My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Thursday, August 23, 2012

ප්‍රේමය පුද දී අවසානයි නම වන දිග හැරුම

 යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න
ප්‍රේමය පුද දී අවසානයි අට වන දිග හැරුම

 

එදාම හවස අපි නුවරඑළි ගියා තාරු අයියා අපිට මදුසමය ගත කරන්න තෝරාගෙන තිබුනේ ලස්සන පුංචි නවාතැනක් ඇතින් ලස්සනම ලස්සන කදු පන්තියක් මුළු කන්ද පුරාම චුටියට චුටියට බල්බ් දාලා වගේ කන්දේ තියෙන ගෙවල් වල එලිය අපි යනකොට රැ නමය විතර වෙලා අපිට ලැබුනේ කන්දට මුහුණලා තියෙන ලස්සන රූම් එකක් මට හොදටම මහන්සි මම ගිය ගමන් සෝෆා එකේ වාඩි වෙලා වතුර වීදුරුවක් බිගෙන් බිගෙන් ගියා වතුරත් හරිම සිතල නිසා වෙන්න ඇති මහන්සියනම් ටිකක් විතර අඩු උණා. එතකොට තමයි තාරු අයියා කාමරේට ආවේ.

 ඔයාට මහන්සිද සිතු වොෂ් එකෙක් දාගෙන එන්න එතකොට ටිකක් හරියයි මම රෑට කෑම ඕඩර් කරන්නම්.. මොනාද කන්නේ

ඕයා ආස දෙයක් ගේන්න තාරු අයියා මටනම් මහන්සි නිසා වැඩිය කන්නත් බැරි වෙයි.....

        එහෙම කියා ගෙන මම වොෂ් රූම් එකට ගිහින් නාන්න ෂවර් එක ඇරිය විතරයි තාරු අයියා දොරට තඩිබානවා ඇහුණා

ඇයි තාරු අයියා

බබා නාන්න එපා මේ සීතලේ ඕයා ලෙඩ වෙයි.....

දැන් ඔලුව තෙමිලනේ....

ඉක්මනට පිහිදාගෙන එන්න....

දැන් ඉතින් නානවා මොනා කරන්නද එහෙම හිතලා මම හීතලේම නැවා උණුවතුර නිසා නනකොටනම් ගානක් තිබුනේ නැ සනීපෙට මම ගොඩක් වෙලා නැවා අයිත් තාරු අයියා කෑ ගහනවා

බබා ඕයා දැන් වතුරේ හිටියා ඇති ඉක්මනට එන්න....

මේ එනවෝ....

මම ඉක්මනට ඇග පිහිදාගෙන අලුතින් ගත්තු රැ ඇදුමත් ඇදගෙන කාමරේට ගියා.

තාරු අයියා හිනා වේවි බලන් ඉන්නවා

මොකද හිනා වෙන්නේ මට...

මම කොන්ඩේ තින වතුර ටික මුනට ගසන ගමන් ඇහුවා

නැ නිකන්  ඕයා අද හරිට සුරංගනාවියක් වගයි හරිම ලස්සනයි.... ඇයි කියන දේ අහන්නේ නැතුව නැවේ

ඇත්ත තමයි නැවට පස්සේ ඉන්න බෑ සිතල මාව වෙවුලනවා.

බාගෙට තෙමිලනේ හිටියේ තාරු අයියේ එකයි...

පණ්ඩිත කෙල්ල දැන් ලෙඩ උනොත්....

ඕයා ඉන්නවනේ දැන් ලෙඩ උනාම සාත්තු කරන්න....

තාරු අයියා මගේ අතේ තිබුනු ටර්වල් එකත් අරන් මගේ කම්මුලත් ඉබගෙනම වොෂ් රූම් එකට ගිහින් දොර වහගත්තා. මම ඇත අහස දිහා බලාගෙන හිටියා ඇතින් ලස්සනට හද පායලා අනිද්දා පොයනේ එකයි මෙච්චර ලස්සනට හද පයලා තියෙන්නේ හද එලියට මිදුම ලස්සනට පේනවා මම පහල බැලුවා එළියේ ගාඩ්න්  එකනම් හරිම ලස්සනයි එක එක ජාතියේ මල් පිරිලා හද එලිය නිසා තවත් ලස්සනට පේනවා මුළු මිදුලම වහගෙන   මිදුම හරිම ලස්සනයි ඉදලා හිටලා එන මද සුළගත් එක්ක දැනෙන හිතලනම් දරාගන්නම බෑ මාව හොදටම වෙවුලනවා දැන් නම් ඇත කන්දේ පෙනුණු පුංචි පුංචි එලි නැ මිනිස්සු නිදි ඇති එත් තැන් දෙක තුනක තාමත් පුංචි එලි පේනවා මම වෙලාව බැලුවා 10.30 දැන්නම් හිතලත් එක්ක බගින්නකුත් දැනෙනවා. තාම වතුර වැටෙන සද්දේ ඇහෙනවා මට බන කිවුවට මෙයත් තාම නානවා වගේ. මම බැල්කනි එකේ එහා කෙලවරටම ගිහින් බැලුවා ඒ පැත්තෙන් දිය ඇල්ලක සද්දයක් ආපු නිසා හැබැයි සද්දේ ආවට මුකුත් පෙනුනේනම් නැ මහා කැලෑවක් තමයි ගාඩ්න් එක එහා පැත්තේ තියෙන්නේ එක පාරට තාරු අයියා ඇවිත් පිටි පස්සෙන් මාව බදාගත්තම මම ගැස්සිලා ගියා. 

ඕයා හරිම නරකයි තාරු අයියා මම හොදටම බය උණා මම අර පැත්ත බලන් නේ හිටියේ....

මම එහෙම කියාගෙන තාරු අයියගේ පපුවට තුරුළු උණා.

යමු මැණික කන්න ඔයාට බඩගිනි ඇතිනේ....

නැ තාරු අයියේ දැන්නම් බඩගිනිත් නැ හිතලත් නැ....

මටත් කන්න බෑ එහෙනම් රස්නෙට සුප් දෙකක් ගෙන්නන් බිලා දොයියගමු...

හ්ම්ම්ම්ම්...

තාරු අයියා සුප් ඔඩර් කරා සුප් එක අරන් එනකන් අපි දෙන්න බැල්කනි එකට වෙලා හිටියා.

කවුරු හරි දැක්කොත් අපිට පිස්සු කියලා හිතයි තාරු අයියේ මේ හීතල හුලන් වැදී වැදී මෙතනට වෙලා වෙවුල වෙවුල ඉන්නේ.....

ඉතින් ඇත්තනේ බබා මටනම් අද සතුට වැඩි කමට පිස්සු වගේ....

එතකොටම කාමරේ දොරට ගහනවා ඇහුණා. මම බැල්කනි එකටම වෙලා හිටියා තාරු අයියා සුප් බැල්කනි එකට ගෙන්නුවා අපි දෙන්නා බඩ පිරෙනකම් හිනා වේවි සුප් බිවුවා තාරු අයියා කට ඇරියොත් කියන්නේ විහිළු කතාවක්ම තමයි සුප් ගෙනපු ළමයටත් විහිළු කරා ඒ තාරු අයියගේ හැටි ඇදුම් ගන්න ගියත් මොනා හරි කියනවා ඉතින් එතන ඉන්න මිනිස්සුත් හිනා වෙනවා ඇත්තටම තාරු අයියා ලග ඉන්නකොට මම ඉන්නේ ගොඩක් සතුටින් අද ඊටත් වඩා සතුටුයි මම මගේ මෝඩකම් අත ඇරලා දාපු නිසා නැත්නම් මට කවදාවත් මෙච්චර ලස්සන ජිවිතයක් ලැබෙන්නේ නැ. අපි සුප් බිලා ඉවර උනාම වේටර් ඇවිත් හිනා වේවි ට්‍රේ එක අරන් ගියා. මම පුටුවෙන් නැගිටලා අයිත් හද දිහා බැලුවා.

ලස්සනයි නේද මැණික...

හ්ම්ම්ම් බලන් ඉන්න ආස හිතෙනවා මුළු අහසම තරු වලින් පිරිලා...

හරියට ඕයා මගේ ජිවිතේට ඇවිත් ජිවිතේ අඩුවක් නැතුව පිරෙවුවා වගේ.... කවදාවත් මගෙන් ඇතට යන්න එපා සිතු මට ඕයා නැතුව ජිවත් වෙන්න බෑ ...

දැන් යමු නිදා ගන්න ඔයාට මහන්සිනේ....

මන් කවදාවත් ඔයාව දාලා යන්නේ නැ තාරු අයියේ...

මම තාරු අයියගේ උණුසුමට තුරුල් උණා. හද එලිය ලස්සනට කවුළුව අතරින් ඇදට වැටිලා තිබුණා. කෙල්ලෙකුගේ  ජිවිතේ ලබන ලොකුම සතුට හොද සැමියෙක් ලබන එක   එක ලොකුම හීනයක් මම අද ඒ සතුට මුළු හිත පුරාම විදිනවා මගේ ඒ හීනෙ අද      හැබැවෙලා මම තාරු අයියගේ උණුසුමට තවත් ගුලි උණා.

                    උදේ නැගිටිනකොට හොදටම දවල් වෙලා තාරු අයියනම් තාමත් නිදි මම ටිකක් වෙලා ඒ මුණ දිහා බලන් හිටියා තාරු අයියගේ දගකාරකම් මතක් වෙලා මට හිනත් ගියා. මම තාරු අයියගේ නළලට හාදුවක් දීලා වොෂ් රූම් එකට ගිහින් ඇග සෝදා ගත්තා ඇවිත් වෙලාව බලනකොට  6.45 තාරු අයියා නිදි ඇහැරවන්න ලොබ නිසා මම තනියම බැල්කනියට ගියා තාම මිදුම ඇත කදුනම් පේන්නෙම නැති තරම් ඒ තරම් ගණ මීදුමක් තමයි පයලා තිබුනේ

මම ඇත බලන් ඉන්නකොට තාරු අයියා මගේ ලගටම ඇවිත් එයාගේ ඔලුවේ ගාන ජෙල් එකේ සුවදින් එයා ලගට එනකොටම මට දැනෙනවා. මම පිටි පස්සට හැරිලා ඒ අත අරන් මුනට තියා ගත්තා කොච්චර සිතල දවසක උනත් තාරු අයියගේ අත රස්නෙයි ඒ දැනෙන උණුසුම හරිම සනීපයි.

මොනාද බලන්නේ උදේම...

හිරු කුමාරයා එනකම් බලන් හිටියේ...

ඉතින් මේ ආවේ...

එකනේ දැන් හරි...

අපි උදේට කාලා ඇවිදින්න යමු බබා ඕයා අර දිය ඇල්ල බලන්නත් ඕන කිවුවනේ...

හා යමු ඒ උනාට තාම හිතලයි තාරු අයියේ....

                             

                                                   මතු සම්බනදයි

11 comments:

  1. නොබලපු කොටස් සේරම ඔන්න එක පාරම කියෙව්වා, මටනම් හිතෙනවා මේ කතාව යන වේගේ වැඩි කියලා තව සිද්දි දාලා කතාව තව ලස්සනට ලියන්න ඔයාට පුලුවන් උමා

    ReplyDelete
  2. හම්ම්.... දැං නං මට දුවන්න තමයි හිතෙන්නේ... මොකද මන්දා ඉස්සර ඉදලම ලවු ස්ටෝරිස් නම් මට එපා එපා මයි....... ස්පෙෂලි මේ හරිය......ලියපු හැම කතාවක්ම මේ හරියට එනකොට නවතිනවා.. දැ වත් ආයිත් ට්‍රයි එකක් දාලා බලන්න ඕනෑ.....

    අනේ පුල්ස්ටොස් තියන්නකෝ....... මේක නිකම් එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් වගේනේ.......

    ReplyDelete
    Replies
    1. ha thiyannam aiyo mata eka mathak wennema nae

      Delete
  3. මධුසමය කියපු නිසා මං එක ඇහැක් වහං බයෙං බයෙං කියෙව්වේ..
    තාම පොඩි එකානේ ඉතිං...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස් ඒ හරි කොටු කොටු තහනම් ලංකාවේ ඕවා බලන්න එක නිසා හොදට ඇස් ඇරන් කියවන්න

      Delete
  4. බලමු මොකද වෙන්නේ කියල

    ReplyDelete
  5. මේක මහා අමුතු කාතාවක් නේ නමට ගැලපෙන කතාවක් නෙමේනේ තරු ට ම අයිති වෙලා තියෙනේං කමක් නැ මගදී මෙකි අයෙ අරුගේ පස්සෙන් යයිද හයියු එහෙම උනොත් නම් ම මම ඇත්තටම කියවන එක නවත්වනවා

    ReplyDelete
  6. හ්ම්ම්ම්... උමා කතාව ඔයා හිතාගෙන ඉන්න විදිහටම ඉවර කරන්න.. දැන් හදිස්සියේ කතාවේ ආකෘතිය වෙනස් කරන්න යන්න එපා.එතකොට කතාව සමහර විට ටිකක් අස්වාභාවික වෙන්න ඉඩ තියෙනවා...ඒත් මෙගා කරන්නත් එපා.. ජය වේවා..!!

    ReplyDelete
  7. Meka Thawa Godaaaaaaaaaaaaaaaaaak Digaida? Ihi Ihi :'(

    ReplyDelete