My Blog List
අපි ලංකාවෙ

Monday, August 27, 2012
ප්‍රේමය පුද දී අවසානයි එකොලොස් වන දිගහැරුම
යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න
මම ෆෝන් එක අන්ස්ර් කරලා කතා නොකර අහන් හිටියා එහා පැත්තෙන් හෙලෝ හෙලෝ ගානවා හැබැයි කෙල්ලෙක්.
බබා ඔයා දන්නවනේ අර පිස්සු හොන්තුව අපේ අක්කලා මට කතා කරලා තිබුනේ ඔයි මම බැන්ද කියලා දැනගෙන උඩ පනින්නේ....
තාරු අයියලාගේ අක්කත් ඉන්නේ එංගලන්තේ එයාල එහෙ ඉන්න පවුලක ගැණු ළමයෙක්ව තාරු අයියට කතා කරලා තිබ්බාම ඒ ළමයත් මෙයාට ගොඩක් කැමැත්තෙන් ඉන්න ඇත්තේ එකනේ මෙච්චර පස්සෙන් එන්නේ අනේ මන්ද ඔවා දැන් මොනා උනත් තාරු අයියා මගෙනේ කලින් තිබ්බා දේවල් මට වැඩක් නැ කියලා හිතලා මම හිත හදා ගත්තා.
අපි යමු තාරු අයියේ....
අම්මේ එහෙනම් අපි යන්නද මේක තියා ගන්නකො අම්මේ...
තාරු අයියා රුපියල් 1000 ක් අම්මා අතට දුන්නා ඇත්තටම තාරු අයියට තියෙන්නේ හරිම සංවේදී හිතක්.
අනේ එපා මහත්තයෝ...
කමක් නැ අම්මේ තියා ගන්නකො...
මහත්තයටයි නොනටයි රත්නත්තරේ පිහිටයි...
අපි ගිහින් එන්නම් අම්මේ....
මම තාරු අයියගේ අතේ එල්ලිලා කන්ද පල්ලම බැස්සා ඇත්තටම හරිම ලස්සනයි ලස්සන දිය ඇල්ලක්. මට දැක්කම අසාවෙ බැ සුදු පාට පෙන විහිද විහිද ලස්සනට කඩා වැටෙනවා මම අසාවෙන් බලන් හිටියා. වටේටම ලස්සනට උස ගස් කන්ද මුදුනේ ලොකු කැලයක් හරිම සිසිලසක් තමයි ගතට දැනුනේ අපි දෙන්නා පුංචි ගල් තලාවක් උඩ වාඩි වෙලා දිය ඇල්ල පහලට ගලා යන හැටි බලන් හිටියා.
අපි පහලට ගිහින් නාමුද තාරු අයියේ...
කෝ බබා ඇදුම්...
එකත් ඇත්ත අපරාදේ ඇදුමක් අරන් එන්න තිබ්බේ...
අපි ගිහින් මුණ හොදන් එමු කොහොමත් නාන්න හොද නැ උදෙමනේ වතුර ගොඩක් සීතලයි...
මම කවුද කිවුවේ...
කවුරු කිවුවත් කතාව ඇත්තනේ...
තරහයි මට විහිළු කරනවනේ....
මම බොරුවට ඔරවගෙන් ඉස්සරවෙලා යන්න හැදුවේ හප්පොයි එතන තිබුණු මුලක කකුල පැටලුණා තාරු අයියා පිටි පස්සෙන් පැනලා අල්ලාගත්තේ නැත්නම් නවතින්නේ පල්ලමේ තිබුණු දොළ පාරේ තමයි.
හොද වැඩේ පණ්ඩිතකම් කරන්න යනවට...
මම තාරු අයියගේ අතේ එල්ලිලා උරහිසේ මුණ හංග ගත්තා.
පල්ලමටම බැහැලා දිය ඇල්ල පාමුල වතුරට අඩිය තිබ්බා විතරයි අම්මෝ පුදුම සීතලක් ඇගිලි හිරි වැටිලා යනවා. අයිස් වගේ අපි දෙන්නා මුණ හෝදගෙන ටිකක් වෙලා වතුරට වෙලා හිටියා ඒ වතුර හරිම පිරිසිදුයි කොච්ච්චර සිතල උනත් ගොඩට එන්න හිතෙන්නේ නැ ඒ තරම් එතන හරිම ලස්සනයි.
දැන් යමු බබා....
මම අකමැත්තෙන් තාරු අයියගේ අතේ එල්ලිලා කන්ද නැග්ගා
අනේ අපි තා ටිකක් ඉදලා යමුකෝ තාරු අයියේ....
හ්ම්ම්ම් එහෙනම් වතුරේ නෙමෙයි මේ හරියෙන් ඉමු...
කවද්ද තාරු අයියේ අපි යන්නේ...
ඔයාගේ වීසා එක හම්බුනු ගමන් අපි යමු බබා මට දැන් වැඩ ගොඩ ගැහිලා ඇති....
මන් එහෙ ලස්සන ගෙයක් කුලියට අරන් තියලා අවේ ඔයාට නිදහසේ ඉන්න පුළුවන්...
අපි ගොඩක් වෙලා කතා කර කර හිටියා වෙලාව යනවා දැනුනෙවත් නැ පුංචි බඩගින්නක් දැනෙද්දී තමයි වෙලාව බැලුවේ...
යමු ගිහින් දවල්ට කාලා හවසට අයිත් ඇවිදින්න යමු හෙට යන්නත් ඕනනේ බබා...
හ්ම්ම්ම් යමු...
දැන් ඇතිද හිටියා...
නැ මදි ඒ උනාට දැන් බඩකිනියිනේ... ඒ නිසා යමු
කපටි කෙල්ල...
තාරු අයියා නැගිටලා මටත් නැගිටින්න අත දුන්නා මම ඒ අතට වාරු වෙලා නැගිට්ටා. අපි ආපු පාර දිගේම ටික දුරක් ගියාම තමයි මට මතක් උනේ මගේ මල් පොකුර දාලා ආවා කියලා.
අනේ තාරු අයියේ මල් ටික....
හ්ම්ම්ම් දැන් මොකද කරන්නේ මම ගිහින් අරන් එන්නම් ඔයා අර අම්මා එක්ක පැලෙන් ඉන්න...
අනේ එපා ඔයා යන්න කමක් නැ මල් නැති උනාට අපි යමු...
මම තාරු අයියා එක්ක අම්මා ඉන්න පැල ලගට ගියා.
ඔයා ඔතනින් ඉන්න මම දුවලා ගිහින් අරන් එන්නම්....
තාරු අයියා ගියා මම පැල ඇතුලට කතා නොකරම ඔලුව දාලා බැලුවා ඇතුලෙන් අවේ පුදුම සුවදක් එකයි.
අම්මේ...
හා මේ අර පුංචි නොනනේ එන්න ඕනේ මෙහෙන් ඇදී ගන්න... කෝ මහත්තයා....
අයිත් ඇල්ල ගාවට ගියා අම්මේ...
අර මොනවටෙයි...
අර මගේ අතේ තිබුණු මල් පොකුර දාලා ඇවිත් එක ගේන්න....
පැල ඇතුලේ අයිනක පුංචි මෙසෙකුයි පුටුවකුයි තිබුණා එහා මුල්ලේම බුරු ඇදක් දාලා තිබුණා පැල අතුලනම් ගොම මැටි ගලා හරිම පිරිසිදුයි.
නැ නෝනා අර ඉපිටහා අපේ ගෙවල් තියෙන්නේ....
මෙතන මේක ගෙන ඉන්නේ ඇල්ලේ නාන්න යන අයට මොනා හරි කෑමක් හදලා නැත්නම් තැබිලි ගෙඩියක් හරි විකුණලා එදා වෙල හොයා ගන්න පුළුවන්නේ එකයි. ....
රැට මම ගෙදර යනවා...
අම්මා රොටි පුච්චනවද හරිම සුවදයි...
එතකොටම තාරු අයියා හති දාගෙන ආවා මට පව් කියලා හිතුණා.
ආ මෙන්න මල් ටික...
අපි යමු නේද එහෙනම්...
ඉන්න මහත්තයෝ රොටි ගෙඩියක් කාළා යන්න මම තේ කහට ඩින්ගිත්තකුත් වක්කරලා දෙන්නම්...
ලුණු මිරිසුත් එක්ක උණු උණුවේ පොල් රොටි හතරක්ම අම්මා ගේනවා. මායි තාරු අයියයි හයි හුයි කිය කිය කැවා කාලා ඉවර වෙනකොටම තේ දෙකත් හම්බුනා ඇත්තටම පුදුම රසක්. තාරු අයියටයි මටයි දාඩියත් දාලා උණු උණුවේ හොදට සිනි දාලා තිබුණු තේ එකත් බීගෙන බීගෙන ගියා ඇත්තටම හරිම රසයි කවදාවත් ඒ වගේ රස රොටියක් මම කාලා තිබුනේ නැ. තාරු අයියා අයිත් සල්ලි දෙන්නා හැදුවත් අම්මා ගත්තේ නැ. අපි අයිත් අඩි පාර දිගේ ආවා බඩගින්න නම් දැන්නැ චුට්ටකවත්.
තාරු අයියේ හොදටම බඩ පිරුන නේද මටනම් දැන් කන්න බැ...
මටත් එහෙමයි බබා... දැන්නම් බත් කන්න තියා හිතන්නවත් බැ...
ඒ රොටි ගෙඩි දෙක ලොකුයිනේ එකයි...
එහෙනම් අපි ටිකක් ඇවිදින්න යමු හවසට ඇවිත් මොනවහරි කමු...
හා ...
අපි රෙස්ටුරන්ට් එකට යන්නේ නැතුව ඉස්සර අඩි පාර දිගේ ඇතට ඇවිදගෙන ගියා.
ඔයි ටික දැන් පරවෙලානේ බබා මන් ඔයාට යනකොට මල් අරන් දෙන්නම්..
ඒ උනාට තාරු අයියේ මේ මල් ඔයා අතින් කඩපුවනේ මන් මේ ටිකට ආසයි ඒ නිසා...
හ්ම්ම්ම් එහෙනම් ඔහොම තියලා දැන් වොෂ් එකක් දාගෙන එන්නකෝ...
රැට කාලා ඉක්මනට නිදා ගමු උදේම යන්නත් ඕනනේ...
ඇයි පුතාව....
මට හිනා ගියා .
මොකද හිනා වෙන්නේ...
නැ නිකන්...
Subscribe to:
Post Comments (Atom)
ම්ම්ම්ම්ම් ඊ ළඟට මොකද වෙන්නෙ සිතමින්.......
ReplyDeletebalannako anthimata nosithu siduvimak
Deleteඉතින් ඊට පස්සේ....
ReplyDeleteithin ita passe mokada wenne kiyala ikmanata kiyannam
Deleteමල කෝලං...
ReplyDeleteහහ්..
සහතික ඇත්ත
Deleteman palaweni kotase idan kotas 11ma kiyeuwa.godak lassanai.awasaane gana thaama hitha ganna baha...
ReplyDeletethanks tweetiyo
Deleteඉක්මනට ඉක්මනට දාන්න ඊළඟ කොටසත් අපිට කියවන්න...
ReplyDeleteම්ම් .. දැන් ඔය යන්නෙ කතාව ලස්සනට ගලාගෙන.. මේක කැඩෙන දීගයක් වද්ද උමො ..බලමුකො.අර කෝල් කරන එකී නම් මට දිරවන්නෙ නෑ
ReplyDeleteමේක කියවන්න බැහැ. අකුරු සහ බැක් පාට දෙකම එකවගේ
ReplyDeleteහරි ගස්සන්න
ReplyDelete