My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Tuesday, August 7, 2012

ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම

මුල් කොටස් නොකියවපු  අය මේ පැත්තට ගිහිල්ලම එන්න
 

ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස

ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස

 

                 

                 

          හිත හදාගන්න පුලුවන්නම් හදා ගන්න තිබුණා
               
ඔබ මවා දුන්න ලෝකයේ මම නිහඩ වෙලා උන්නා
               
දුර ඇත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
               
බොරු ආදරයක් පෙන්නා
ඔබ
මා අසරණ කෙරුවා.....

                  
මගේ කල්පනාව බිදුනේ තාරු දාපු cd  එකෙන් ආපු සින්දුවේ හඩින් ඇත්තටම මටත් හිත හදාගන්න බැ කොහොමමත්ම බැ ඇයි ගිම්හාන් ඔයා මට මේ තරම් ලොකු බොරුවක් කරේ ඔයාට මට කියන්න තිබුණා. ඔයාගේ වෙනසක් තේරෙනකොටම මම ඔයාගෙන් ඇහුවා ඔයාට වෙන කෙනෙක් ඉන්නවද කියලා එත් ඔයා මුකුත් නොකිය ෆෝන් එක කට් කරා. මම ඔයාට මොන වැරද්දක් කරාටද ගිම්හාන් ඔයා මට මෙහෙම කරේ  මගේ හිත  මේ විදියට විලාප දුන්නත්  ඒ දුක අහන්න ගිම්හාන් මන් ලග නැ කියලා මන් දැනගෙන හිටියා.
ආන්ටි අපි මොනවා හරි කාළා යමුද මගින් නවත්තලා.....

 

හා පුතේ මෙයත් බඩගින්නේ නේ ඉන්නේ....
 

ඔව් උදේටත් කැවේ නැ කිවුවනේ....
 

මෙයානම් උදේට කිරිබත් පිගානක්ම කැවා....

අම්ම කියපු දෙයින් මම උඩ ගියා තාරු මන් දිහා බැලුවේ අපරාද කාරයෙක් දිහා බලන විදියට මට ඒ මුණ දිහා බලන්න බැරි නිසා මම අහක බලා ගත්තා

එතකොට ආන්ටි ඇයි දන්නේ නැ
සිතු ට කලන්තේ හැදුනේ  ඩොක්ටර්ස්ලා මොනාද කිවුවේ.....
 

විශේෂ දෙයක් කිවුවේ නැ පුතා එක පාරටම හිතට දැනුනු කම්පනයක් නිසා එහෙම වෙන්න ඇති කිවුවා.... එත් ඉතින් කම්පනයක් වෙන්න දෙයක් එතන උනේ නැනේ මටත් පුදුමයි.... මේ ළමයා මෙහෙම හිටියට හරිම හිතුවක්කාරයි පුතා කියන කිසි දෙයක් අහන්නේ නැ රැට නානවා.... මමයි තාත්තයි කොච්චර එපා කිවුවත් කනකට නෙමෙයි ගන්නේ......

අම්ම කියවනවා ඉවරයක් නැ මට බඩේ අමාරුවක් හැදුනත් අපේ අම්මයි තාත්තයි කියන්නේ රැට නාන නිසා තමයි එහෙම උනේ කියලා මේ වෙලාව කතා කරන්න නුසුදුසු වෙලාවක් නිසා මාත් කටවහගෙනම ගියා මොනා කරන්නද නැත්නම් අම්මා අච්චිලහට යනකම්ම කියවයි.

තාරු පිටි පස්ස බලලා හිනා උනා......
 

එහෙම තමයි ආන්ටි ඔයි වයසේ වැරැද්ද .....

මෙන්න මෙයා මහා ලොකු සියා වගේ කතාව මගේ වයසේ වැරද්දලු මෙයා මට වඩා අවුරුදු 2 යි  වැඩිමල් මට ඉතින් ඔයි වගේ ඒවා කියනකොට කට පියා ගෙන ඉන්න බැ එත් වෙලාවේ හැටියට මම කට වහගෙන ඉන්න එක ඇගට ගුණයි කියලා හිතුනා.තාරු පාර අයිනේ තිබුණු පුංචි රෙස්ටුරන්ට් එකක් ගාව කා එක නැවැත්තුවා මම කා එකෙන් බැහැලා ගිහින් ඇතුලේ තිබුණු ටේබල් එකක වාඩි උනා. අම්මා නම් මුණ සෝද ගන්න ඕන කියලා වොෂ් රුම් එකට ගියා මම ඇත පේන කදු යාය දිහා බලන් ඉන්නකොට තාරු මට කතා කරා. මම බයෙන් බයෙන් තාරු ඉන්න තැනට ගියේ කියපු බොරුව අතේ පත්තු උන නිසා. දැන්ඉතින් අහන ඒවට කියන්න උත්තර හදාගන්නත් ඕනනේ  ඕක තමයි කියන්නේ එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියලා දුක තමයි කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කිවුවලු.

හිරුනි....
 

එක පාරටම මම උඩ ගියා තාරු කවදාවත් මගේ නම කියලා මට කතා කරන්නේ නැ හමෝම මට ආදරේට කියන්නේ සිතු කියලා ඒ මට පුංචි කාලේ ගෙදරට දාපු නම තාරුත් මාව දැකපු දවසේ ඉදලම කතා කරේ සිතු කියලා. එකටනම් මට ගොඩක් දුක හිතුනා.

ඇයි තාරු අයියේ....

මම බිම බලාගෙන ඇහුවා

ඇයි මට බොරු කිවුවේ..... ඇත්තටම මොකද උනේ ....

මට හිතුනා උන හැමදේම තාරු අයියට කියන්න මොකද මගේ හිතේ තියෙන මේ දුක තා ටිකක් වෙලා තනියම උහුලන් හිටියොත් පපුව පැලිලා මාව මැරෙයි අනිත් එක මේක මගේ යාලුවෙක්ටවත් කට ඇරලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ දේ කියන්න හොදම කෙනා තාරු අයියා කියලා මට හිතුනා. මම ඒ වෙලාවේ උන හැම දේම තාරු අයියට කිවුවා. මන් කියන හැමදේම සද්ද නැතුව අහන් හිටපු තාරු අයියා අන්තිමට කියපු වචන ටික  අහලා මගේ පපුව හෝස් ගලා පත්තු වෙලා ගියා.
 

මන් ඔයාව මලක් වගේ ආදරෙන් බලා ගන්න මේ වෙනකනුත් හින දැක්කා සිතු   .... ඒ බුරුවා මගේ මල තලලා පොඩි කරලා දාලා....
 

එහෙම කියපු තාරු අයියා දිග හුස්මක් අරන් මන් ගාවින් යන්න හැදුවා.....
 

තාරු අයියේ....
 

ඇයි.....
 

මට ඔහොම සැර කරන්න එපා තාරු අයියේ මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ දෙවියනේ.....
 

නැ සිතු මට දරා ගන්න බැ මන් හිතන් හිටියේ ඔයා තාම ඉගෙන ගන්න නිසා මට බැ කියනවා කියලා
මන් දහසක් හින දැක්කේ ඔයා මගේ කරගන්න තාම ඔයා පුංචි නිසා මම ඔයාව මගේ පුංචි රෝස මල කියලා හිතාගෙන ඔයා ට කතාවත් නොකර ඔයාට කොහොමද කියලා මල්ලිට කෝල් කරලයි දැන ගත්තේ වෙන රටක ඉදලත් ඔයාට කොහොමද කියලා දවස් දෙකකට සැරයක් වත් මල්ලිට කෝල් කරලා ඇහුවා.             

මාත් අසරණයි දැන්..... මාව පිස්සෙක් වෙයි.....සිතු

තාරු අයියේ අනේ.......
 

මන් දන්නවා ඔයා මට ආදරේ කරේ නැ කියාලා එත් ඔයා මට බලාපොරොත්තු දුන්නා නැ කියලා කියන්න එපා.....
                      

                                         මතු සම්බන්දයි

                                                        

14 comments:

  1. අද කොටසනම් හිතට වැඩුනා හොදටම, ඔන්න දැන් මට අර ගිම්හාන් එක්ක තරහයි , මේ තාරුනම් සෝයි වගේ

    ReplyDelete
  2. හ්ම්ම්ම්... හොඳයි හොඳයි.. දිගටම ලියන්න..
    බලමුකෝ ඉස්සරටහ..

    ReplyDelete
  3. ඔය පස්සෙන් ඉදගෙන ලවු කරන උන්දැලා ඉන්නවා නේද.... හරිම වාත කේස්... අද්දැකීමෙන් කියන්නේ..... කියන්න තියෙන දෙයක් හරියට කියන්නෙත් නෑ.... අහුවෙන්න නම් එපා සචියෝ........ එක පාරක් කාපු කෑමම අයිත් කන්න වෙයි... ඔන්න නොකිව්වයි කියන්න එපා.....

    හි හි... මාත් කියෝනවා හොදේ.....

    ReplyDelete
    Replies
    1. sthuthi yaluwe digatama kiyawanna hodada matath e gana punchi ath dakimak thiyenawa

      Delete
  4. මොනා වුනත් මේ අනිත් අයියගෙනුත් පරිස්සම් වුනොත් හොඳයි උමෝ..

    ReplyDelete
    Replies
    1. hmmmm ekanam aththa premudi digatama kiyawanna hodada

      Delete
  5. හපොයි ඔන්න ගෑනු ලමයා අමාරුවේ වැටෙන්න යන්නෙ එකෙක් නම් බැරියා 3ක් නෙ... හැබැයි රැවෙටෙනවා කියලා දැන දැනත් රැවටෙන්න යන එක තමා හරියන්නෙ නැත්තෙ ම්ම්ම්.. බලමුකො මොකදවෙන්නෙ කියලා.. ලස්සන කතාවක් උමා හිතට වදිනවා නියමට

    ReplyDelete
  6. හැපෝයි..
    කෙල්ලො ඕම්මමයි..
    සැහ්..

    ReplyDelete
  7. හී.....නියමයි යාලු....:)

    ReplyDelete