My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Tuesday, July 17, 2012

පුංචි සමනළී - 3 කොටස

 

ඊට පසු දින මම පන්ති යන්නට උදසනින් අවදි වී ලෑස්ති වන විට ගේ ඉස්සරහින් වාහනයක් නවත්වන හඩ ඇසුනි. මම දුවගොස් පාර දෙස බැලුවෙමි. එවිට නැවතූ කාරයෙන් බැස ආවේ සමාදරය. මම ඇය දෙස නොබලාම කාරය දෙස බැලීමි. එහි ඉදිරි අසුනේ දිනේතුත් සමදරාගේ සුදු අයියත් වාඩිවී සිටියාය. මගේ මුහුණේ හිනා මල් පිපුනේ මටත් හොරාය.

                                                     අම්මේ බලපන්කො කෙල්ලගේ මුනේ හිනාව....... සමදරා මගේ අතට පහරක්  ගසා කීවෙමි.


මම සමදරාට රවා ගෙන කාමරයට ගියෙමි. මම පොත් ටික රැගෙන සාලයට එන විට අම්මත් සමදරත් කතා කරමින් සිටියාය. 
මම කාරය දෙස බැලුවෙමි. දිනෙත් මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටිනවා මම දුටුවේ එවිටය. මගෙත් දිනේත්ගේත් නෙත් තප්පර කිහිපයක් එකට යාවි තිබුණි.මම වහා ලජ්ජාවෙන්  බිම බලා ගත්තෙමි.
                                                       පිස්සු හැදෙනවා බන් මේ කෙල්ල දැක්කම....... අදනම් කොහොමහරි අහන්න ඕන
                         

හරි හරි මම දෙන්නම්කො පුල් සපෝර්ට් එකක්..... උබට බැරිද මචන් අහන්න..... අප්පෝ මේ මටනම් බැ කෙල්ල ටිකක් එක විදිහක් උබම අහපන්....... අනේ මචන් හෙල්ප් කරපංකෝ...... හරි හරි නාහෙන් අඩන්නේ නැතුව හිටපන් මම සමට කියන්නම් අහන්න කියල...... හබි මචන් උබම අහන එක තමා ඇගට ගුණ..... කෙල්ල බැ කිවුවොත්....... ඔන්න එනවා......
                                                                           සමදරත් මමත් එතනට යනවිට දෙදෙනාගේම කතාව නතරවිය.
                              

මොකද කතාව නැවැත්තුවේ අපි එනවා දැකල මොකද්ද හොරෙ..... දෙන්නත් එක්ක බැංකුවක්වත් කඩන්නද කතාව....
                        

නෑ මේ මුට ඉවසන් ඉන්න බැරිලු...... දිනෙත් වහා පැන සුදු අයියගේ කතාව නැවත්තුවය. හා හා මොකද්ද ඒ කියපු එකේ තේරුම....
නෑ නෑ නගින්න ඉක්මනට පරක්කු වෙනවා. දිනෙත් කතාව මග ඇර. යන්නට සුදානම් විය. 

මම  බිම බලාගෙන කාරයට නැග සමදර ලගින් හිද ගත්තාය.
  

උබ පලයන් පිටි පස්සට නංගි ඔයා එන්න ඉස්සරහට..... මම සමදර දෙස බියෙන් මෙන් බැලුවෙමි. නෑ කමක් නෑ අයියේ අපි මෙහෙම යමු
                  

ඔවු  මචන් මෙහෙම යමු එනකොට මාරු වෙන්න බැරිය නේද.... සුදු අයියා ඇසක් වස ඉගි කරමින් දිනෙත් දෙස බැලුවාය.
 

දිනෙත් සිනාසී නිහඩවම කාරය පදවන්නට විය. කාරය තුලින් මිහිරි විලවුන් සුවදක් දැනෙන්නට විය මම එවැනි සුවදකට බොහෝ සේඉන් ආශා කලෙමි. සමදරා ඇත්තටම හොද යහෙලියකි ඇය මාව හොදින් තේරුම් ගෙන සිටියාය. බොහෝ දුරක් යන තුරු කිසිවෙකු කතා කලේ නැත. නිහඩ බව බිදින් සුදු අයියා කතා කළේය.  

ඉතින් බබා මොකද මේ සද්ද නැත්තේ ඔයාගේ යාලුවට කතා කරන්න බැරිද.......එදා කතා කලෙත් නැනේ....
                                  අප්පෝ නෑ මෙයට හොදට කතාකරන්න පුළුවන් කනක් ඇහිලා ඉන්න හම්බෙන එකක් නෑ මෙයා කතා කරන්න ගත්තොත්........
මම සමදරාගේ අතට පහරක් ගැසුවෙමි. උයි මේකිට තියෙන විසයක්......   

දිනෙත් වහා පිටු පස හරි සිනාසුනාය. නැවතත් ඔහු ඉදිරිය බලා ගත්තද ඉදිරිපස කන්නාඩිය මා දෙසට හරවා මා දෙස බලාගෙන යන්නට විය

දිනෙත් අයියා පාර බලාගෙන ඩ්‍රයිව් කරොත් හොදයි නේද.....
  සමදරා සිනාසී පැවසුවාය.......
ඇයි ඔයා හිතුවද මම වෙන කොහේ හරි බලාගෙන ඩ්‍රයිව් කරනවා කියලා මම හොදට පාර බලාගෙන හලෝ යන්නේ
 පේනවා පේනවා හොදට බලාගෙන යන්නේ කියලා.....
අන්න නංගි මොනාද ඔය කියන දෙපැත්ත කැපෙන වචන ඔවා තමා අපිට දිරවන්නේ නැත්තේ.....
හා දිරවනවා කිවුවම මතක් උනේ.... බඩගිනි සුදු අයියේ හරිම  සමදරා මුණ අබුල් කරගෙන පැවසුවාය....  ඉක්මනට කන්න නවත්තාපන් බන් නැත්නම් මාව කාවි
හප්පෝ අපි හරක්මස් කන්නේ නැ නේද නෙතු......  

දිනෙත් මහා හඩින් සිනාසෙන්නට විය.  

හරියට හරි නංගි කියපු කතාව .... මොකද්ද යකෝ තෝ කිවුවේ
නැ බන් මන් මුකුත් කිවුවේ නැ මන් කිවුවේ සමදරා නංගි කියපු කතාව ගැන.......
හරි හරි අපි හරක් ඉතින් මොලයක් තියෙන කොල්ලෙක් හොයා ගන්නවකො සුදු අයියා අහක බලාගෙන පැවසුවාය ......
අනේ මන් විහිළුවක් කරේ සුදු අයියේ ...... තරහද පැටියෝ සමදරා හිනාවී පැවසුවාය ....... ඔව් ...... අනේ යාලුවෙන්නකෝ  බැ..... අනේ බැ..... බෑමයි....
අනේ මගේ හොද සුදු අයියනේ.......හරි යාලු උනොත් මොනාද දෙන්නේ.... අද මගේ ගානේ ලුන්ච් දෙනවා...... මම එකවරම සමදරා දෙස බැලුවෙමි......
                                  මොකද බයවෙලා.....
                                  අද පන්ති යන්නේ නැද්ද......
                                   නැ කෙල්ලේ අපි අද ලොකු රවූමක් යනවා.......
                             අනේ මටනම් බැ සමා අද පන්තියන්නම ඕන අනේ මම පන්ති නොගිහින් ඉදලම නැ.......
    පිස්සි අද පන්ති නැ.... සර් රටගිහිල්ලලු සතියකින්ලු එන්නේ.....
                                                             කවුද කිවුවේ.....
          උදේම සුව කෝල් කරා උගේ ගෙවල් ලගනේ සර්......ඊයේ ඉදල ක්ලාස් එකේ නෝටිස් එකක් දාලලු .... අයියෝ අද ෂෝයි එකට දවල් වෙනකම් නිදා ගන්න තිබ්බ ඇයි කිවුවේ නැත්තේ මෝඩි මට....
එයි කම්මැලිය අද අපි ෂෝයි ට්‍රිප් එකක් යනවනේ......
ම්ම්ම්ම්ම් කොහෙද යන්නේ.... ගැටබරු පන්සල් යනවා.... මොකද බුම්මගෙන ... නැ නිකන්....
 

දිනෙත් කන්නාඩියෙන් මා දෙසම බලා සිටිනු මම දුටුවෙමි. හිත තුල මිහිරි සතුටක් පිරි ඉතිරි යමින් තිබුනත් මම ඒ ගැන පිටතට නොපෙන්ව සිටියෙමි.
අප ගැටබරු පන්සල ලගට යන විට 10 පමණ වී තිබුණි මමත් සමදරත් කාරයෙන් බැස්සෙමු සමදර දුව ගොස් සුදු අයියගේ අතේ එල්ලුණේය මමත් දිනේතුත් පිටු පසින් ගමන් කළෙමු. දිනෙත් වරින් වර මා දෙස බලනවා මා නෙත් කොනින් දුටුවෙමි. ටික දුරක් ගිය පසු සමදරා අපි එන තුරු නැවතී සිටියාය.  

මොකද දෙන්නත් එක්ක කතා නැත්තේ..... 

 ඔව්න් දෙදෙනා අපට විහිළු කරන්නට විය.  

දිනෙත් සිනාසී මා දෙස බලා සිටියාය.
හරි හරි ඔයාල දෙන්න යන්නකෝ අපි හිමින් එන්නම්........ මම සමදරා දෙස බලා පැවසුවෙමි.
දිනෙත් අයියට මෙලෝ සිහියක් න නේද නෙතු දැක්කම ....
අනේ මේ පොඩි ළමයින්ට විහිළු නොකර ඉන්න සම.....
මොන පොදියක්ද මුට පුත්තලම් බුරුවො හතර පස් දෙනෙක් ගේ වයස....
අනේ පලයන් බන් උබල දෙන්න වැඩක් බලාගෙන ..... දිනෙත් නෝක්කාඩු මුහුණෙන් සුදු අයියාට පැවසුවෙමි.
 

හරි හරි අපි යන්නම් දිනෙත් අයිය ඉතින් එන්නකෝ....
 

සමදරා සිනාසී පවසා සුදු අයිය සමග යන්නට ගියාය.
                                           

ගැටබරු පන්සලට යාමට  ඇති මාර්ගය දෙපස ගස් වල වලින් ගහන වූ මෙම පෙදෙස එක් පසින් විශාල කදු බැවුමක් විය. මම හිමින් සැරේ දිනෙත් දෙස බැලුවෙමි ඔහු ඉදිරිය බලා ගෙන ගමන් කරයි. ඇත්තටම ඒ මුහුණ අස් නහය කට හැමදේම හරිම හුරතල පාටය. ඒ වගේම කඩවසම් බවකින්ද යුක්තය මම ඔහුගේ ලස්සන හුරතල් කඩවසම් හිනාවට බොහෝ ආශා කලෙමි ඇත්තටම දිනෙත් ලග ඇත්තේ මා ආශා කල මා හිනාදැක්ක ඒ කඩවසම් පිරිමි රුවයි. මම ඒ මුහුණ දෙස බලාගෙනම ගමන් කලෙමි.

                                                                                       


Sunday, July 15, 2012

පුංචි සමනළී - 2 කොටස



                                පුතේ මල්ලි දැන් එනවා ඇතිනේ.. ටිකක් ඉදලම කොපි ටිකක් බොමු ............
                 හා අම්මා යැයි කියා මම අම්මාගේ හිස සිපගෙන කාමරයෙන් එලියට ආවෙමි.
                                                                          හවස මල්ලි පැමිණි පසු අම්මත් මමත් මල්ලිත් කේක් කා කොපි බීවෙමු. තාත්තා පැමිණෙන්නට බොහෝ වෙලා ඇත. ඔහු අද කොළබ ගියේ අම්මට බෙහෙත් අරන් දීමෙන් පසුවය .
                                                                                              පසුදින උදැසන අවදි වී මම පන්ති යන්නට සුදානම් වීමි. අද දිනෙත් මා එනතුරු බලා සිටිනු ඇත ඔහු හැමදාම කාර්යාලයට යන්නට පෙර මා මුණ ගැසීමට අපේ පන්තිය ගාවට පැමිණෙයි. මා වෙනදාට වඩා හැඩ වුයෙමි. කන්නාඩිය ඉදිරිපිට බොහෝ වෙලා සිට හැඩ වුයෙමි. සිතුමි දුවගෙන කාමරයට ආවේ මා පොත් ටික අතට ගත් පසුවය.
                                                                                            ෂා කෙල්ලගේ ලස්සන අදනම් දිනෙත් අයියා උස්සගෙන යයිද දන්නේ නෑ...........
                                 අනේ මේ නිකන් හිටපන් බොරු නොකිය මා පැහයෙන් තලෙළු වුවද මා හට සොදුරු රුවක තිබු බව බොහෝ දෙනා පවසනු මට ඇසි ඇත්තෙමි..........  මාත් සිතුමිත් ගුරු පාර දිගේ ගොස් ගාලු පාරෙන් බසයට නැග ගත්තෙමි. මා පන්තිය අසලට යනවිට දිනෙත් ගේ සුදු පහැති කාරය අරලිය ගස් සෙවනේ නවතා තිබෙනු දුටුවෙමි.
                                                    අන්න ඇවිත් මල් කුමාරයා දුවල ගිහින් කතා කරලා වරෙන් මන් මෙතනට වෙලා ඉන්නම්..........
මම දුවගෙන දිනෙත් අසලට ගියෙමි. දිනෙත් මොහොතක් කතා නොකර මගේ මුහුණ දෙස බලා සිටියාය.           ඇයි මොකද  මේ ගිලින්න වගේ බලන් ඉන්නේ .........
                                      ම්ම්ම්ම්ම් ආදරේට ...............
                                                                ඇත්තද මට ගොඩක් ආදරෙයිද ........
                                                            බබා අද හවස හම්බවෙනවා නේද........
               ම්ම්ම්ම් පන්ති අරුණු ගමන් හොදද සුදු අයියේ .........  එහෙනම් දැන් යන්න පැටියෝ පන්ති පටන් ගනීවි සිතුමිත් බලන් ඉන්නවා
                                   බුදුසරණයි මම යන්නම් සුදු මහත්තයෝ ..............
                                    හා මැණික බුදුසරණයි ............
මම සිතුමි වෙත දිව ගියෙමි. පන්තිය පටන් ගත් වෙලේ සිට මගේ හිතට නිවනක් නැත . අමාරුවෙන් පාඩම වෙත හිත යොමු කලෙමි. හවස 4 පමණ වන විට මට ඉවසිල්ලක් නොමැති විය. හිතට පුදුමාකාර අමුත්තක් දැනෙන්නට විය දිනෙත් හමු සිට මේ වන තුරු දිනෙත් මා හමුවන්නට එන හැම දවසකම මෙසේය හිතට් දරා ගත නොහැකි සතුටක් දැනෙයි මමත් දිනේතුත් හමුවී දැන් මාස 3 පමණ ඉක්ම ගොස් ඇත. තාමත් පළමු දා මෙන්ම මට දිනේත්ගේ හමුවීමේ නවුම් බවක් ඇත.                                                            දැන් දිනෙත් ඇවිත් ඇති......
                            මම සිතුමිගේ කනට ලං කොට රහසින් කීවෙමි
       පන්ති ඇරිය ගමන් මම පාරට දුවගෙන ගියෙමි. දිනෙත් තාමත් පැමිණ නැත පපුව හෝස් ග ඇවිලී ගියාය. මා පාර  දෙස බොහෝ වෙලා බලා සිටියෙමි. මත දිනේතුත් යාලු වී දැන් මාස තුනක් පමණ ගත වී ඇත මෙතෙක් කලකට ඔහු කවදාවත් පරක්කුවී  පැමිණි දවසක් මගේ මතකයේ නැත. මිට පෙර කිසිදාක දිනෙත් පැය බාගයකට වඩා පරක්කු වී නාවේය. බොහෝ වෙලා බලා සිටීමෙන් පසුව මම ගෙදර යාමට බසයට නැග්ගෙමි. ඇස දෙකින් කදුළු එලියට එන එක නවත්වා ගන්නට මම බොහෝ සෙයින් වැයම් කලාය එහෙත්. පපුව පිච්චිගෙන හිතට දැනුනු දුක දරා ගෙන ඉන්නට බැරිවිය.
                                                                                          අමාරුවෙන් කදුළු සගවාගෙන ගෙදර යනවිට අම්මලා පන්සල් ගොස් තිබිණි. අග සෝදාගෙන අදට වැටුණු මම බොහෝ වෙලා කොට්ටය බදාගෙන හැඩුවෙමි.  මා මුලින්ම දිනෙත් දුටුවා ද සිට අද වන තුරු සිදු වූ හැම සිදුවීමක්ම සිතුවම් පටක රුප පෙළක් මෙන් දෙනෙත් අබියස ඇදෙන්නට විය. මා ඒ අතීතය මතක් කරන්නට බොහෝ සෙයින් ආශා කලෙමි .
                                                                                            මට මුලින්ම දිනෙත් හමු වුයේ මාතර බෝ සමිදු අබියසදිය එදා ඉතාම ලස්සන පුන් පොහොය දිනයකි. එදා බෝ සමිදු ඉහල අහසේ තිබුනේ තුනී මන්දාරමකි එහෙත් ඒ මන්දාරම පවා ලස්සනය දිනෙත් එදා මා දෙස බලා සිටි හැටි මට අද මෙන් මතකය මන් පන්තියි ඇරී බෝදිය ඇතුලට වී සිටියේ තාත්ත පැමිණෙන තෙක්ය. එදා තවත් යාළුවෙකු සමග දිනෙත් බෝදියපිටු පස සිටියේ දුරකතනයෙන් කවුරුන් සමග හෝ කතා කරමිනි. මා මුලින්ම දිනේත්ව අදුනගත්තේ සමදරගේ පෙමවතගේ මිතුරෙකු ලෙසය. මාත් සමදරත් බෝදිය පිටු පසට ගිය විට දිනෙත් වහා දුරකථනය තබා මා දෙස බලා සිටියා මට අද මෙන් මතකය. සමදරා දුව ගොස්  සුදු අයියා සමග කතා කරන්නට විය.
                                                                                නෙතු මේ අපේ සුදු අයියා..... ම්ම්ම්ම් අපේ නැන්දිගෙ ලොකු පුතා .... එවිටද දිනෙත්  මා දෙස බලා සිටියා මට  මතකය
මම ඔවුන්ගෙන් සමුගෙන ගෙදර පැමිණි පසුවත් මට දිනෙත් නිතරම මතක් විය. ඔහුගේ මුනේ නිතරම ලස්සන හිනාවක් තිබුණි. ඒ ලස්සන පුංචි ඇස මට මැවී පෙනෙන්නට විය. ඇත්තටම දිනෙත් හරිම ලස්සන කඩවසම් කොල්ලෙකි ආත්ම ගණනක් පුරාවට හුරු පුරුදු බවක් ඒ මුහුණේ මට දැනුනි.මගේ සිතේ ඇදී තිබු මගේ හීනයේ සිටි මගේ පෙම්වතාගේ රුවට දිනේත්ගේ රුව සමාන වීම පුදුමයකි. මගේ හිතට දරා ගත නොහැකි සතුටක් දැනෙන්නට විය.