My Blog List
අපි ලංකාවෙ

Monday, September 10, 2012
කදුලක නිමාව
හඩන්නට මේ සා කදුළු කොහෙන්දැයි මම නොදන්නෙමි. එත් නෙතු කෙවෙනි රිදෙන තරමට මට හැඩුවෙමි. තවත් හඩන්නට ශක්තියක් මා සිතේ හෝ ගතේ නොමැත ඉතින් කුමට තවත් දුක්විදිනේම්ද මේ ලොව හැර යාම සැපකි. තිසර නැති ලොවක ජිවත් වී පලක් නැත ඔහු ලග සිටියද මට දුන්නේ දුකම පමණි. කිසිදා මේ මූණට සිනහවක් දෙන්නට ඔහුට බැරිවිය. කදුළු පමණක් මට දුන් ඔහුගේ ආදරය විදවන්නට මට තවත් බැරිය. ඉතින් මම අවසන් ගමන් යමි. යලි නොයෙන්නට මම මේ ලොව හැරදමා යන්නෙමි. කොට්ටය තෙත්වී හඩන්නට කදුළු නැති වෙන තරමට මම හැඩුවෙමි.සිත යට කැකැරෙන ආදරය මා සමග මිහිදන්ව යා යුතුය. තවත් ආත්මයකට මේ ආදරය රැගෙන යනවා යනු ලබන අත්මයටද මා සිතට සැනසීමක් නැතුව විදවන්නට පවු කන්දරාවක් රැගෙන යාමයි මම වට පිට බැලුවෙමි. සියදිවි හානි කරගන්නට හැකි තරම් දෙයක් මා නෙතු නොගැටුනේය එක් වරම සිහියට ආවේ ආච්චිගේ නිදි පෙති බෝතලයයි මම එය රැගෙන වතුර වීදුරුවත් සමග ලං කර ගත්තෙමි සිතන්නට තවත් දෙයක් නැත තිසර මල්දෙණිය ඔහු මට අද කරන්නට ඇති ලොකුම දුෂ්ට කම කර හමාරය ඉතින් තවත් කුමට සිතම්ද. මම නෙතු පියා ගත්තෙමි.
ඔයා කොහෙද තිසර....
බබා අපි යන ගමන් ඔයාට පුළුවන් නේද බස් එකේ මාලිගාව ලගට එන්න....
හ්ම්ම්ම්ම්ම්
මට දුක සිතුනි මහා ගොඩක් දුක සිතුනි එත් මම දුරකථනය බැග් එකේ දාගෙන ඉක්මනින් හන්දියට දිව ගියෙමි. මම යනවත් සමගම වාගේ පැමිණි බස් රථයට ගොඩ උවත් එහි හුස්ම ගන්න බැරි තරම් සෙනගක් පිරි සිටියාය. එත් මම ඉක්මනට යන්නට උවමනා නිසා අමරුවෙන් හෝ තෙරපි තෙරපි ගොස් මාලිගාව අසලින් බැස ගත්තෙමි. කොන්ඩයත් අවුල් වී මගේ සුදු බ්ල්වුසයේද කුණු ගෑවී තිබුණි. දැන් කරන්නට දෙයක් නොමැති නිසා මම මාලිගාව පැත්තට යන ගමන් තිසර ට කෝල් කලෙමි.
තිසර මම මාලිගාව ලග ඉන්නේ...
මන් දැක්කා... මොකද ඔය හැටි මනුස්සයෙක්ට පෙන්නන්න පුලුවන්ද සතෙක් වාගේ ආපු අතක් බලාගෙන යනවා මට පවු නොදී
තිසර අනේ...
තිසර දුරකථනය විසංදි කර හමාරය මම ඇස් වලට උනන කදුළු හංගගෙන වට පිට බැලුවෙමි. මාලිගාවට ඉහල අහසේ තුනී මන්දාරමක් තිබුනත් අහස ඇත්තටම ලස්සනය එක් වරම මා දුටු දෙයින් මසිත් ගල් ගැසී ගියෙමි. තිසර කෙල්ලෙක්ව අතේ එල්ලගෙන ගමන් කරයි. මට තවත් ඒ දෙස බලා ඉන්නට බැරි නිසා මම ඉවත් බලාගෙන අයිනකට ගොස් හැඩුවෙමි. මම මේ සා දුරක් මම පැමිණියේ මෙයටදැයි මට සිතා ගත නොහැක. කමක් නැ තිසර ඔයාට හොදනම් මට මොකද
චමත්කා මායාදුන්න....
මගේ කන අසලින්ම ඇසුණු හඩින් මම ගැස්සී ගියෙමි. දෙවියනේ අරවින්ද අයියා
මායාදුන්න වල්වුවේ පුංචි කුම්රිහාමි තනියම දළදා වදින්න ඇවිත් වගේ....
නැ අරවින්ද අයියා අද පන්ති යන ගමන් එන්න හිතුනා මාලිගාවට....
හ්ම්ම්ම් මාත් තනියම ආවේ අපි දෙන්නම යමු එහෙනම් මටත් මලක් දෙනවද.....
ආ...
මම අරවින්ද අයියටත් මලක් දී ඉස්සර උනෙමි.
මොකද ඇස් වල කදුළු පිරිලා....
නැ මුකුත් නැ ....
හාමු මහත්තය දැක්කොත් ඔයාට බනි කියලද අපි වගේ දුප්පත් අයත් එක්ක කතා කරලා......
නැ අරවින්ද අයියා එහෙම දෙයක් නැ දැන් ඔයා ලොකු ඉංජිනේරු මහත්තයෙක් නේ අපි වගේ අයත් එක්ක කතා කරලා සුමන නැන්දා බනිද දන්නේ නැ ඔයාට ....
අපේ අම්මා එහෙම නැ .....
කවද්ද ගමේ ආවේ නැන්දත් දැන් ඉන්නේ කොලබ නේද ...
ඔව් අම්මට තනියම මෙහෙ ඉන්න බැනේ එකයි ....
දෙකම්මුල් වලට ලේ පිරි ගෙන එනවා මෙන් දැනුනි මම වහා බිම බලා ගත්තෙමි.
කවුද සුදු මැණිකේ ඒ ... ඔයා අදුරනවද...
ඔවු මම දන්න කෙනෙක් අපි යමු ....
අනේ දළදා හාමුදුරුවනේ මේ තරම් දුක් විදින්නට මා කල පව කුමක්ද ....
අරවින්ද අයියා ත් මමත් බුදුන් වැද මාලිගාවේ වාහල්කඩ ලදී වෙනුනෙමි .
මම යන්නම් ...
ඉන්න මම එක්ක යන්නම් ....
නැ මම තනියම යන්නම් .....
මට තනිවෙන්නට උවමනාය
මොකද සුදු මැණිකේ කල්පනාව මම හන්දියෙන් බස්සන්නම්.... අම්මලා දකින එකක් නෑ...
කමක් නැ අරවින්ද අයියා මම තනියම යන්නම්...
මම සිනාසුනෙමි මම හැමදාම ගියේ තනිවමය අම්මත් තාත්තත් හැරුණු කොට මාගේ තනියට කිසිදා කිසිවෙක් පැමිණ නැත මාගේ ඇස් වලට නොදැනීම කදුළු පිරුණි. තිසරට කවදාවත් මාව පරිස්සන් කරන්නට උවමනාවක් තිබුනේ නැත ඔහු මට පෙම් කරදැයි වරක මට සැක සිතේ සමහරවිට කවදාවත් තිසර මට පෙම් කරන්නට නැතිව ඇති මම දාලා යන්න හදනකොට මැරෙනවා කියලා අඩන නිසා මන් එක්ක අකමැතෙන් ඉන්න ඇති.
සුදු මැණිකේ ඔයා වගේ ලස්සන කෙල්ලෙක් මට හිටියනම් මම අඩියක්වත් තනියම යවන්නේ නැ....
මම හුන් තැනම ගල් ගැසී අරවින්ද අයියා යන දෙස බලා සිටියෙමි. දෙවියනේ මන් වගේ කෙල්ලෙක් ඒ වගේ රත්තරන් මනුස්සයෙක් ලබන්න කවදාවත් පින් කරලා නැ. මම දෙනෙත් පිස දා ගෙන ඇදී ආ කටුගස් තොට බස් රථයට ගොඩ උනෙමි. අයිනක ෂිට් එකක වාඩි වී ඇති වන තුරු හැඩුවෙමි. මා ගෙදරට ආවේ කෙසේදැයි මට මතක නැත.
සුදු දුව මොකද මේ....
මුකුත් නැ අම්මා හිස කකියනවා...
මම එසේ කියා කාමරයට වැදී දොර වසා ගත්තෙමි. කන්නාඩිය ඉදිරි පිටට වී බොහෝ වෙලා කලපනා කලෙමි තිසර සිතන තරම් මා කැත නැත එය බොහෝ දෙනා කියයි මම කැත වන්නේ කවුරුන් නිසයි ඔහු සිතන්නේ නැත ඔහු මට දෙනා දුක් කරදර උහුලා ගන්නට නොහැකිව මම නොකා නොබී වලපෙනාවයි ඔහු නොසිතන්නේ මන්ද මට මෙතරම් දුකක් දරා ඉන්නට නොහැක ඉතින් මම මුළු දවසෙම හඩමි දරා ගන්නට බැරි දුක කදුළු වලින් පිට කරමි. අපි අතර හැමදාම ප්රශ්නය කිසිම හේතුවක් නැතිව තිසර මා සමග තරහ වෙයි. කිසිදා හීනෙන් වත් තිසරට වැරද්දක් නොකළ මා සමග තරහ වී දින ගණන් සිටි ඉතින් ඒ දින පුරාම මම නොකා නොබී හඩමි. ඔහු මට නැති වේයැයි බියෙන් මම හඩා වැටෙමි. ඔහු නැති ජිවිතයක් ගැන මට සිතන්නට බැරිය ඉතින් මම හඩමි හඩා වැටෙනවා ඇරෙන්නට මට කරන්නට අන් දෙයක් නොමැත. හැම ගැහැනියක්ම උහුලා ගත නොහැකි දුකට හඩා වැටෙනවා සේ මමද හඩා වැටෙමි.ඉතින් මා කුමක් කරන්නද තව ඔහු සමග සිටියත් මේ දුකේ කෙළවරක් නොමැත ඉතින් මා මියැදෙන්නට හිත හදාගෙන අවසානය. මම දෙනෙත් හැරියෙමි. අතේ තිබු බෙහෙත් අහුර ගිල දමා වතුර වීදුරුව බීගෙන බීගෙන ගියෙමි. සිතට දැනුනේ පුදුම සැනසීමකි කිසිදා මට මෙවන් සැනසීමක් දැනී තිබුනේ නැත. ඉතින් මගේ රත්තරන් තිසර මම සදහටම ඔබෙන් ඇතට යමි. ඉතින් යලි කිසිදිනක ඔබට මගෙන් කරදරයක් නොවනු ඇත. මුළු දවසෙම ඔයාගේ ෆෝන් එකට කෝල් ගන්නට sms ඒවා කරදර කරන්නට තවත් චමත්කා කෙනෙක් නොමැත පොඩ්ඩක් තරහ උ විට ඉකි ගසා හඩන්නට තවත් මා නොමැත හැමදාම ඔයාට ලජ්ජා කරපු මේ කෙල්ල අද සදහටම ඔයාගෙන් ඇතට යනවා අයිත් ඔයාට පාරේ යනකොට ලජ්ජා වෙන්න ඕන නැ අද උදේ අතින් අල්ලන් ගියපු ලස්සන ඔයාගේ නැණ පොඩ්ඩ එක්ක හැමදාම සතුටින් ඉන්න. ඇග පන නැති වේගෙන එද්දී මම ඇද විට්ටම තද කොට අල්ල ගතිමි.
කොහොමද සුදු දුව දැන්....
මගේ කෙල්ලට තෙරුවන් සරණයි...
අම්මා මගේ නළල සිප පැවසුවාය.
ලොකු මැණිකේ ගෙදර ගිහින් එන්න මහන්සිත් ඇති නේ දැන් සුදු මැණිකේට හොදයිනේ මම ඉන්නම් ලොකු මැණිකේ එනකම්
නැ දරුවෝ ඔය ළමයටත් නොසැහෙන්න වැඩ රාජකාරි ඇති නේ කරදර වෙන්න එපා...
කමක් නැ මැණිකේ...
අම්මත් තාත්තත් ගිය පසු අරවින්ද අයියා මා ලගට පැමිණ ඇදෙ පසෙකින් වාඩි උවාය.
දැන් කොහොමද හොදයිද....
වෙලාවට මම ඒ වෙලාවේ ඔයාලගේ ගෙදරට ආවේ....
මම සිනාසුනෙමි.
සුදු මැණිකේ නොදන්නවා උනාට මම තේරෙන කාලේ ඉදලම සුදු මැණිකේට ආදරේ කරා... පුංචි කාලෙදිත්...
මම දෙනෙත් පියාගෙන අසා සිටියෙමි.
ඒ ආදරේ කවදාවත් වෙනස් උනේ නැ.... මම තාමත් ඔයාට ආදරෙයි
තිසර වන කෙනෙක් ගේ ඉස්සරහ පාච්චල් වී ඔහුගේ සියලු කෙනෙහිලි කම් දරා සිටි මට මේ ඇසෙන වදන් අදහා ගත නොහැක. මෙතරම් ලගක මා සෙඋ ආදරය තිබියදී මම මේ තරම් දුක් වින්දේ පෙර ආත්මයක මා කෙරු පවකට වන්නට ඇත. ඉතින් අද සිට ඒ කදුළු නිමා වී අලුත් ඉරක් පායා මගේ මුළු ලොවම එලිය වනු ඇත.
Labels:
කෙටි කතා
Subscribe to:
Post Comments (Atom)
short & sweet uma .ලස්සන කතාවක්
ReplyDeletethanks nishiyo
Deleteමම හැමෝටම කියන එකම දේ .............
ReplyDeleteආදරය යනු,සම්පුර්නෙන්ම කාලය කා දැමීමකි.
කොහොම උනත් ඔබේ ලියවිල්ල අපූරුයි!
ජය!
hugak adare karana aya duk vidinawa yalu
Deleteඅපි ආදරේ කරන්න ඕනි අපිට ආදරේ කෙනාට.නැතුව අපි ආදරේ කරන කෙනාට ළංවුනාට අපිට ආදරයක් ලැබෙන්නෙ නෑ.
ReplyDeleteකථාවනම් හුගාක් ලස්සනයි.අදද මන්ද මුලින්ම මේ පැත්තේ ආවේ.
sthuthi yalu
Deleteම්ම්ම්ම් ලස්සන කතාවක්.....
ReplyDeletesthuthi kaviyo
Deleteවිරහව තරම් .... සුන්ඩර දෙයක් තවත් නම් නැ... ලස්සනයි යාලු
ReplyDeletesthuthi yalu
Deleteඅයි හේට් ලව්ස්ටෝරීස්...
ReplyDeleteඒත් ලස්සන්ට ලීලා තීනවා...
hugak pirimi lamai mehemai
Deletelassana kathawak uma akke
ReplyDeletesthuthi nango
Deleteලස්සනයි.
ReplyDeletesthuthi yalu
Deletelassanai uma...kathawa keti unata lassana kathawak
ReplyDeletesthuthi tweetiyo
Deleteහ්ම්ම්ම්ම් ඕන් මමත් කියෙව්වා. ලස්සන ආදරකතාවක්.
ReplyDeletesthuthi korale mahaththayo
Deletelassanayi naga. digatama liyanna
ReplyDeletesththuthi ayiye
Deleteade man anntima una neda, ehema une kohomada?
ReplyDeleteNaga kathawa godak lassanayi. man asawen kiyewwa. oaka pothak hatiyata woll ekata damuda.
Tawa ekaka patan ganna.
ou aiye ehema thama hithan inna sthuthi me paththe awata
ReplyDeletelassana kathawak yalu
ReplyDeletesththi yalu
ReplyDelete