My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Wednesday, August 8, 2012

ප්‍රේමය පුද දී අවසානයි සිවුවන දිග හැරුම

මුල් කොටස් නොකියවපු  අය මේ පැත්තට ගිහිල්ලම එන්න

ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස 
ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස
ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම


දෙවියනේ ඇත්ත තමයි මම ගිම්හාන් එක්ක යාලු වෙන්න කලින් තාරු අයියට බලාපොරොත්තු දුන්නා තමයි එත් දැන් අවුරුදු 2 විතර ඉදලා මම එක කෝල් එකක්වත් තාරු අයියට දීලා නැ තාරු අයියත් එහෙමයි අපේ පවුලේ හැමෝමත් තාරුට ගොඩක් කැමති නිසා මම ගොඩක් උත්සහා කරා තාරුට ලංවෙන්න එයාට ආදරේ කරන්න එත් තාරන්‍ය  ලගදි මට එයා ගැන එහෙම හැගීමක් නොදැනෙන නිසයි මම එයාගෙන් ඇත් උනේ.  මම කවදාවත් තාරුට ආදරේ කියලා නැ.
                           මට දැන්නම් තාරු අයියා ලග ලොකු ආරක්ෂාවක් දැනෙනවා මගේ හිත හදාගන්න තාරු අයියට ලං වෙන්න කියලා මගේ හිත කිවුවත් විදියට ආත්මාර්ථකාමී වෙන්න මට බැ මම දැන් ඉස්සර හිටපු පරම පිවිතුරු රෝස මල නෙමෙයි ගිම්හාන් අතින් මට වරදක් නොඋනත් මායි ගිම්හානුයි සාමාන් බැදීමකට වඩා ගොඩක් ලගින් ආශ්රය කරා ගිම්හාන් ඇරෙන්න වෙන කෙනෙක් මගේ අතින් ඇල්ලුවත් මන් ගිම්හාන් වෙනුවෙන් රකින මගේ පිවිතුරු බව නැති වෙයි කියලයි මට හිතෙන්නේ ඉස්සර ඉදලම මම ආස නැ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙන්න මම දැනුම් තේරුම් තියෙන වයසේ ඉදලම හින දැක්කේ කවදාහරි මාව අල්ලන්න දෙන්නේ මන් බදින කෙනාට විතරයි කියලා එකම වෙන්න ඇති මට මෙච්චර ලොකු වරදක් කරලත් මම ගිම්හාන්ට තාමත් පන වගේ ආදරේ කරන්නේ එත් දැන් මට ගිම්හාන් අයිති නැ.

සිතු ......

මම බයවෙලා පිටි පස්ස බැලුවා අම්මා මගේ ලගටම ඇවිත් මන් දැක්කෙත් නැ මන් ලග හිටපු තාරු අයියා  ගිහින් ටේබල් එකෙන් වාඩි වෙලා කවුදෝ ඇන්ටි කෙන්නෙක් එක්ක කතාව.

ඇයි අම්මා.....
 
එන්නකෝ ....
 
කවුද අම්මා අර ආන්ටි .....
 
ෂුවර් එකට අම්මගේ පරණ යාලුවෙක් හරි නෑදෑයෙක් හරි වෙන්න ඇති මොකද ඉතින් අම්මට ගමේ ආවොත් යාලුවෝ නෑයෝ වැහි වැහැලා අපේ අම්මගේ ගම ගාල්ලේ උඩුගම කිට්ටුව එක හරිම ලස්සන ගමක් අපේ ආච්චිලගේ ගේ තියෙන්නේ මහා කන්දක් මුදුනේ ඉස්සරනම් වාහනයකට යන්න බැ අපේ තාත්තා මාව වඩාගෙන තමයි එක්ක ගියේ  ඒ කන්දට පහලින් ලස්සන දොළ පාරක් ගලාගෙන යනවා අච්චිලටනම් තිබුනේ පුංචි කටු මැටි ගහපු ගෙයක් එකත් හරිම ලස්සනයි
                                       මමත් අම්මා පස්සෙන් ගියා
 
මේ මගේ ලොකු දුව ....
 
අම්මා මාව හදුන්වලා දුන්නා
 
මේ මගේ හොදම යාළුවා දුව අපි ඉස්ස්කොලේ ගියේ එකට හිටියෙත් එකම පන්තියේ .....
 
මාත් හිනා වේවි හිටියා .
 
දුව තාම ඉස්කෝලේ යනවද ...
 
නැ ආන්ටි දැනට පොඩි පොඩි කෝස් වගයක් කරනවා ....
 
තා පුතෙක් ඉන්නවා කියලා මට සුදු හම්බුනු වෙලාවක කිවුවා කෝ පුතා ....

සුදු කියන්නේ අපේ චුටි පුංචිට

හා පුතා ගෙදර මෙන්න මේ බබා ලෙඩ උනානේ උදේ දැන් මේ හොස්පිටල් එකේ ඉදලා ගෙදර එක්ක යන ගමන් ...
  
හානේ ඒ මොකද උනේ ....
 
අම්මා ඔන්න ඉතින් විස්තරේ කියනවා මාත් හිනා වේවි හිටියා
 

දැන් හිනා වෙනවා මෙතන හැමෝමම බය කරලා නේද ආන්ටි ....
 

තාරු අයියා හිනා වෙලා කිවුවා ....
 

මේ දුව මැරි කරන්න ඉන්න කෙනාද ...
 

මෙන්න ආන්ටි අහපී මම උඩ ගියා
 

නැ ආන්ටි මේ අපේ දුරින් නෑයෝ වෙන අයියා කෙනෙක් ....  


මම ටක් ගාලා පැනලා කිවුවා. තාරු ගේ මුණ නම් අදුරු උනා පව් අප්පා තාරු මට වෙලාවකට දුකයි.

අපි මොනා හරි කමුද
... දුව මොනාද කන්නේ
 

මටනම් අච්චිලහා ගිහින් බත් කන්න ඕන අම්මා මොනා හරි පොඩි දෙයක් කාළා යමු .....  


මම කොහොමත් කඩවලින් කන්න ආස නැ අපේ ආච්චි උයන බත් කන්න කොහොමත් මම ගොඩක් ආසයි
 
 

මොකද්ද දුව කෑම ටිකක් කාළා යන්නකෝ දැන් අපේ මහත්තයත් එනවා ඇති එයා ටිකකට ටවුන් එකට ගියා බඩු වගයක් ගෙන්න....
 

අපේ අම්මනම් කැමති ඉන්නමයි ,
 

මේ දරුවට පරක්කු වෙයිනෙ ලතෝ එක නිසා ඉක්මනට යන්න ඕන.
 

අප්පෝ මට පරක්කු වක් නැ ආන්ටි....
 

තාරු අයියා එක කිවුවේ උඩ පැනලා

මටත් හිනා...
 

අපි යමු අර පැත්තට ඇවිදලා බලලා ලස්සනයිද කියන්නකෝ ...
 

ගොඩක් කල්ද ආන්ටි මේක පටන් අරන්...
 

නැ පුතා තාම අවුරුද්දයි....
 

මටනම් තනි වෙන්නයි ඕන ඒ නිසා අම්මලට යන්න කියලා මම එතනම වාඩි වෙලා හිටියා මන් හිතුවේ තාරු අයියත් ගියා කියලා එත් මෙනන් බිම දෙකක් උස්සන් එනවා.
 

ආ බොන්න දැන් ඉතින් වෙච්ච දේවල් ගැන හිතලා වැඩක් නැ ඉස්සරහට කරන දේ ගැන හිතන්න.
 

හ්ම්ම්ම්ම්....
 

මොකද හ්ම්ම්ම් හ්ම්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ....
 

නැ තාරු අයියා කරන්න ඕන දේ මට හිතා ගන්න බැ
 

මේ පාර මන් යනකොට මාත් එක්ක යමු...
 

මට එක පාරටම ඒ කියපු දේ ගැන හිතා ගන්න බැරි උනා. මන් තාරු අයියට මේ තරම් නපුරු කම් කරලත් එයා මට තාම ආදරෙයි මේ වෙන්න ඇති සැබෑ ආදරේ  කියලා මට හිතුණා. එත් ඇයිද මන්දා මට තාරු අයියා ගැන ආදරයක් හිතෙන්නෙම නැ මේකනම් මගේ කරුමේ වෙන්න ඕන එත් ගෙදර හැමෝමත් කැමති එකේ මන් හිතුවා තාරු අයියට කැමති වෙන්න ඕන කියලා බැදලා ටික කාලයක් යනකොට මගේ හිතේ තාරු ගැන ආදරයක් ඇති වෙයිනෙ.
 

අපි හෙට නිදහසේ මීට් වෙලා කතා කරමු තාරු අයියේ   මට තව ටිකක් හිතන්න ඕන....
 

තීරණයක් ගන්න කලින් තව එකම එක පාරක් ගිම්හාන්ට කතා කරන්න ඕන කියලා මට හිතුණා මොකද මගේ හිතා තාමත් ගිම්හාන් ගාව නිසා.

                               

                       මතු සම්බන්දයි

16 comments:

  1. ඔන්න අදත් මම තමා 1 හලිද , අනේ මේ මෝඩිට කියන්න අප්පා තාරුට කැමති වෙන්න කියලා නැත්තං මට යකා නගිනවා

    ReplyDelete
    Replies
    1. සිරාවටම කාව්‍යා අක්කේ මටත් යකා නගිනවා..

      Delete
  2. අනේ මෝඩියේ.... බැන්දට පස්සේ කොහෙද ආදරේ වෙන්නේ....? ඔය බොරු....

    ඔන්න දැන් නං මට අර අහිංසක තාරැ ගැන දුක හිතෙනවා... ඇත්තමයි...... බැන්ද‌ට පස්සේත් ඔය කොල්ලා දුක් විදිනවා....
    මේ වගේ කෙල්ලෝ දුක් විදින ඒවා අවුලක් නෑ... ඒත් කොල්ලෝ ගැන දුකයි අප්පා....

    මට බෑ මේ වඩේ කරන්න... අන්තිම කොටස දැම්මම එන්නම්...

    නෑ නෑ... එනවා එනවා....

    ReplyDelete
    Replies
    1. happoi hiru ehemanam karanna epa digatama enna hodada

      Delete
    2. මට දැන දැන අමාරැවෙ වැටෙන උන් ගැන දුකයි අනේ.....

      එනවා එනවා......

      Delete
  3. හ්ම්ම්..ඔහොම යමු ඔහොම යමු..
    ජය වේවා..

    ReplyDelete
  4. දැක්කනේද කපටි කෙල්ලෝ..
    එකෙක් නැත්තං තව එකෙක්..
    ඇඩෝ තාරූ රැවටෙන්න එපා මචං..

    ReplyDelete
  5. තාරූ............................................................................................................

    ලස්සනා....යි යාලු මේ කතාව..

    ReplyDelete
  6. මේක කොරන්න බෑ උමෝ,, ගොඩක් ඕනා මට එක පාර කියවන්න එක හුස්මට පොඩ්ඩක් කියවන් යද්දි මෙන්න මතු සම්බන්දයිලු ,,

    ReplyDelete
  7. තාරුට මොනා වෙයිද මන්දා...

    ReplyDelete
  8. කතාව ලක්ෂණයි කියවගෙන යන්න පුළුවන් පලවෙනි එකට වඩා මේකේ අඩුපාඩු ගොඩක් අඩුයි හොදයි (හැබැයි කතාව පැටලිලි සහගතයි පිළිවලක් න තේරුම ගන්න අමාරුයි )

    අවසෙනේ සචි තරුගේ නේ

    ප.ලි මට හිතිච්චි හැටි තරහා නොවන්න

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා... හික්ස්...
    (ඔන්න අයියන්ඩි පොල්ලක් අරන් මේ පැත්තට එනවද මංදා....)
    නියමයි නංගා කතාවනම් කෘතහලය අවුස්සනවා,,, දිගටම ලියන්න,, හැබැයි ඔන්න උබට හොදින් කියන්නේ මේ කතාවෙත් කවීගේ වගේ එකෙක් හරි මලොත් මම නරක මිනිහා කියන්න එපා.... )
    ඇයි යකෝ...!!!
    පොඩ්ඩක් වැඩිපුර ලියපන්කෝ බොලවු... එක හුස්මක් ගත්තම කියවල ඉවරයි..

    ReplyDelete