My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Monday, August 6, 2012

ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස

මුල් කොටස් නොකියවපු  අය මේ පැත්තට ගිහිල්ලම එන්න



ප්‍රේමය පුද දී අවසානයි  - 1 කොටස

 

 

 

 

මගේ අයියගේ නම ගිම්හාන් ඒ උනාට මම කවදාවත් එයාට නම කියලා කතා කරන්නේ නැ අයියා කියලා හරි ලස්සන ආදර වචනයක් කියලා හරි තමයි කතා කරන්නේ මම එයාට ඒ තරම් ආදරේ කරා එත් එයා මට කරපු දේ මතක් කරන්නවත් මම ආස නැ ඒ තරම් පිළිකුලක් හිතට දැනෙන්නේ. එත් මට ඒ දේ කවදාවත් අමතක කරන්න බැ

  කොච්චර අමතක කරන්න උත්සහ කරත් මතක් වෙනවා. සිතුවම් පටක් මෙන් ඒ රුප රාමු පෙළ යලිත් මට පෙනෙන්නට විය.
                      එදා මම පුංචිලත් එක්ක 10.30 ෆිල්ම් එක බලන්න යන්න ලේස්ති උනේ කම්මැලි කමටමයි කවුරුත් යන එකේ මට තනියම ගෙදර ඉන්න කම්මැලි හිතුණා. ඉතින්  මමත් අහුවෙච්ච ඇදුමක් දා ගෙන ගියා යනකොට වෙලා වැඩ්යි කට්ටිය එළියේ වාඩි වෙලා ඉන්නවා වැඩියෙන්ම ඉන්නේ ජෝඩු ඒ අයට කරදර කරන්න හොද නැති නිසා අපි පැත්තකින් වාඩි උනා එත් ඉතින් මගේ ඇහැනම් ඔයි පැත්තට යනවා මම වාඩි  උනේ එලිය පේන  තැනක එතනම එහා පැත්තේ කපල් එකක්   වාඩි වෙලා හිටියා මට ඒ අයවත් ඒ අයට මාවවත් පෙන්නේ නැ ඒ උනාට කතා කරන ඒවා ඇහෙනවා කෙල්ල කියනවා බොක්ස් වලටනම් යන්න බැලු රස කතාවක් නිසා මාත් කන දා ගෙන අහන් හිටියා කොල්ලා කියන ඒවානම් මේ ලෝකේ දෙයක් ඇහුනේ නැ මාත් ඔරලෝසුව බල බල හිටියා

වට පිට බලන ගමන් මට හිතුණා ගොඩක් අය මන් ඉන්න තැනින් හැරිලා යන නිසා ඒ පැත්තේ මොකද්ද තියෙන්නේ බලන්න මම හැරිලා බලනකොටම දැක්කේ මන් ලග හිටපු ජෝඩුව
දෙවියනේ ගිම්හාන්...... මට උන් හිටි තැන් අමතක උනා 
                         
මට සිහි කල්පනාවක් නැති උනා මුළු ලෝකෙම කැරකෙනවා වගේ දැනුනා. ඊට ටිකකට පස්සේ මට සිහිය එනකොට මම හිටියේ එතනම එහා පැත්තේ තියෙන සදන් හොස්පිටල් එකේ මාව වට කරන් ගෙදර අය එත් ගිම්හාන් පෙන්න හිටියේ නැ එයා තාම එතන වෙන්න ඇති මම බලනකොට ගිම්හාන් ඒ කෙල්ලව බදාගෙන හිටියේ එතන කළුවර මුල්ලක් නිසා කාටවත් වැඩිය පෙන්නේ නැ ඒ කෙල්ලත් ගිම්හාන් ගේ පපුවට තුරුල් වෙලා ගිම්හාන් මේ ලෝකේ සිහියක් නැතුව කෙල්ලගේ මුනට එබිලා හිට්යේ මම වැටෙනවවත් දකින්න නැතුව ඇති සමහර විට.
 

මොකද හලෝ උනේ උදේට කෑවේ නැද්ද.....
 

මල්ලිගේ යාලුවෝ සෙට් එක ඇද වටේට පිරිලා මම හිනා වෙලා හැමෝගෙම දිහා බැලුව වස ලැජ්ජාව මොනා කරන්නද ඒ අතරින් හුරු පුරුදු මුණක් දොරකොඩින් එබුණා.
 
තාරන්‍ය දුකෙන් මන් දිහා බලාගෙන ඉන්නවා...
තාරන්‍ය මට කෝච්චර ආදරේ කරත් මට කවදාවත් තාරු ගැන ආදරයක් ඇති උනේ නැ එයා මට හැමදාම සහෝදරයෙක් විතරයි. තාරු මගේ ලගට ඇවිත් මල්ලි එක්ක කතා කරා.


මොකද අක්කට උනේ....
 

අක්කගෙනම අහගන්නකෝ...  

මල්ලි හිනා වෙලා කිවුවා මල්ලිත් දන්නවා තාරු මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්නවා කියලා මල්ලිනම් උඩින්ම කැමති තාරුව මස්සිනා කරගන්න

කොහොමද  සිතු දැන් ඔයාට හොදද

ඔව් තාරු අයියේ දැන් හොදයි
මොකද උනේ එක පාරට ....
අනේ මන්දා උදේට කෑවේ නැ ඒ නිසා වෙන්න ඇති
                         
 

එහෙම කියලා මම හිනා උනා තාරු ඉන්නේ uk වල එයා මේ නිවාඩුවට ආපු ගමන් දැන් අවුරුදු ගාණක ඉදලා මන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ මට ගිම්හාන් හම්බෙන්නත් කලින් ඉදලා තාරු මගේ පස්සෙන් එන්නේ පව් එයා මට ඇත්තටම ආදරෙයි එත් දෙවියනේ මම පන වගේ ආදරේ කරපු ගිම්හාන් මට මෙහෙම කරානම් අනිත් අය ගැන කොහොම හිතන්නද. දැන් මාස ගාණක ඉදන් ගිම්හාන් මන් එක්ක වැඩිය කතා නොකරේ මගේ ඇදම එයාට පෙනුනේ මේ නිසා වෙන්න ඇති මන් කෝල් කරත් නිතරම වගේ busy  එක්කෝ ෆෝන් එක waiting  ඇහුවොත් කියන්නේ යාලුවෙක් ලග පොන් එක තිබුනේ මොනා හරි බොරුවක් කියනවා සමහරදාට මැසේජ් යනවා කෝල් ගන්න බැ එක දවසක් රැ 12 ටත් waiting  එත් දෙවියනේ මම සැක කරේ නැ ඒ තරම් මම ගිම්හාන්වා විශ්වාස කරා

                         මන් ඔරලෝසුව දිහා බැලුව 11.30 ගිම්හාන් අර කෙල්ල තුරුල් කරන් ෆිල්ම් එක බලනවා ඇති එත් දෙවියනේ මට ගිම්හාන් එක්ක තරහා යන්නේ නැ මට හිතෙන්නෙම ගිම්හාන්ව ඒ කෙල්ලගෙන් උදුරලා මගේ කරගන්න මම තාමත් ගිම්හාන්ට ආදරෙයි ඇයි දෙවියනේ මට මේ තරම් ද්‍රෝහී කමක් කරපු මනුස්සයව මට අමතක කරන්න බැරි.
 

සිතු .... අම්මගේ හඩින් මම ගැස්සිලා ගියා

තාරුත් අම්ම එක්කම ආවා

දැන් එහෙනම් යමු මැඩම් තාරු හිනා වේවි කිවුවා...
 
මාත් හිනා වෙලා ඇදෙන බැහැලා අම්මගේ අතේ එල්ලිලා තාරු පස්සෙන් ගියා.
 
කෝ අම්මේ පුංචිලා....
 
අපි එලියට එනකොට කවුරුත් පෙන්න හිටියේ නැති නිසා මම අම්මගෙන් ඇහුවා.
 
පුංචිලා ගියා ගෙදර මෙයාගේ හුරතල් නිසා ඒ මිනිස්සුන්ට ෆිල්ම් එක බලන්නත් බැරි උනා....
 

ඉතින් මම මොනා කරන්නද අම්මා හිතලා කලන්තේ දැම්මයැ....
 
එකනේ ආන්ටි.... ඔහොම ඉන්න මම ගිහින් කා එක අරන් එන්නම්.....
 
අපි යන්නේ තාරු අයියා එක්කද අම්මා....
 
ඔව් ඉතින් නැතුව ලෙඩ්ඩු අරන් බස් වල යන්නද....
 
මම කටවහ ගත්තා තා ටිකක් කතා කරොත් අම්මා දෙහි කපයි අයිත් කලන්තේ දාන්න....
තාරු ඇවිත් කා එක නවත්තලා බැහැලා ඇවිත් අපිට නගින්න දොර ඇරලා දුන්නා. මම සද්ද නැතුව නැගලා වාඩි උනා.
 
පුතාටත් කරදරේ අපි නිසා නේද
     
අයියෝ නැ ආන්ටි ඕක මොකද්ද....
පුතා අයිත් කවද්ද යන්නේ.........  මාච් අන්තිම යනවා ආන්ටි....
 
මම නිහඩවම ගමන් කලෙමි. තාරු ගැන මට වරක දුක හිතේ එත් සහෝදරයෙක්ට එහා ගිය දෙයක් තාරු ගැන මට හිතන්න බැ. ගිම්හාන් කවදාවත් මන් වෙනුවෙන් මෙහෙම එන එකක් නැ මොනා හරි බොරුවක් කියලා මග අරියි. දෙවියනේ කවුද ඒ කෙල්ල මගේ ආදරේ උදුරා ගත්තු ඒ කෙල්ල මට වඩා ලස්සනට ගිම්හාන්ට පෙන්න ඇති එකනේ මම මෙච්චර ආදරේ කරලත් මාව දාලා ඒ කෙල්ල එක්ක ගියේ.                

                                     මතු සම්බන්දයි


13 comments:

  1. ඇත්ත කතාවක් ද? ම්ම්.. ඇත්ත කතාවක් නම් එකම දෙයක් කියන්නට කැමති.. යන අයව ලඟ තියා ගන්නට නොහැක..සමහරු අපිව දමා යන්නේ අපේ අඩුවක් තිබෙන නිසාම නොවේ.. ඒ අපේ ජීවිතය ගලායන විදිහ..ඒ නිසා යන දේවල් පස්සේ පන්නන්න යන්න එපා යාළු..
    ඇත්ත කතාවක් නෙවෙයි නම්..හොඳ ආරම්භයක්.. මන් හොඳ ආරම්භයක් කිව්වේ මේකේ මීට කලින් ආරම්භයක මට හොයාගන්න බැරි වුන නිසා.. මන් හිතනවා මේ පළවෙනි කොටස් වෙන්න ඕනේ කියලා.. හොඳට ලියන්න.. හැබැයි ලියන කොට ටිකක් සැලකිල්ලෙන් ලියන්න.. මොක්ද දැන බ්ලොග් ඇතුලේ ආදර කතා ගොඩාක් තියෙනවා.. එකම ආර නිසා සමහර වෙලාවට කියවන්න හිතෙන්නේ නැ..ඒ නිසා අනිත් කාතා වලට වඩා වෙනස් ආරකින් ලියැවේ යි හිතනවා..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ehema thamai liyanna hithan inne yalu me dewani kotasa digatama kiyawanna yaluwe habai aththa kathawak nam nemeyi

      Delete
  2. හනේ මේක ඇත්ත කතාවක්ද උමා ....... මට නිකං එහෙම හිතෙනවා

    ReplyDelete
  3. මට සැකයි මෙකි මේ හෝ ගාල ලියන්නේ මෙකිටම වෙච්ච දේවල්ද කොහෙද?අහු වෙයකෝ උම්මා අක්කේ බොලා මට...අක්කේ මේකට කෝ මාතෘකාවක්...

    ReplyDelete
    Replies
    1. උම්මා අක්ක? අනේ අනේ සිම්බෝ..

      Delete
  4. කතාව ලස්සනයි උමා.:))
    දිගටම ලියන්න.රෙඩ් කිව්වා වගේ වෙනස් ආරකට ලියන්න.මේ යන විදිහ හොඳයි :)

    ReplyDelete
  5. 'තාරන්‍ය' ලස්සන නමක්.........:)
    කතාව දුකයි......:( :(
    දිගටම ලියන්නකෝ හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. hmmm ikmanata ithuru tika dannam digatama kiyawanna yaluwe

      Delete
  6. අඩේ මාර සීන් එකනේ..
    ඉතිං ඉතිං..
    ඉතුරු කතාවත් ඉක්මනට දාන්ඩෝ..

    ReplyDelete
  7. නියමයි අක්කියෝ.. දිගටම ලියන්න...

    ReplyDelete