My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Thursday, September 13, 2012

ප්‍රේමය පුද දී අවසානයි දොළොස් වන කොටස



සතුට ජිවිතයට එන්නේ ත් දුක ජිවිතයට එන්නෙත් කලක් වෙලාවක් බලා නොවේ. අපි තාරු අයියලගේ ගෙදරට යනකොට  ගේ ලස්සනට සරසලා තිබුනා, ඒ අපේ පුංචි කැදැල්ල තාරු අයියා අපි වෙනුවේම හදපු මගේ අලුත් නිවහන. මම හිතේ දහසක් බලා පොරොත්තු පොදි බැදගෙන මම තාරු අයියගේ අතේ එල්ලිලා මගේ අලුත් නිවහනට ගෙවදුනා. හීනියට හිත ඇතුලේ තෙරපෙන සතුට මුනින් පෙනෙද්දී මම තාරු අයියගේ අත තදින් මිරිකන ගමන් ඒ මුණ දිහා බැලුවා. ඒ මුනේ සතුට උතුරනවා.

 

මොකද බබා ... ම්ම්ම්ම්....
 

තාරු අයියා මගේ කනට ලං කරලා ඇහුවා .
 

මුකුත් නැ ... ආදරේ හිතෙනවා ගොඩක්...
 

ඇත්තද .... මාත් ආදරෙයි මගේ මැණිකට ගොඩාරියක්....
 

හා හා මෙන්න මේ දෙන්න රහස් කතා ...
අපිටත් කියන්න බැරිද ...
 

තාරු අයියගේ යාලුවෝ දාහක් දේවල් කියාගෙන එතෙන්ට කඩා පැන්න ....
 

මම හිනා වේවි බිම බලා ගත්තා. ගෙදර එකම සතුටු සාගරයක් අපේ wedding ෆොටෝ එක ලස්සනට රාමු කරලා ගෙනත් තියලා තිබ්බා. හරිම ලස්සනයි හැමදාම මේ සතුට මේ විදියටම රැදෙන්න කියලා මම හිත ඇතුලෙන් ප්‍රර්ථනා කරා.
 

කවද්ද දුලා යන්න හිතන් ඉන්නේ ..
 

තාරු අයියගේ සුදු නැන්ද මගේ ලගටම ඇවිත් මම දැක්කෙත් නැ .
 

අනිද්දා යනවා නැන්ද ....
 

ඇයි මෙච්චර ඉක්මනට යන්නේ .... තා ටික දවසක් ඉදලම ගියානම් නරකද...
 

අයියට වැඩ ගොඩක් තියෙනවලුනේ නැන්දේ එකයි ඉක්මනට යන්නේ ...
 

මම මේ දරුවට කියන්නමයි කියලා හිටියේ ගියාම ඔයි අම්මණ්ඩි එක්ක වසන්නේ ප්රෙවෙසමෙන් හොදෙයි ....
 

මන් යනවා අර පැත්තට ....
 

සුදු නැන්ද කියන්නේ තාරු අයියගේ අක්කා ගැන. එයා මට කොහොමත් වැඩිය කැමති නැ එත් ඉතින් මට මොකද මම ඉන්නේ එහෙ නෙමෙයිනේ. මම එහෙම හිතලා හිත හදා ගත්තා.
 

බබා මහන්සිද ...
 

එහෙම අහගෙන තාරු අයියා මන් ලගට අවා .
 

නැ ....
 

එහෙනම් මුණ මැලවිලා ....
 

ටිකක් මහන්සි තාරු අයියේ ....
 

තාරු අයියට මගේ පුංචි වෙනසක් උනත් දැනෙනවා එයා ඒ තරම් මට ආදරෙයි.දවසෙම කට්ටිය නටලා සින්දු කියලා එලි වෙනකොට ගොඩක් අය ගිහින් ඊට පස්සේ දවසේ ඉතුරු උනේ තාරු අයියලාගේ අම්මලයි අපේ අම්මලයි විතරයි. හෙට අපි යන නිසා අපේ අම්මලා නැවතුණා.
 

දැන් ඇදුම් ඔක්කොම ලෑස්ති කරගත්තද ....
 

ඔව් අම්මේ ....
 

මයි කෙල්ල ගියාම මට තමයි පාලු ....
 

අපේ අම්මා එහෙම කිඋවේ ඇස් දෙකේ කදුළු පුරවගෙන .
 

අඩන්න එපා අම්මේ අපි හැම නිවඩුවටම එනවනේ .....
 

දැන් එහෙනම් ගිහින් නිදා ගන්න සුදු දුව උදෙන්ම යන්න ඕනනේ ....
 

මම අම්මට වැදලා තාරු අයියලගේ අම්මටත් වැදලා අපේ තාත්තා හොයාගෙන ගියා තාත්තා එළියේ පුටුවකට වෙලා බර කල්පනාවක .
 

තාත්තේ මොකද මෙතන එන්න නිදා ගන්න යන්න ....
 

හා මගේ සුදු දුව ගිහින් නිදා ගන්නකො මම එන්නම් ....
 

අම්මනම් අඩලා හරි දුක පිට කරනවා එත් තාත්තලා පව් දුක හිතේ හිර කරන් ඉන්නවා පව් මට තාත්තා ගැන ගොඩක් දුක හිතුණා. පුංචි කාලේ තාත්තා මාව වඩාගෙන ඉස්කෝලේ එක්කන් ගියපු හැටි මාව නාවපු හැටි මතක් වෙලා මගේ ඇස් වලට කදුළු පිරුනා. තාත්තා මට ගොඩක් ආදරෙයි ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දුන්නා. අම්මා බැන්නත් තාත්තා බනින්නේ කලාතුරකින් තාත්තවයි අම්මවයි දාලා යන්න මට හිත හදාගන්න අමාරුයි අයිත් ඉස්සර වගේ ඒ දෙන්නගේ පුංචි හිතුවක්කාර දූ සිගිත්ත වෙලා ඉන්න අසයි...
 

මොකද බබා ඇස් වල කදුළු...
 

මට අම්මවයි තාත්තවයි දාලා යන්න බෑ තාරු අයියේ....
 

මම මහා හයියෙන් ඉකි ගහලා අඩන්න පටන් ගත්තා. තාරු අයියගේ පපුවට ඔලුව තියාගෙන මම හොදටම ඇඩුවා.
 

සුදු දුව මොකද මේ.....

ගෙදර හැමෝම කලබල වෙලා. අම්මයි තාත්තයි දෙන්නම දුවගෙන අවා.
 

සිතුට අම්මවයි තාත්තවයි දාලා යන්න බැරිලු....
 

බබා මේ බලන්න අපි හැම නිවඩුවකටම එනවනේ.... අපි ගියාට පස්සේ අම්මවයි තාත්තවයි ටික දවසකට ගෙන්න ගමු.
දැන් අඩන්න එපා... යමු දැන් නිදා ගන්න....
 

තාරු අයියා මාවත් එක්කගෙන කාමරේට ගියා. මම අඩ අඩම නිදා ගත්තා ඒ තරම් මගේ හිතට පුදුම දුකක් දැනුනා අපි හතර දෙනා ගෙදර සතුටින් හිටපු හැටි මල්ලි එක්ක රණ්ඩු කරපු හැටි තාත්තා ට කියලා බත් කවා ගත්තු හැටි හුරතල් උන හැටි තාරු අයියා මට නින්ද යනකම්ම මගේ ඔලුව අත ගගා හිටියා. එක තමයි කියන්නේ අපි ආදරේ කරන කෙනෙක් එක්ක තාවකාලික සතුටක් හොයා ගෙන යනවට වඩා අපිට ආදරේ කරන කෙනෙක් එක්ක හැමදාම සතුටින් ඉන්න පුළුවන් කියලා.
  

බබා නැගිටින්න....
 

මම කම්මැලි කමෙන් ඇග මැලි කඩ කඩ නැගිට්ටා නැගිටලා  තාරු අයියට තුරුල් උණා. එයානම් ලේස්ති වෙලත් ඉවරයි ඔක්කොම බැග්තුත් එලියට අරගෙන .මට තිබුනේ තාරු අයියා තෝරලා තිබුණු ඇදුම මුණ සෝදන් ඇද ගන්න විතරයි.
 

බබා දැන් මගේ හොද මැණික වගේ ලෑස්ති වෙන්නකෝ......
 

හ්ම්ම්ම්...
     

මම ඉක්මනට ලෑස්ති උණා. වැන් එකට නැගලා ගුවන් තොටුපලට ගිහින් මම හොදටම ඇඩුව අම්මයි මල්ලියි තාත්තයි ත් හොදටම ඇඩුවා.
                               හිතෘ  ගුවන් තොටුපළෙන් එලියට එනකොටම තාරු අයියගේ අක්කලා ඇවිත් හිටියා. තව කවුදෝ ගැණු ළමයෙකුත් හිටියා මහා සක්කරවට්ටමක් වගේ පැනලා තාරු අයියව බදාගෙන සුබ පැතුවා. මාත් එක්ක කතා කරෙවත් නැ තාරු අයියා මගේ අතින් අල්ලගේනමයි හිටියේ මට පවු කියලා හිතුණා. අපි තාරු අයියා අලුතෙන් ගත්තු ගෙදරට යන්න වාහනේට ගොඩ උණා. නැග්ග වෙලාවේ ඉදලා මට දැනුනේ මම පිට කෙනෙක් වගේ අක්කා අර කෙල්ල එක්කමයි හිටියේ කවුරු මොනා කරත් මට මොකද මට තාරු අයියා ඉන්නවනේ කියලා මම හිත හදාගත්තා.

                                                                  මතු සම්බන්දයි

10 comments:

  1. හික්ස්...
    සක්කරවට්ටම....
    මරු නම..

    ReplyDelete
  2. :) :)
    ආයෙත් ඔන්න මතු සම්බන්ධයිලු...:)
    අනේ මන්ද..බබා..මණික.....:/ ආදරේ = කාලය කෑම

    ReplyDelete
    Replies
    1. adare ehema thamayi hiru ikamanata wasanaya enawa

      Delete
  3. හ්ම්ම් එන පොට හොද නෑ වගේ

    ReplyDelete
  4. සක්කරවට්ටම ලෙඩක් දායි වගේ.... බලමුකො

    ReplyDelete
  5. හ්ම්ම්... ඊළඟට මොනා වෙයිද??

    ReplyDelete