My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Monday, August 20, 2012

ප්‍රේමය පුද දී අවසානයි සත් වන දිගහැරුම

මම ක්ලාස් ගිහිල්ලත් හිටියේ ගොඩක් සතුටින් දවල් වෙනකොට මගේ ෆෝන් එකට කෝල් එකක් අවා ගිම්හාන්ගෙන්

සිතු....

ඔව් අයියේ...

ඔයා ක්ලාස් එකේ නේද ඉන්නේ මම වැඩකට ටවුන් එකට එනවා ඉන්ටර්වල් එකේ එන්න පුලුවන්ද හම්බවෙන්න මට ඔයාට කියන්න දෙයක් තියෙනවා...

හා මම එන්නම්

එහෙනම් මම තියන්නම්

බුදුසරණයි.....

බුදුසරණයි......

          මගේ හිතට දැනුනේ පුදුම සතුටක් මම ඉන්ටර්වල් එකේ මම ක්ලාස් එකෙන් එලියට එනකොටම ගිම්හාන් ඇවිත් හිටියා මම දුවලා ගිම්හාන් ලගට ගිය ගිහින් අතේ එල්ලුණා. එත් අපි දෙන්නගෙන් කවුරුවත් වචනයක් වත් කතා කරේ නැ අපි බීච් එකට ගිහින් ඇත තිබුණු සිමෙන්ති බැංකුවක ඉදගත්තා මුහුද වෙනදා වගේමයි රැල්ල වෙරළට ඇවිත් ගල් වල හැපිලා සුදු පෙන කැටි විසුරනවා. ඇත මුහුදේ පුංචියට නැවක් පේනවා වෙනදනම් ආවම අපි දෙන්නා මුහුදේ යන නැව් ගණන් කරනවා එත් අද අපි ලගින් හිටියත් ගොඩක් ඇතයි. මම අපේ අතීතෙ මතක් කර කර ඉන්නකොට ගිම්හාන්ට කෝල් එකක් අවා එත් ගිම්හාන් කතා කරේ නැ මම ගිම්හාන්ගේ ෆෝන් එක උදුරන් බැලුවා ඉස්සරනම් මම ෆෝන් එක ඉල්ලපු ගමන් මට දෙනවා එත් ලගකදී ඉදලා මම ඇඩුවත් ගිම්හාන් මට ෆෝන් එක දෙන්නේ නැ මැසේජ් එකක් ඇවිත් තිබුනේ විහගිගෙන්. එකේ ලියලා තිබුණු දේවල් දැකලා මගේ මුළු ඇගම පන නැති වේලා ගියා

                     අනේ ඇයි අයියේ ඔයා මන් එක්ක කතා කරන්නේ නැත්තේ ඔයාගේ සුදු නෝනා ඔයාට එපා වෙලාද ඔයාගෙන් උම්මා ඉල්ලලා හුරතල් වෙන මන් ගැන ඔයාට පොඩ්ඩක්වත් දුක නැද්ද මම සතියකින් කෑම කාවේ නැ

පුදුමයි මෙකි මරුනේ නැති එක සතියක් නොකා ඉදලා

මම ඇඩුවා හොදටම ඇඩුවා

මෙකි ඉල්ලලා තියෙන්නේ මට අයිති දේවල් අයියේ.....

මම ගිම්හාන් බදාගෙන හොදටම ඇඩුවා තව sms  ගොඩක් තිබබා එක එක විකාර ලියපු

ඔයාල දෙන්නට අමතක කරන්න බැරි තරම් ලොකු අතීතයක් තිබ්බද.....

ඒ හොල්මනට පිස්සු සිතු.....

මට පෙන්නේ ගිම්හාන් ඒ සම්බන්දෙ නවත්තලා වගේ. එත් දෙවියනේ මට බෑ කවදාවත් ගිම්හාන්ට ඉස්සර වගේ ආදරේ කරන්න එත් මට ගිම්හන්ව ඕන.

සිතු.... මට සමාවෙන්න 

ගිම්හාන් හෝ ගාලා ඇස් වලින් කදුළු වැටෙද්දී කිවුවා

ඔයා වගේ කෙනෙක් මට කවදාවත් හම්බවෙන එකක් නැ අපි පරණ දේවල් අමතක කරලා ඉස්සර වගේ ඉමු. සිතු කියන්න වස්තුවේ මට සමාව දෙනවද

මම ගිම්හාන්ට ආදරේ කරපු තරමට මොන වැරැද්ද කරත් මට ගිම්හාන්ව අත අරින්න බෑ මම මගේ ලේන්සුවෙන් ගිම්හාන්ගේ කදුළු පිහිදලා ඒ පපුවට තුරුළු උණා

අපි ඇත මුහුද දිහා බලන් ගොඩක් වෙලා හිටියා...

කොහොමද අයියේ ඔයාට විහගිව මීට් උනේ.....

ඉසුරුලයි අක්කගේ මගුල් ගෙදරදී.....

මම ඊට වඩා ඒ ගැන අහන්න ගියේ නැ දැන් ඒ දේවල් වැඩක් නැති නිසා.......

වෙනදා වගේම අපි දෙන්නා ගොඩක් ආදරෙන් කතා කර කර ඉදලා වෙන් වෙලා ගියා. එදා ඉදලා අපි ආයෙත් ආදරෙන් ඉන්නවා දැන් ඉස්සරටත් වඩා ගිම්හාන් මට ආදරෙයි.

                    මම කොල්ලුපිටියටම ඇවිත් දන්නෙත් නැ මම බහින කොටම නිසල් ගෙන් කෝල් එකක් අවා මම අන්සර් කරේ නැ මම වචනෙකින්වත් ගිම්හාන්ට ද්‍රෝහී වෙන්න ඕන නැති නිසා මම ඒ නම්බර් එක බ්ලැක් ලිස්ට් දාලා ඩිලීට් කරා අයිත් කවදවත් කතා කරන්නේ නැ කියලා හිතා ගත්තා. මම ක්ලාස් එකට යනකොටම අනුෂ් ඇවිත් හිටියා.

කොහොමද හිරු මම ඔයා එනකම්මයි බලන් හිටියේ....

ඒ මොකටද අනුෂ්....

මමත් හිනා වේවි ඇහුවා....

මම ඔයාට පුංචි තෑග්ගක් ගේනවා...

අනේ මට මොකටද තෑගි .....

අපේ තාත්ති ඊයේ ලංකාවට අවේ.....

ඉතින් මම ඔයා ගැන කියලා ඔයාටත් තෑග්ගක් ඉල්ලා ගත්තා....

මන් ගැන මොනාද කිවුවේ....

ඔයා හරිම හොදයි  ඔයා මගේ හොදම යාළුවා ඔයා ලස්සනයි

අනුෂ් මන් ගැන වැරදියට හිතලවත්ද මම මනුස්සකමට්යි කතා කරේ එත් ඉතින් පිට කොල්ලොන්ට පේන මගේ ලස්සන ගිම්හාන්ට නොපෙනුන එක ලොකු දුකක්

මම අනුෂ් එක්ක හිනා වෙලා ගිහින් ඉස්සරහම ඩෙස් එකේ වාඩි උණා.

.ආ මෙන්න...

අනුෂ් මට පුංචි බොක්ස් එකක් දීලා ගියා මම ඒ වෙලාවේ නම් එක බැලුවේ නැ. මට බලන්න ලැජ්ජා හිතුණා.

                                                                 

හවස ක්ලාස් ඉවරවෙලා ගෙදර එද්දී හොද පන ගිහින් ගෙදර ආපු ගමන් ගිම්හාන්ට කෝල් කරා

කියන්න මැණික.....

ඔයා මොකද කරන්නේ අයියේ....

මුකුත් නැ මැච් එක බලනවා....

ඔයා දැන්ද ආවේ....

ඔව් මම ඇග සෝදන් ඇවිත් ඔයාට කෝල් එකක් දෙන්නම් .....

හා සිතු ඉක්මනට ගන්න මට ඔයා නැතුව පාලුයි.

මම කෝල් එක කට් කරනවත් එක්කම තාරු අයියා කතා කරා.

සිතු මට හදිස්සියේම යන්න වෙලා මම හෙට රැට යනවා, මම අයිත් එනකොට තීරණයක් අරන් ඉන්න.

ඇයි තාරු අයියේ හදිස්සියෙන්ම යන්නේ 

කම්පනි එකේ පොඩි ප්‍රශ්න වගයක් මම ඔයාට ගිහින් කෝල් කරන්නම්

බුදුසරණයි තාරු අයියේ....

බුදුසරණයි මෝඩ වැඩ නොකර ඉන්න හොදද

එහෙම කියලා තාරු අයියා ෆෝන් එක තිබබා.

                   මට දුකයි තාරු අයියා ගැන මන් දන්නවා ගිම්හාන්ට කැමති වෙච්ච එක ගැන මට කවදාහරි පසු තැවෙන්න වෙයි. ඔයි විදියට මාස තුනක් ගෙවිලා ගියා කාටවත් නම්බර් එක හොයාගන්න බැරි වෙන්න මායි ගිම්හානුයි දෙන්නම ෆෝන් නම්බස් මාරු කලා. ගිම්හාන් නම් මාරු කලේ එයාට විහගිගෙන් බේරෙන්න බැරි නිසා. මාරු කරත් එයාගේ අනිත් ෆෝන් එකට පරණ සිම් එක නිතරම දානවා මට එක තේරුනේ දවසක් මන් එක්ක කෝල් එකක ඉන්නකොට ගිම්හාන් ගේ යාලුවෙක් කිවුවා අරකෙ මිස්ඩ් කෝල් 10 තියෙනවා කියලා. ඔයි වගේ ගොඩක් දේවල් නිසා මට ඉස්සර වගේ ගිම්හාන්ට ආදරේ කරන්න බැරි උණා මට නිතරම විහගි මතක් උණා තව දවසක් ගිම්හානුයි මමයි කඩේක ඇදුම් තෝරනකොට විහගිගෙන් කෝල් එකක් ආවා ගිම්හාන් ගත්තේ නැ එත් 10 පාරක් විතර ගන්නකොට ගත්තා මන් ඒ වෙලාවේ දැනගෙන හිටියේ නැ ඒ විහගි කියලා මන් ගිම්හාන්ගෙන්  බිල් එක පේ කරන්න සල්ලි ඉල්ලගන්න ගියා. මන් ලගට ගියා විතරයි ගිම්හාන් මට සැර කරා මන් සල්ලි ඕන කිවුවම සොරි කියලා සල්ලි දුන්නා. එදා මට ගිම්හාන්ව එපා උණා.

                                   ඊට සතියකට විතර පස්සේ විහගි මට කෝල් කරලා හුගක් දේවල් කිවුවා එයාට ගිම්හාන් අත අරින්න බෑ කිවුවා. ඉතින් මන් තීරණය කරා ගිම්හාන්ගෙන් ඇත වෙන්න ගිම්හාන් ටයි විහගිටයි සතුටින් ඉන්න දීලා ඒ ගොල්ලොන්ගේ ජීවිතවලින් ඇතට යන්න මම තනියම ජිවත් උනොත් මට ඒ දේ කරන්න බැරි නිසා මම තාරු අයියා මැරී කරලා එංගලන්තෙට යන්න තීරණය කරා.

 

 

යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න

ප්‍රේමය පුද දී අවසානයි සයවන දිග හැරුම

 

10 comments:

  1. බනින්නේ කොහොමද....... @?/$%#&*+=,&#.(#.(&%()#&.
    එහෙමද.......? එහෙනං ඔන්න මං බැන්නා කියලා හිතා ගන්නකෝ
    අඩේ හැමදාම මං මුලින්ම බනිනවා නේද...... හි හි
    හරි හරි අන්තිම පාර...

    ReplyDelete
  2. හනේ මන්දා සිව් කොන් ප්‍රේම කතාවක් වෙන්න වගේ යන්නේ..බලමුකෝ අන්තිමට මොකද වෙන්නේ කියල.හැබැයි ගිම්හාන් ව ආයේ ලංකරගත්ත එකනම් ලොකුම ලොකු මෝඩ කමක් කියල මට හිතෙන්නේ උමෝ..

    ReplyDelete
  3. පට්ට මැන්ටල් ගොං ලවස්ටෝරියක්...
    අර්ර්ර්ර්ර්ර්ර්...
    අයි හේට් ලව්ස්ටෝරී....
    (ඒ උනාට කතාව එල ඈ..)

    ReplyDelete
  4. ආ .... අර ලව් කතාව නේ.අනේ මන්දා.ලියන්නකෝ ඉතුරු ටිකක්

    ReplyDelete
  5. හපු මම අයෙ මේක කියවන්නේ නමේ පිස්සු කෙල්ලට මම ආස නැ එකී කොලමක් අන්තිම කොටස බලන්න එන්නම්

    ReplyDelete
    Replies
    1. ane lax malliyo ehema karanna epa hodada mama tharahai

      Delete
    2. මරු මරු..නියම කතාව යාලු..:) දිගටම ලියමුකො එහෙනම්..:)

      Delete
  6. ආදර කතාවක් නේද... ලියමු ලියමු!

    ReplyDelete
  7. හනේ මටනම් විකාරයි වගේ හිටපු ගමන් එක එක කොල්ලො කඩන් පාත් වෙනවනෙ මේකට

    ReplyDelete