My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Sunday, July 15, 2012

පුංචි සමනළී - 2 කොටස



                                පුතේ මල්ලි දැන් එනවා ඇතිනේ.. ටිකක් ඉදලම කොපි ටිකක් බොමු ............
                 හා අම්මා යැයි කියා මම අම්මාගේ හිස සිපගෙන කාමරයෙන් එලියට ආවෙමි.
                                                                          හවස මල්ලි පැමිණි පසු අම්මත් මමත් මල්ලිත් කේක් කා කොපි බීවෙමු. තාත්තා පැමිණෙන්නට බොහෝ වෙලා ඇත. ඔහු අද කොළබ ගියේ අම්මට බෙහෙත් අරන් දීමෙන් පසුවය .
                                                                                              පසුදින උදැසන අවදි වී මම පන්ති යන්නට සුදානම් වීමි. අද දිනෙත් මා එනතුරු බලා සිටිනු ඇත ඔහු හැමදාම කාර්යාලයට යන්නට පෙර මා මුණ ගැසීමට අපේ පන්තිය ගාවට පැමිණෙයි. මා වෙනදාට වඩා හැඩ වුයෙමි. කන්නාඩිය ඉදිරිපිට බොහෝ වෙලා සිට හැඩ වුයෙමි. සිතුමි දුවගෙන කාමරයට ආවේ මා පොත් ටික අතට ගත් පසුවය.
                                                                                            ෂා කෙල්ලගේ ලස්සන අදනම් දිනෙත් අයියා උස්සගෙන යයිද දන්නේ නෑ...........
                                 අනේ මේ නිකන් හිටපන් බොරු නොකිය මා පැහයෙන් තලෙළු වුවද මා හට සොදුරු රුවක තිබු බව බොහෝ දෙනා පවසනු මට ඇසි ඇත්තෙමි..........  මාත් සිතුමිත් ගුරු පාර දිගේ ගොස් ගාලු පාරෙන් බසයට නැග ගත්තෙමි. මා පන්තිය අසලට යනවිට දිනෙත් ගේ සුදු පහැති කාරය අරලිය ගස් සෙවනේ නවතා තිබෙනු දුටුවෙමි.
                                                    අන්න ඇවිත් මල් කුමාරයා දුවල ගිහින් කතා කරලා වරෙන් මන් මෙතනට වෙලා ඉන්නම්..........
මම දුවගෙන දිනෙත් අසලට ගියෙමි. දිනෙත් මොහොතක් කතා නොකර මගේ මුහුණ දෙස බලා සිටියාය.           ඇයි මොකද  මේ ගිලින්න වගේ බලන් ඉන්නේ .........
                                      ම්ම්ම්ම්ම් ආදරේට ...............
                                                                ඇත්තද මට ගොඩක් ආදරෙයිද ........
                                                            බබා අද හවස හම්බවෙනවා නේද........
               ම්ම්ම්ම් පන්ති අරුණු ගමන් හොදද සුදු අයියේ .........  එහෙනම් දැන් යන්න පැටියෝ පන්ති පටන් ගනීවි සිතුමිත් බලන් ඉන්නවා
                                   බුදුසරණයි මම යන්නම් සුදු මහත්තයෝ ..............
                                    හා මැණික බුදුසරණයි ............
මම සිතුමි වෙත දිව ගියෙමි. පන්තිය පටන් ගත් වෙලේ සිට මගේ හිතට නිවනක් නැත . අමාරුවෙන් පාඩම වෙත හිත යොමු කලෙමි. හවස 4 පමණ වන විට මට ඉවසිල්ලක් නොමැති විය. හිතට පුදුමාකාර අමුත්තක් දැනෙන්නට විය දිනෙත් හමු සිට මේ වන තුරු දිනෙත් මා හමුවන්නට එන හැම දවසකම මෙසේය හිතට් දරා ගත නොහැකි සතුටක් දැනෙයි මමත් දිනේතුත් හමුවී දැන් මාස 3 පමණ ඉක්ම ගොස් ඇත. තාමත් පළමු දා මෙන්ම මට දිනේත්ගේ හමුවීමේ නවුම් බවක් ඇත.                                                            දැන් දිනෙත් ඇවිත් ඇති......
                            මම සිතුමිගේ කනට ලං කොට රහසින් කීවෙමි
       පන්ති ඇරිය ගමන් මම පාරට දුවගෙන ගියෙමි. දිනෙත් තාමත් පැමිණ නැත පපුව හෝස් ග ඇවිලී ගියාය. මා පාර  දෙස බොහෝ වෙලා බලා සිටියෙමි. මත දිනේතුත් යාලු වී දැන් මාස තුනක් පමණ ගත වී ඇත මෙතෙක් කලකට ඔහු කවදාවත් පරක්කුවී  පැමිණි දවසක් මගේ මතකයේ නැත. මිට පෙර කිසිදාක දිනෙත් පැය බාගයකට වඩා පරක්කු වී නාවේය. බොහෝ වෙලා බලා සිටීමෙන් පසුව මම ගෙදර යාමට බසයට නැග්ගෙමි. ඇස දෙකින් කදුළු එලියට එන එක නවත්වා ගන්නට මම බොහෝ සෙයින් වැයම් කලාය එහෙත්. පපුව පිච්චිගෙන හිතට දැනුනු දුක දරා ගෙන ඉන්නට බැරිවිය.
                                                                                          අමාරුවෙන් කදුළු සගවාගෙන ගෙදර යනවිට අම්මලා පන්සල් ගොස් තිබිණි. අග සෝදාගෙන අදට වැටුණු මම බොහෝ වෙලා කොට්ටය බදාගෙන හැඩුවෙමි.  මා මුලින්ම දිනෙත් දුටුවා ද සිට අද වන තුරු සිදු වූ හැම සිදුවීමක්ම සිතුවම් පටක රුප පෙළක් මෙන් දෙනෙත් අබියස ඇදෙන්නට විය. මා ඒ අතීතය මතක් කරන්නට බොහෝ සෙයින් ආශා කලෙමි .
                                                                                            මට මුලින්ම දිනෙත් හමු වුයේ මාතර බෝ සමිදු අබියසදිය එදා ඉතාම ලස්සන පුන් පොහොය දිනයකි. එදා බෝ සමිදු ඉහල අහසේ තිබුනේ තුනී මන්දාරමකි එහෙත් ඒ මන්දාරම පවා ලස්සනය දිනෙත් එදා මා දෙස බලා සිටි හැටි මට අද මෙන් මතකය මන් පන්තියි ඇරී බෝදිය ඇතුලට වී සිටියේ තාත්ත පැමිණෙන තෙක්ය. එදා තවත් යාළුවෙකු සමග දිනෙත් බෝදියපිටු පස සිටියේ දුරකතනයෙන් කවුරුන් සමග හෝ කතා කරමිනි. මා මුලින්ම දිනේත්ව අදුනගත්තේ සමදරගේ පෙමවතගේ මිතුරෙකු ලෙසය. මාත් සමදරත් බෝදිය පිටු පසට ගිය විට දිනෙත් වහා දුරකථනය තබා මා දෙස බලා සිටියා මට අද මෙන් මතකය. සමදරා දුව ගොස්  සුදු අයියා සමග කතා කරන්නට විය.
                                                                                නෙතු මේ අපේ සුදු අයියා..... ම්ම්ම්ම් අපේ නැන්දිගෙ ලොකු පුතා .... එවිටද දිනෙත්  මා දෙස බලා සිටියා මට  මතකය
මම ඔවුන්ගෙන් සමුගෙන ගෙදර පැමිණි පසුවත් මට දිනෙත් නිතරම මතක් විය. ඔහුගේ මුනේ නිතරම ලස්සන හිනාවක් තිබුණි. ඒ ලස්සන පුංචි ඇස මට මැවී පෙනෙන්නට විය. ඇත්තටම දිනෙත් හරිම ලස්සන කඩවසම් කොල්ලෙකි ආත්ම ගණනක් පුරාවට හුරු පුරුදු බවක් ඒ මුහුණේ මට දැනුනි.මගේ සිතේ ඇදී තිබු මගේ හීනයේ සිටි මගේ පෙම්වතාගේ රුවට දිනේත්ගේ රුව සමාන වීම පුදුමයකි. මගේ හිතට දරා ගත නොහැකි සතුටක් දැනෙන්නට විය.  

1 comment:

  1. akkiyooooooooo mata sakaiiiiiii...me oyage aththama siddiyakdaaaaaa????digatama liyanna akkiyoo

    ReplyDelete