුයි තනියම යනවා.....   

 මොනාටද ක්ලාස් යන්නේ...
 

ජනමාද්‍ය කොස් එකක් කරන්නේ නිවේදනය ගැන.... 

ෂා නියමයිනේ අපිටත් පුළුවන් වෙයි නේද උදවුවක් ගන්න රගපාන්න එන්න....
 

මට හිනා මමත් හොදට ක දේ  දාගෙන යනවා අනේ මගේ අයියා දැන ගත්තොත් වසාලා හමාරයි. එත් ඉතින් ඒයා දැන ගන්නේ කොහොමද මම කියන්නේ නැනේ එත් ඒයා මට කොයි තරම් නපුරු කම් කරත් මම ආදරේ කරන්නේ පන වගේ ඒයාට මගේ ජිවිතේ මගේ රත්තරන්ට නොකියපු දෙයක් නැ ක්ලාස් ගිහින් එනකොට එදා දවසේ උන හැමදේම ෆෝන් එකෙන් කියවන එක මගේ සිරිතක්.
 

මොකද සද්ද නැතුව කල්පනාව...
 

මේකත් එල්ලී එල්ලී කතාවටමයි එන්නේ අද කාලේ මිනිස්සු විශ්වාස කරන්න බැරි උනාට ඒ ඇස් වල මොකද්දෝ අවංක කමක් ලියවිලා තිබුණා. එකමයි මට කතා කරන්න හිතුනෙත්. 
නැ මුකුත් නැ

මට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙනවද.... යාලුවෙක් විදියට කතා කරන්න....
 

මට ඒ වෙලාවේ මුකුත් හිතා ගන්න බැරි උනා මට 

මොනා උනාද කියලා මමවත් දන්නේ නැ
 

මොකද කල්පනාව.... ඔයා දාගන්නකෝ මගේ නම්බර් එක...
 

මමත් මුකුත් නොකිය ඒ නම්බර් එක මගේ පොන් එකේ සේ ව් කර ගත්තා...
 

දැන් මට රින්ග් කරන්නකෝ.....
 

මේකා කියනවා මාත්  මෝඩි වගේ කියන කියන එක කරනවා කමක් නැ වෙන දෙයක් වෙච්චාවේ කියලා  

මාත් රින්ග් කරා
 

ඔයාගේ නම... මම නිසල්
 

ඇත්තටම ඔ යා වගේම නමත් ගොඩක් ලස්සනයි කියන්න කටට ආවත් මම ඒ සිතුවිල්ල හිත ඇතුලෙම ගුලි කරා ගත්තා
 

කියන්නකෝ ඔයාගේ නම....
 

නිසල් අයිත් කියනවා.
 

මම හිරුනි.....
 

ෂා ලස්සන නමක් නේ....
 

මම හිනා වෙලා බිම බලාගත්තා මට මොකද වෙන්න යන්නේ කියලා මටවත් හිතා ගන්න බැරි උනා මොනා උනත් මට ඒ වෙලාවේ මේ ලෝකෙම අමතක වෙලා තිබුනේ එත් මගේ අයියා පැටියවනම් හිතේ කොනක සැරින් සැරේ විදුලි කොටනවා වගේ මතක් උනා එත් මේ ඇස් ඉස්සරහා මගේ හිතේ විදුලි කොටනවටත් වඩා ලොකු දෙයක් වෙනවා.
 

මම අයිත් ඒ මුණ දිහා බැලුවා ට්වි එකේ මොකක් හරි 

ඇඩ් එකක මේ වගේම නළුවෙක් ඉන්නවා මට යන්තමට වගේ මතකයි.
 

මම ඉස්සරහා බහිනවා නංගෝ......
 

නිසල් එහෙම කියද්දී මට ලොකු දුකක් දැනුනා මන් හිතුවේ ඒයා කොලබටම   යනවා කියලා.
 

මම හා කියලා ඔලුව වැනුවා මගේ හිතේ තිබුණු දුක මුනෙන් පෙනුනද මන්දා නිසල් ගේ මුනත් දුකින් පිරිලා එත් දෙන්නගෙන් කවුරුවත් ඊට පස්සේ වචනයක් වත් කතා කරේ නැ නිසල් අම්බලන්ගොඩින් බැස්සා. බස් එකෙන් බැහැලා ත් ඒයා මන් දිහාම බලාගෙන හිටියා. කොහොම හරි මම අයිත් ඇස් දෙක පියාගෙන ඒ මුණ මතක් කරා මගේ අයියා නිසල් වඩා ලස්සනයි කියලා හිත කියනවා මම හිතත් එක්ක රණ්ඩු කරේ නැ එත් ඒයා ජිවිතේ එක පාරක් මේ අහින්සකි රැවට්ටුවා කියලා මතක්වෙනකොට හිතට වාවන්න බැ.
                                   

                             මතු සම්බන්දයි

13 comments:

  1. සුට්ටි ආදර කතාවක් වගේ..

    ReplyDelete
  2. ආ බොල අක්කේ..ඔන්න මට සැකයි දැන්...මේ ඔයාට වෙච්චා දෙයක්ද ආ?ඉතුරු කොටසත් දාන්නකෝ බලන්න හොදේ..ලස්සනයි අක්කි..

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම් පුංචි නෙවෙයි ලොකු ආදර කතාවක් වගේ.බලමුකෝ ඉස්සරහට කියවලා මොකද වෙන්නේ කියලා, මේ සිම්බට හිතුන දේම මටත් හිතුනා

    ReplyDelete
  4. මරු අක්කියෝ... දිගටම ලියන්න.. ලස්සනයි.. හැබයි බොරු කියලා අයියට මාට්‍ටු උනොත් වසලා හමාරයි.. මට පෙන්නේ අපේ සිම්බා අයියා කිව්ව කතාව නිකන් ඇත්ත වගේ


    මම ඇණයා මලයා(අදුර ගන්න බැරි වෙයි කියලා ලිව්වේ)

    ReplyDelete
  5. ඔන්න උමා මාත් ආවා මේ පැත්තට ලස්සන කතාවක් වගෙයි මගෙන් උනුසුම් සුබ පැතුම් පුංචි සමනලීටත් වඩා සාර්තක වෙයි කියලා හිතනවා , දිගටම ලියමු උමා වැඩි කල් ගන්නෙ නැතුව ඊලග කොටස් දාන්න

    ReplyDelete
  6. මම දන්නවා මේක මේයාගේ කතාව..

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete