My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Thursday, March 21, 2013

ප්‍රෙමය පුදදී අවසානයි පහළොස් වන දිගහැරුම









මම මහා රෑ ම ටැක්සි එකක් කතා කරගෙන නේහලගේ ගෙදරට ගියා යනකොට ගෙදර කවුරුත් නැ මම බැග් එකත් තුරුල් කරගෙන ගෙයි ඉස්සරහා තිබුණු බ්න්කුවෙන් වාඩි උනා පුදුම සීතලක් දැනෙන්නේ මන් හිතුවේ මම හිතලින් ගල් වෙයි කියලා මගේ වාසනා වටද කොහෙද නිසල් ගේ වාහනේ ඒ එක්කම වගේ අවා.
දෙවියනේ හිරු මොකද මේ.....  

නේහායි නිසලුයි හොදටම බයවෙලා  

හා හා යමුකෝ ගෙට ගේ ඇතුලට ගිහින් කතා කරමුකෝ.....  

මට ලංකාවට යන්න ඕන නිසල් අනේ මට උදවු කරන්න....  

පිස්සු කරන්න එපා හිරු.... තාරු පිස්සෙක් වෙයි...  

අනේ ඒ ගැන මතක් කරන්නවත් එපා නිසල් ඔයාට පුලුවන්නම් මට උදවු කරන්න නැත්නම් මම තනියම ඒ දේ කරගන්නම්


මගේ පුරුදු හිතුවක්කාර ගතිය කාලෙකට පස්සේ අයිත් මතු උනා 



කියන්න හිරු මොකද උනේ....

මම වෙච්ච හැමදේම එක හුස්මට නේහට කියාගෙන ගියා....

චික් තාරු මහා ජරා යකෙක්නේ මම හිතුවේ නැ මිනිහා මේ වගේ කැත වැඩ කරනවා කියලා....

මම ඇස් දෙක පියා ගෙන කල්පනා කරා ඉස්සරහට මොනාද  කරන්න ඕන කියලා එත් මුකුත්ම කල්පනාවට අවේ නැ .

දැන් ඔයා ටිකක් නිදා ගන්න හිරු අපි උදේට කතා කරමු.

නේහා මාවත් එක්කරන් කාමරේට ගියා නිදි මත අහලකවත් තිබුනේ නැ ඒ බව නේහට තේරුණා නිසා වෙන්න ඇති මට ස්ලිපින්ග් ටැබ්ලට් දෙකක් දුන්නා. ඒ දෙක බිලා මම ඇදෙ හාන්සි උනා.

ඔයා දැන් නිදා ගන්න හිරු අපි කරන්න ඕන මොනවද කියලා උදේට හිතමු.

එහෙම කියලා මගේ ඔලුව අතගාලා කාමරේ ලයිට් එකත් ඔෆ්  කරන නේහා යනවා විතරයි මට මතක.

..............................................................................................................................................................

උදේ නැගිටිනකොට තිබුනේ පුදුම හිතලක් මන් ලංකාවේ ඉන්නකොට කොච්චර අසාවෙන්ද හිටියේ මේ වගේ හිම වැටෙන කාලෙක ලස්සන බලන්න. එත් දැන් ඒ හැමදේම නැති වෙලා ඉවරයි. මම ඇදෙන් බැහැලා මුණ හොදන් සාලෙට යනකොට කෞව්රුත් හිටියේ නැ. මම මිදුල දිහා බලාගෙන කල්පනා කරා කොහොමද දෙවියනේ ඉස්සරහට මම ජිවත් වෙන්නේ අනේ මගේ හිතත් මේ හීතලට ගල් වෙලා යනවනම් මේ හැමදේම අමතක වෙන්න. කොච්චර හොදයිද දෙවියනේ.

හිරු .....

මම ගැස්සිලා ගියා නිසල් දොර අරගෙන ගෙට ඇවිත් මගේ ලගට එනකම්ම මම දැක්කේ නැ....

ඔයා උදේට කෑවද හිරු නේහා කෑම ලැස්ති කරලා තියලා ගියේ. එයාට අද නිවාඩු ගන්න බැරි උනා....

මේ ටිකේම නිවාඩු ගත්තනේ....

හිරු.... මොකද කතා නැත්තේ... මමයි  නේහයි  ත් කතා උනේ ඔයා ලංකාවට යන එක හොදයි කියලා ටික දවසකට හරි ඔයාගේ හිතත් හැදෙයිනේ.

 මම ඔයාට ටිකට්  බුක් කරලයි අවේ.... හෙට උදේ 5.30 ට ඔයාට යන්න පුළුවන්

මම මුකුත් කතා කරේ නැ හිත් පිත් නැති ගල් පිළිමයක් වගේ බලාගෙන හිටියා

හිරු... මොකද ළමයෝ ඔයාට වෙලා තියෙන්නේ නිසල් මගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් ඇහුවා

එත් මට ඒ වෙලාවේ මුකුත් කියා ගන්නවත් හිතාගන්නවත් බැරි උනා.

කතා කරන්න හිරු කතා කරන්න....

ඔයා අර වගේ ගුනමකුවෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා මම අද උදේම call කරාම උ කියපුවා ඔයාට අහුනනම් ඔයා පොලව පාලන යනවා උ මහා කැත මිනිහෙක්.

නවත්තන්න නිසල්.... තව වචනයක්වත් කියන්න එපා මට ඒ මුකුත් අහන්න ඕන නැ අනේ මට තව නිදි පෙති දෙකක් දෙන්න මේ දේවල් අමතක කරලා නිදා ගන්න....

ඔච්චර නිදි පෙති බොන්න හොද නැ හිරු.....

ඔයා ඇදට ගිහින් නිදා ගන්න දැන් නේහා එයි මම call කරන්නම් අද වරුවෙන් එන්න කියලා අපි හවසට ඇවිදින්න යමු මාත් අද නිවාඩුයි.....

  මම කාමරේට ඇවිත් කල්පනා කර කර ඉදිද්දී දන්නෙම නැතුව මට නින්නද ගිහින් .





නැගිටිනකොට මුළු ඇගම රිදෙනවා හරියට තලලා දාලා වගේ මන් එහෙන්මම අයිත් රෙද්ද පෙරවගෙන ගුලි උනා. හිතල වෙඋලනවා කාමරේ ඇතුලේ උණුසුම් කරලා තිබ්බත් පුදුම හිතලක් දැනුනේ. ඒ එක්කම වගේ කාමරේ දොර අරුනා. ඔලුව උස්සලා බලන්නවත් මගේ ඇගට පණක් තිබුනේ නැ මම එහෙමම අයිත් ඇස්  පියා ගත්තා.

හිරු මේක බිලා අපි යමු බෙහෙත් ටිකක් ගන්න ඔයාට ගින්දර වගේ උන ළමයෝ

නේහා මට නැගිටින්න උදවු කරන ගමන් කිඋවා .

මට බෙහෙත් ඕන නැ  නේහා  මට දැන් මැරෙන්නයි ඕන අනේ ඔයාටයි නිසල්ටයි පින් නේහා මට මෙහෙම උදවු කරනවට මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ.....

ඕක මොකද්ද හිරු මනුස්සයෙක්ට කරදරයක් උනාම ලග නැති යාලුවෝ මොකටද මොනදේ තිබුනත් වැඩක් නැ හිරු මනුස්සකම නැත්නම්.....

හ්ම්ම්ම්ම්ම් එකනම් ඇත්ත මම ලොකු හුස්මක් ඉහලට අදින ගමන් මන්  කිඋවා.

ඔච්චර හයියෙන් හුස්ම ගන්න එපා මණික මාවත් එක්ක ඇදිල එයි....

දොර ගාවින් ඇහුන ඒ කටහඩින් මන් ගැස්සිලා ගියා දෙවියනේ තාරු අයියා.

හානේ  තාරන්‍ය එන්න ඇතුලට එහෙනම් මේ සුප් එක ඔයාම පොවන්න මන් එලියට යන්නම්.

තාරු අයියා නේහා ගේ අතින් සුප් එක අරන් මන් ලගින් වාඩි උනා.

අනේ බබා ඇග හොදටම රස්නෙයි මේ මෙහාට දැනෙනවා රස්නේ කෝ මේක බිලා ඉන්න මම ඩොක්ටට call දැන් එනවා ඇති මේක බිලා මුණ හෝදගන්න.

මම මුකුත් නොකියා අහක බලාගන හිටියා.

මණික මේක බිලා ඉන්නකෝ....

වදින්නම් තාරු මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔයා යන්න.....

මන් උණ හැමදෙම් ඔයාට පස්සේ කියන්නම් බබා මම ඔයාට විතරයි මේ ජීවිතේටම ආදරේ කරේ.....

මට මුකුත් දැන ගන්න ඕන නැ ඔයා මෙතනින් යන්න pleasa....

මම පෙරවන් හිටපු රෙද්ද අයින් කරලා බාත් රූම් එකට ගිහින් දොර වහගෙන් බිම වාඩි  වෙලා හොදටම ඇඩුවා හිරු දොර අරින්න නේහා යි නිසලුයි දොරට ගහන ගමන් කැ ගැහුවා මේ දොස්තර ඇවිත්...

අරයට යන්න කියන්න නිසල් පින් සිද්දවෙයි.....

ඊට පස්සේ ටික වෙලාවක් යනකම් සද්දයක් තිබුනේ නැ ....

මම මුණ හෝදගෙන එලියට අවා හිතට ලොකු සනසිමක් නොදැනුනා නෙමෙයි තාරු ආපු නිසා මන් වැරදි නැ කියලා තාරු දන්නවනේ.....

මන් එනකොට තාරු ගිහින් පපුව ඇතුලෙන් ඇවිලුණු ගින්දර මුළු ඇගම දවලා අළු කරන තරම් වෙදනාව ක් හිතට දනුනා.

තාරු ගියාද නේහා.....

ආවු කෙල්ලට දුක හිතිලා වගේ නේද නිසල්....

මට ඇති දුකක් නැ ... ඒ උනාට ....

මොකද ඒ උනාට.....

නැ  මුකුත් නැ....

දැන් බෙහෙත් ටික අරන් ඉන්න ඩොක්ටටත්  පරක්කු වෙනවා දැන් ගොඩක් වෙලා ඇවිල්ලා    දොස්තර  කාමරේට ඇවිත් මාව බලලා බෙහෙත් දුන්නා.

ජිවිතේට ප්‍රශ්න එනවා ළමයෝ ඒ දේවල් වලට නිර්බිතව මුහුණ දෙන්න ඕන..... ප්‍රශ්න වලින් පැනලා යන්න හොද නැ

ඩොක්ටනම් හරිම කරුනාවනතයි. ඒ ඇස්  වල කරුණාව පිරිලා තිබුනා. මන් හිතන්නේ අවුරුදු 50 විතර වෙනවා ඇති.

ඩොක්ට ගොඩක් කල්ද ලංකාවේ ඇවිත්...

ඔවු ළමයෝ දැන් අවුරුදු 20 ක් හැබැයි නිතරම ලංකාවට යනවා....

මන් හිනා වෙලා අහන හිටියා ජිවිතේ ගැන උපදෙස් ගොඩාක් දීලා ඩොක්ට යන්න ගියා....

මන් හිතන්නේ බෙහෙත් තුණ්ඩුව ලියලා නිසල්ට දෙන්න ඇති කවුරුත් කාමරේට අවෙත් නැ ....

මන් ඇදේ  හන්සිවෙලා කල්පනා කරා. ඇත්ත තමයි මෙච්චර හිතුවක්කාර වෙන්නත් හොද නැ  මට හැමදාම වැරදුනේ හිතුවක්කාර කම නිසා. ඒ උනාට නිරු එවපු පින්තුරයි කියපු කතායි මතක් වෙනකොට හිත හදාගන්න අමාරුයි.....

මොකද කෙල්ල කල්පනාව....

එහෙම කියා ගෙන නේහා යි නිසලුයි කාමරේට අවා.

මුකුත් නැ ....

ඔහොම දුකෙන් ඉන්න එපා හිරු එදා තාරු හොද සිහියෙන් නෙමෙයි ඉදලා තියෙන්නේ එදා ඒ වැඩේ අර අගර දෙක එකතු වෙලා කරලා තියෙන්නේ නිරු රට කාපු කල්ල කපටි අම්මණ්ඩි එක හැමෝම දන්නවා. මන් හිතන්නේ තාරු ගේ අක්කට ඕන මල්ලිව සල්ලි වලට විකුනන්න එයාට නම්බුවයි මහන්තත්වෙයි තියා ගෙන ඉන්න පුළුවන්නේ නැත්නම තාරුට ඇති අදරේකට නෙමෙයි. ඒ දෙන්න තාරුට වෙච්චදේ තව හොදට ලුණු අබුල් දාලා වැඩිපුර කියලා. තාරු සාදාරනයි මම උනත් ඒ දෙන්න කියපු කතා වලට ඉවසන් ඉන්නේ නැ . තාරුවා ඔහොමවත් ඉවසුවා මන් නම් හොයාගෙන ඇවිත් මරනවා.

මොනවද නිසල් කියලා තියෙන්නේ...

ඒවා වැඩක් නැ  හිරු....

නැ මට කියන්න නිසල්....

මට ඒවා ඔයාගේ මුණ බලාගෙන කියන්න බැ ..... please  මගෙන් ඒවා අහන්න එපා ඔයයි මමයි කාමරේ ඉදලා කිඋවලු එලියට අවේ තා හොද හොද ඒවා කියලා  තාරු ඔයාව අවිශ්වාස නොකරත් ඒ වෙලාවේ ඒ කියපුවට යකා නැගලා කවදාවත් නොබොන තාරු මේ උස උඩ තිබුණු අරක්කු බෝතලේම එක පාරට කට ගහගෙන එක හුස්මට බිලා. එකත් අර අම්මන්ඩ් ලා

දෙන්න හොදට ප්ලැන් කරලා නැත්නම් මහසෙන් අයියාවත් අරක්කු බොන්නේ නැති ගෙදර කොහෙන්ද අරක්කු බෝතලයක් මෙසේ උඩට අවේ. බොනවා විතරලු තාරුට මතක ඊට පස්සේ මුකුත් මතක නැතිලු ඒ ගමන් ඩොක්ට ඇවිත් බෙහෙතුත් දීලා කවදාවත් බිලා පුරුදු නැති නිසා මිනිහට හොදටම අමාරුවෙලා.

 

මන් අදහගන්න බැරුව වගේ ඇස්  දෙක ලොකු කරන අහගෙන හිටියා.....

 ඉතින් නිසල්....

අද හවස තමයි  ඇගට ටිකක් පන ඇවිත් තියෙන්නේ.... 

ඊයෙ රැ ගෙදර එන්න එනකොට call කරලා තමයි අක්ක එහෙට ගෙන්න ගෙනතින්නේ ලොකු කරදරයක් කියලා නැත්නම් තාරු කීයටවත් ඔයා ලගට එන්නේ නැතුව එහෙ යන්නේ නැ  කිඋවා...... පස්සේ කල්පනා කරනකොට තාරුට හිතිලා හොයලා බලන්න ඔයා නිදන් ඉදිද්දී මෙහේ ආවේ අපි දෙන්න හැම විස්තරයක්ම කිඋවම මිනිහා පොඩි ළමයෙක් වගේ ඇඩුවා ඔයාව අවිශ්වාස කරා ඔයාගේ හිත රිද්දුවා කියා කියා.....

මගේ ඇස්  වලින් හෝ ගලා කදුළු අවා...

දැන් අඩන්න එපා හිරු ඒ ගොල්ලෝ කර ගත්තු පවු ඒ ගොල්ලෝ අරන් යයි ඔයයි තාරුයි සතුටින් ඉන්නකෝ සමගියෙන්.....

 

නේහා මගේ ඔලුව අතගාන ගමන් කිවුවා.

දැන් කෝ තාරු...

අම්මේ කෙල්ලගේ මුනේ තියෙන පෙම්  පාට.... අන්න එයත් ටිකට් බුක් කරන්න ගියා ඔයා එක්කම යන්න ඒ ටික කරගන්නයි නිවාඩු දාන්නයි ඕන නිසා ගියේ නැත්නම් ඔයා ගහලා එලේවුවත් යන්නේ නැ  කිවුවා.

ඔයාට මාර ආදරෙයි හිරු තාරන්‍ය. ඔයා හරිම ලකී....

දැන් ටිකක් නිදා ගන්න මේ බෙහෙත් ටික බිලා තාරු ආවම අවදි කරන්නම් ......

නේහා වතුර වීදුරුවත් එක්ක බෙහෙත් ටික ලං කරා ...

මන් එක හුස්මට බෙහෙත් ටික බිලා හාන්සි උනා ලෙඩෙන් බාගයක් දැන් හොද උනාට තාම උන ගතිය තියෙන නිසා ඇගට පන නැ වගේ.

ඔයාල දෙන්නටම පින්...

පිස්සි යාලුවොන්ට පින් දෙන්නේ නැ උදවු කරාම තේරුනාද...

හ්ම්ම්ම් සොරි  නිසල් මන් හිනා උනා....

නිසලුයි නෙහායිත් හිනා වෙන ගමන්  කාමරෙන් එලියට ගියා.

මන් හිතේ සැනසීමෙන් හාන්සි උනා දන්නෙම නැතුව නින්නද ගිහින් මන් නැගිටී මගේ ලගින්ම දැනුනු තාරු ගේ උණුසුමෙන් මේ ආදරය මේ උණුසුම නැතුව මට කවදාවත් ජිවත් වෙන්න බැ  මගේ  හිත එහෙම කියලා කැ ගැහුවා.

මන් හිමින් සැරේ ඇස්  ඇරලා තාරු දිහා බැලුවා. තාරු මගේ නළලට ආදරණිය උණුසුම් හාදුවක් දුන්නා මන් තාරුට තවත් තුරුළු උනා.

 

අයියේ....

මුකුත් කියන්න එපා මැණික..... දැන් ඒ හැමදේම ඉවරයි...ම්ම්ම්ම්  තාරු ආදරයෙන් මගේ නිකටෙන් අල්ලලා මගේ මුණ එයා දිහාට හරවා ගන්න ගමන් කිවුවා.

                                 
                                මතු සම්බන්දයි




Wednesday, November 7, 2012

එක් දිනක් නුබ මට පෙම් කරන්නැති













සිත මගේ අද නැවතිලා

සිතන්නට මට සිතක් නැති තරමට

ඔබ රැගෙන ගොස් මට අයිති හිත

ඔබත් කොහේදෝ සැගවිලා

අහිමි බව දැන  දැනත්  මා

ඔබේ පා මුල නැවතිලා

එක්  දිනක් නුබ මට පෙම් කරන්නැති

මකා ගන්නට නුබේ තනිකම

නමුත් මා නම් පෙම් කලේ....

ලගින් ඉන්නයි හැම භවේකම

නුබට රිසිනම් හැර යන්න මා 

තනිව ඉන්නම් හැම භවෙකම

ඔබේ මතකය සිත තබාගෙන

ජිවිතේ නවතා තියා ඔබ

Monday, September 24, 2012

අමාවකට පැයු සද

මට මේ ජීවිතය දමා යන්නට උවමනාය. මට මේ ලෝකය ගැනම ඇත්තේ ලොකුම ලොකු කලකිරීමකි ජීවිතය මෙසේ අපායක වේයැයි මම කිසිදිනක නොසිතුවෙමි. එත් මට දැන් හුදකලා වීමට අවශ්‍යය. කොහේ හෝ ඇතකට ගොස් තනිවෙන්නට උවමනාය. මේ ලෝකයෙන් ඇත ව යන්නට උවමනාය. එත් මගේ මුළු හදවත පුරාම ඔබ නිතර සැරිසරයි. එක තප්පරයක් වත් ඔබ මට තනිවන්නට ඉඩ නොදෙයි. දමා යා නොහැකි එකම දේ ඔබයි ඔබ පදින්ච්චි වී සිටින මේ හදවතයි. ඔබ මා හදවතේ සින්නක්කකර පදිංචි වී ඇත මේ තරම් දුක හිතෙන්නේ ඒ නිසාය. ඔබ ලගට යන්නයි මගේ මුළු  ආත්මයම කැ ගසා කියයි. එත් ඔබ මා පිළිගන්නට සුදානම් නැත. ඔබට පැලෙන්නට තරම් ආදරය කර මේ හදවත පිලි ගන්නට ඔබට උවමනාවක් නැත.
                                          මේ නගරය පුරා ඇත්තේ.... අපේ ආදරයේ මතකයන්ය ඔබව මුලින්ම හමු වුයේද මේ බෝ සමිදු අබියසදිය ඒ ඉතාම ලස්සන පුන් පොහෝ දිනයකදීය එදා බෝ සමිදුන්ට ඉහල අහසේ තිබුනේ තුනී මන්දාරමක් බව සැබෑය. එහෙත් ඒ මන්දාරම පවා ලස්සනය.
ඔබ සිහි වී මුළු හිතම සතුටින් පිරි යයි. එත් එය සුළු මොහොතකට පමණි. මට ඉකි බිද හැඩෙයි මම හිස පාත් කරගෙන බෝ සමිදු දෙසට යන්නෙමි. කොතරම්  හැඩුවද  කොතරම් දුක් උවද  පපුව දැවී පිච්චි ගියද මම තවමත් බෝ සමිදු අබියසට පෙම් කරමි. මගේ ජිවිතයේ මා දුටු අදරනියම හදවත .... ලස්සනම හිනාව.... මට හමු වුයේ මේ පින්බර බෝ සමිදු අබියසදීය. යලිත් තවත් කෙනෙකු හමු වීමේ අපේක්ෂාවෙන් තවත් මගක යන්නට මට හිතක් නැත. රත්තරනේ ඔබ හමුවන තුරු මම බෝ සමිදු අබියස බලා සිටිමි. දවසක ඔබ මගේ වෙන බව මම දනිමි. එත් කෙදිනක කොහේදී ඔබ මා එක් වේදැයි මා දන්නේ නැත.
           ඔබගේත් මගෙත් ආදරයේ මුදුන් මල්කඩ මගේ කුස තුල හුස්මගන්නා බව ඔබ දන්නවානම් ඔබට කුමක් සිතෙනු ඇත්දැයි මට සිතා ගත නොහැක. ඔබෙත් මගෙත් දැත් අතරට පුංචි පැටියෙක්ව මැදි කරගෙන මේ නගරයේ ඇවිද යන්නට මා පැතු සිහින කොතරම්ද. එත් හෙට දින අපේ පුංචි පැටියටත් මටත් තනිව ජිවන ගමන යන්නට වන බව මම දනිමි.
                                                                           ඔබ මුලින් මා දිහා බැලු හැටි මට තාම මතකය ඔබේ තුරුලට වී මේ නගර දෙක අතර කොතරම් අපි ගමන් කරන්නට ඇත්ද ඉස්සර ඔබ හැම දිනකම මා බැලීමට පැමිණියාය. ජීවිතය සුන්දර වුයේ එදා පටන්ය ඔබ හමු වූ දින පටන්ය.
මා මුළු ජිවිතයම යන්නට පැතුවේ ඔබත් සමග පමණි. ඔබ නැතිනම් මම මේ මග තනිවම යමි. අපේ ආදරයේ සුන්දර මතකයන් සිහි කරමින් තනිවම යාම මට  සැපකි. ඔබත් සමග ගිය මග තවත් කෙනෙකු සමග යා නොහැක ඒ තරමටම ඔබේ ආදරය බලවත්ය පින්බරය... රසබරය..... අපේ අතීතය කෙතරම් මිහිරිද ඔබ මට හිමි නොවුනත් මට පාළුවක් නොදැනේවි. ඒ අපේ පුංචි පැටියාත් අපේ අතීත මතක ගොන්නත් නිසාය.

                                               පෙරදා ඔබ මා එනතුරු බලා උන්නේ මාතර බස් නැවතුම්පලට වීය. ඔබේ දිලිසෙන දෑස දුටුවම මගේ පපුව හිරවෙයි... ඊටත් පසුව පපුවේ මල් වෙඩිල්ලක් පිපිරුවක් මෙන් මහා සතුටක් දැනෙයි. දවස් කියක් අප හමු වුණාදැයි මම නොදන්නෙමි. එහෙත් හමු වූ හැම දිනකම මා ඔබ වෙතට දුව ආවේ. ඔබව ප්‍රෙතම වරට දුටු ආශ්වාද ජනක පිවිතුරු හැගීමෙනි.
ආ විගස ඔබට ඇලෙන්නට මට අවශ්යය සතියක් පුරා ඔබ ගැනම සිතා ඉරු දින පාන්දරම ආ කල මා දකින ඔබව ස්පර්ශ කර අතගා බලන්නට මට ඇත්තේ පුදුමාකාර හදිස්සියකි.දුම්රියේ බසයේ කොතරම් සෙනග සිටියත් සුලගිල්ලෙන් හෝ මම ඔබව අල්ලමි මගේ බද හෝ ඔබේ බදට ලං කරමි. මට අවශ්‍ය ඔබ ලගට ආ විගස ඔබේ උණුසුමට ගුලි වන්නටය. ඔබගේ දෙමාපියන් අපට විරුද්ද වන තෙක්ම ඔබ මට මහා මෙරක් තරම් පෙම් කරා යැයි මම දනිමි.
                                                    රාජපක්ෂ පරම්පරාවේ නම්බුව බේරාගන්නට ඔබ අපේ ආදරය බිලි දුන්නා නොවේද විසුල මට ඔබ ගැන අහිතක් නැත මම තවම ඔබට පෙම් කරමි. ඔබ වෙනුවෙන් අපේ ආදරය වෙනුවෙන් මේ රෝස කැකුළ මම ආදරයෙන් හදා ගන්නෙමි. මේ ගැන ඔබට නොකිවායි ඔබ දිනක මට දොස් නගනු ඇත. එහෙත් කීවයි කියා මේ වෙන දේවල් වල වෙනසක් වන්නේ නැත වෙන එකම දේ ඔබේ මාන්නක්කාර පියා මාවත් මේ මල් කැකුලත් මේ ලොවෙන් අයින් කරනවා හැර අනෙකක් සිදු වන්නේ නැත. උමා සේල්වනාදනට කිසි දින විසුල රාජපක්ෂ මේ ආත්මයේ හිමි වන්නේ නැත. ඔබත් දෙමාපියන් කි ගමන් මේ අසරනියව හැර දමා හිත් පිත් නැත්තෙකු සේ ගිය හැටි මට තවම මතකය.
                                           මමත් මගේ රෝස මලත් තනිවම ඉදිරි ජිවිතයට මුහුණ දෙන්නෙමු. සිංහල මවකගේත් දමිල පියෙකුගේත් ආදරණිය දියණිය වලවුකාර පරපුරක පුතෙකුට ආදරේ කර වරදට අද තනිවම දඩුවම් විදියි.                                                            
ඉතින් මා ජිවත් වීය යුතුය කිරි කැටි සිගිති සිනා දකින්නට ඒ වෙනුවෙන් පේ වී මම ජිවත් වන්නෙමි