My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Saturday, August 25, 2012

ප්‍රේමය පුද දී අවසානයි දහ වන දිගහැරුම

 යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න
ප්‍රේමය පුද දී අවසානයි අට වන දිග හැරුම


මම අලුතින් ගත්තු ලස්සන ගවුමත් ඇදගෙන තාරු අයියා ගාවට දුවලා යනකොට තාරු අයියා කෝල් එකක

කවුද තාරු අයියා කතා කරේ....

යාලුවෙක් බබා ...

හ්ම්ම්ම් මගේ මණිකගේ  ලස්සන.... අයිත් රූම් එකට යමුද

ඒ මොකටද....

අල්ලගෙන ඉබින්න හිතෙනවා දැක්කම මෙතන සෙනග ඉන්නවනේ එකයි රූම් එකට යමු කිවුවේ....

හිකිස් ගලා මහ හයියෙන් මට හිනාවක් පැන්න වටේ හිටපු දෙතුන් දෙනෙක් එබිලත් බැලුවා වස ලැජ්ජාව මේ මොන මලසමයමක්ද කියලා බලන්න ඇති තව කපල් ගොඩක් හිටියා එයාලටන්ම් මේ ලෝකේ සිහියක් නැ ඒ ගොල්ලෝ ඒ ගොලන්ගේ ලෝක වල මෙතන ඉන්න බවලත් උදවියගේ ඇස් තමයි හතර වටේට කරකැවෙන්නේ.

යමු යමු මෙතන කැකිරි පලන්නේ නැතුව....

                                මම තාරු අයියගේ අතේ එල්ලුණා අපි ගාඩ්න් එක අයිනේ තිබුණු පුංචි අඩි පාරක් දිගේ අපි ඇවිදගෙන ගියා දැන්නම් දිය ඇල්ලේ සද්දේ ලග ලගම ඇහෙනවා මගදී තාරු අයියට අයිත් කෝල් එකක් අවා මමත් බෙල්ල දාලා ෆෝන් එක දිහා බැලුවා රට නම්බර් එකක් තාරු අයියා මගේ අත අත් ඇරලා ටිකක් දුරට ගිහින් කතා කරා ඔන්න ඉතින් මගේ සැක කරන පුරුද්ද අයිත් මතු උණා තාරු අයියා කතා කරේ සැරෙන් එක පාරටම ෆෝන් එක කට් කරලා මන් ලගට අවා මුණ දෙක වෙලා .

ඇයි තාරු අයියේ....

මේ විකාරයක් බබා මම ඔයාට පස්සේ විස්තරේ ඔක්කොම කියන්නම් දැන් අපි ඒ දේවල් අමතක කරලා සතුටින් ඉමු ....

මාත් හිනා වෙලා හා කිවුවට මට ගොඩක් දුක හිතුණා. එත් මේ දවස් ටිකේ සතුටින් ඉන්න ඕන නිසා මම ඒ දේවල් අමතක කරා එත් පස්සේ ඒ ගැන හොයන්න ඕන කියලා හිතා ගත්තා. අපි ඇවිදගෙන යන පාර දෙපැත්තේ ලස්සන මල් වර්ග පිපිලා ලස්සන රෝස මලුත් පිපිලා.

අනේ හරිම ලස්සනයි තාරු අයියා...

මම කඩා ගන්නද....

ඉන්න මන් කඩලා දෙන්නම්....

තාරු අයියා ලස්සන මල් ගොඩක් කැඩුවා මන් පාර අයිනේ තිබුණු පුංචි ගලක් උඩ ඉදගෙන තාරු අයියා කඩන මල් ලස්සනට මිටියක් හැදෙන්න එකතු කලා රෝස මල් මැද්දට එන්නත් අනිත් මල් වටේට හිටින්නත් ලස්සන මල් මිටක් හැදුවා.

දැන් ඇති තාරු අයියේ අපි යමු දිය ඇල්ල බලන්න....

දැන් ඇතිද...

තාරු අයියා හිනා වෙවේවි ඇහුවා.

මන් හිතුවා මට අද මල් ගෝනියක් විතර කඩන්න වෙයි කියලා....

මන් හිනා උණා.

දැන් හිනා වෙනවා මෙතන මගේ අතේ කහබිලියත් ගෑ උණා..

හානේ තාරු අයියේ කෝ බලන්න...

කමක් නැ දැන් යමු.

අනේ රතු වෙලා නේද මේ ලග ගෙයක් තිබුනොත් පොල්තෙල් ටිකක් ඉල්ලගන්න පුළුවන් වෙයි... යමු බලන්න ඉස්සරහට

අපි අඩි පාරෙන් හැරිලා කැලේ ඇතුලට පුංචි කදු බෑවුමක් බැස්සා.

අන්න තාරු අයියේ පුංචි පැලක් හැබැයි කඩයකුත් වගේ ගිහින් බලමු

සමහරවිට බබා නාන්න යන අයට උවමනා දේවල් ගන්න කඩයක් වෙන්න ඇති.

අපි කඩේ ලගටම ගියත් කවුරුවත් පෙන්න හිට්යේ නැ.

කවුද කඩේ ... කවුරුත් ඉන්නවද.,..

එතකොටම වයසක අම්මා කෙනෙක් එලියට ආවා...

රෙද්දයි හැට්ටෙයි ගොඩක් පරණ උනත් හොදට හෝදලා එකේ පිරිසිදු පාටක් තිබුණා.

අම්මේ පොල්තෙල් චුට්ටක් ගන්න පුලුවන්ද මගේ අතේ කහබිලිය ගෑ උණා මල් කඩන්න ගිහිල්ලා...

ඔහොම දින්ගිත්තක් හිටින්න මහත්තයෝ මන් අරන් එන්නම්...

ඔයි බංකුවෙන් ඇදී ගත්තනම්....

 අම්මා ගේ ඇතුලට ගිහින් පුංචි කුප්පියක් ගෙනාවා

මෙයින් අබිද්දක් ගාගන්න මහත්තයෝ සුටුස් ගලා අඩු වෙලා යයි.

තාරු අයියා තෙල් කුප්පිය අරන් ගගන්නකොටම කෝල් එකක් ආවා.

බලන්න බබා කවුද කියලා...

මම තාරු අයියගේ සාක්කුවෙන් ෆෝන් එක එලියට ගත්තා. 

                                

                                                               මතු සම්බන්දයි

 

8 comments:

  1. අපූරු කතාවක් නේ... අද තමා ඉස්ඉස්සෙල්ලාම මේ පැත්තට ආවේ... ටිකක් කියව්වාම මුළ ඉඳන්ම කියවන්න හිතුණා... ඇත්තටම ලස්සණයි... දිගටම ලියන්න... අදට යනවා... ආයෙමත් එනවා...

    ReplyDelete
  2. මතු සම්බන්දයි කියන එකේ "න්" නෑ.

    කතාවේ ඉතුරු ටිකත් එනකම් බලන් ඉන්නවා...

    ReplyDelete
  3. හනේ මන්දා..
    තාරුවනං ගොං බදින කනුවක්.. (ඇයි කීලා අහන්න එපා ඈ..)

    ReplyDelete
  4. කවුද කෝල් කරන්නේ?????? මීළඟට බලාපොරොත්තුවන්න :)

    ReplyDelete
  5. හයියූ ඒ පාර තරුවත් ඩබල් ගේම් වගේ

    ReplyDelete
  6. Lassanai uma

    Man oyata suba pathanawa digatama liyanna

    ReplyDelete