My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Monday, August 20, 2012

ප්‍රේමය පුද දී අවසානයි අට වන දිග හැරුම

 මම එදා ඉදලා ගිමහාන් එක්ක වචනයක්වත් කතා කරේ නෑ ගිම්හානුත් මට කතා කරේ නෑ එයාටනම් කොහොමත් මට මුණ දෙන්න බැනේ. මම උදේම නැගිටලා මුණ සෝදන් කාමරේට එනකොටම ගෙදර ෆෝන් එක රින්ග් උණා ගෙදර ෆෝන් එකට කෝල් ආවේ අම්මටයි තාත්තටයි නිසා මම කවදාවත් ගෙදර ෆෝන් එක රින්ග් උනාට බලන්න යන්නේ නෑ.
 

සිතු..... සිතු.....
 
මෙන්න ඔයාට කෝල් එකක් අම්මා හිනාවෙවී කිවුව විදියෙන් මට තේරුණා තාරු අයියා වෙන්න ඇති කියලා මම ෆෝන් එක අතට අරන් අම්මා දිහා බැලුවා අම්මා මට හිනාවෙවී කුස්සිය පැත්තට ගියා.
 

තාරු අයියේ...
 

කොහොමද බබා...
 
මන් හොදින් ඔයාට කොහොමද....
 
මාත් හොදින් ඔන්න මම හැමදේම අම්මයි තාත්තයි එක්ක කතා කලා ඔයා තීරණයක් අරගෙනනේ ඉන්නේ මන් අප්‍රේල් අන්තිම එනවා මැයි වල wedding  එක ගමු අපේ අම්මලා අද නැකත් බලන්න යාවි මට ඔයාගේ වචනේ විතරයි ඕන.
 

මම කැමති තාරු අයියේ...
 

මටත් ඕන උනේ මේ හැමදේම අමතක කරලා දාලා ඉක්මනට ලංකාවෙන් යන්න
 

එහෙනම් ඔන්න හරි පරිස්සමින් ඉන්න බබා මම ඔයාට රැට කතා කරන්නම්
 

තාරු අයියනම් ගොඩක් සතුටින් පව් දෙවියනේ....
මම ෆෝන් එක තියලා අම්මා හොයාගෙන කුස්සියට ගියා මම යනකොට අම්මා ගොටුකොල සුද්ද කරනවා මම ගොටුකොල සම්බල් කන්න හරිම ආසයි ඒ නිසා අපේ ගෙදර නිතරම ගොටුකොල සම්බල් හදනවා.
 

සුදු මැණිකේ ගියාම අපිට තමයි පලුවේ ඉන්න බැරිවෙන්නේ නේද මැණිකේ....
 

ඔව් ඉතින් අපිට පාලුයි කියලා බැනේ දුලා කව්ද හරි පිටට යනවනේ...




ඇයි අම්මලා මට මේ ගැන නිකනවත් නොකිවුවේ මමනේ අම්මේ මනමාලි...
 

අම්මා හිනා උණා
 

තාරු ළමය කිවුවා එයාම ඔයාට කියන්නම් අපිට කියන්න එපා කියලා

අම්මා කිවුවේ හිනා වේවි අම්මා නම් හරිම සතුටින් ඉන්නේ එතකොටම තාත්තත් කුස්සියට අවා
 

මොකද කට්ටියගේ කතාව 

තාත්තා මගේ ඔලුව අතගාන ගමන් ඇහුවා
 

නෑ ඉතින් අපේ මහත්තයෝ දැන් wedding  එකට ලෑස්ති වෙන්න එපැයි තා මාස දෙකයිනේ තියෙන්නේ....
 

මාත් මේ කල්පනා කරේ එකම තමයි
දැහේ මුනේ තියාගෙන හදපු කෙල්ල ජයටම මගුල් කන්න ඕන මැණිකේ මොකෝ 10 15 ඉන්නවයි කියලයි අපිට ඉන්න එකම දරුවනේ
 

මහා ගොඩක් ලොකුවට ඕනේ නෑ අම්මා....
 

අපි ලස්සනට පොඩියට කරමු....
 

හ්ම්ම්ම් හෙට අනිද්දා නැකත් ගෙනයි නේද....
 

ඔව් මන් හිතන්නේ තාරන්‍ය පුතානම් කිවුවේ අද අම්මලා නැකත් බලන්න යනවා කියලා.....
 

එහෙනම් මැණිකේ මට කහට ටිකක් දෙන්නකෝ මම වත්තට ගිහින් එන්නම්....
                 මටනම් මුකුත් හිතෙන්නේ නෑ ඔන්න වෙන දෙයක් වෙයිනෙ මම හිත හදාගෙන wedding  එකට ලෑස්ති උණා ඊට සතියකට පස්සේ උදේ පුංචි මල් වරුසාවක් වහිද්දි තාරු අයියලාගේ අම්මලා නැකත් අරන් අවා. වැස්ස හින් සීරුවේ වැස්සත් ඇත කදු පන්තිය අතරින් ලස්සනට ඉර පයලා තිබ්බා බලන්න පුදුම ලස්සනයි මගේ රෝස මල් ගහ පිරෙන්න රෝස මල් හැදිලා දැක්කම හිතට දැනෙන්නේ පුදුම ආසාවක් අපේ ගෙදර බරටම උයනවා මම තාරු අයියගේ ලොකු අක්කයි පොඩි අක්කයි එක්ක කතා කර කර මිදුලට වෙලා හිටියා ඒ දෙන්න හරිම හොදයි ලොකු අක්කටන්ම් පුතෙක් ඉන්නවා හරිම හුරතල් පොඩි අක්කට පුතයි දුවයි දු හරියට රෝස මලක් වගේ හරිම ලස්සනයි දැක්කම ඉබගෙන් ඉබගෙන යන්න හිතෙනවා. තාරු අයියලගේ පවුලේ අයියයි අක්කල දෙන්නයි ඉන්නේ අයියනම් මැරී කරලා මේ දවස්වල නිවාඩුවකට kanda  ගිහිල්ලා. ලබන සතියේ එනවලු.
                              

නැකත් හම්බවෙලා තිබුනේ මැයි 17 ඊලග මාසේ 17 තාරු අයියගේ බිර්ත් දේ එක තාරු අයියා කිවුවා මේ පාර බිර්ත් දේ එකට එයාට හම්බවෙන හොදම තෑග්ග මන් එයා ලග ඉන්න එක කියලා මටත් හරිම සතුටුයි දවස් සති ගණන් ගෙවිලා තාරු අයියා ලංකාවට අවා. ආපු ගමන් දුවලා ආවේ මාව බලන්න. එදා මට ගොඩක් සතුටු හිතුණාඅපි හිතන දේවල් නෙමෙයි ජිවිත වල වෙන්නේ හීනෙන් වත් නොහිතපු දේවල්
         


හරියටම මැයි 17 උදේ මම තාරු අයියගේ පුංචි මනමාලිය වෙලා පෝරු මස්තක උණා තාරු අයියා හිටියේ ගොඩක් සතුටින් මාත් එහෙමයි තාරු අයියගේ මුනේ හැමදාම තියෙන ලස්සන හිනාව අද තවත් ලස්සන වෙලා. ගෙදර හැමෝගෙම ආශීර්වාදය මැද්දේ අපි දෙන්න අපේ පුංචි කැදැල්ල තනන්න හිතාගෙන අපේම අලුත් ගෙදරට ගියා.

              අනාගතේ ගැන මහා මෙරක් තරම් බලාපොරොත්තු තියාගෙන මම තාරු අයියගේ අත අල්ලගත්තා ජිවිතේ කවම කවදාවත් අත අරින්නේ නෑ කියලා හිතාගෙන මට දැනුනේ තාරු අයියා ගැන පුදුම ආදරයක් මම ඒ මුණ දිහා බලන් හිටියා ඒ ලස්සන ඇස් දැක්කම හිතට දැනුනේ පුදුම සැනසීමක් තාරු අයියගේ හිනාවට මගේ මුළු ලෝකෙම එලිය වෙනවා කියලා මට හිතුණා ජිවිතේ ගොඩක් ලස්සනයි කියලා මට හිතුනේ අද

                                              මතු සම්බනදයි


යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න

ප්‍රේමය පුද දී අවසානයි සත් වන දිගහැරුම

10 comments:

  1. බොහොම හොදයි, දිගටම ලියන්න.

    ReplyDelete
  2. බලමු බලමු ඊළඟට මොකද වෙන්නේ කියල.

    ReplyDelete
  3. හ්ම්ම්..එහෙම වෙච්ච එක හොඳයි... :D

    ReplyDelete
  4. නටන්න තීන නාඩගං වන්නං අඩවු ඔක්කොම නටලා දැං බබා වගේ බඳින හැටි විතරක්...
    හික්ස්...
    මරු ඈ..

    ReplyDelete
  5. මඟුල... මං හිතුවා ඉවරයි කියලා..... තවත් තියෙනවද.......
    හා හා කමක් නෑ... මෙගා නාට්ටියක් වගේ ඊට පස්සේ ඇක්සිඩන්ට් එකක් වත් වෙයිද නඟේ.. නෑ නේ....

    අනේ පුල්ස්ටොප් ටික තියන්නකෝ........

    ReplyDelete
  6. ඔන්න දැන්නම් කුතුහලේ ඇවිස්සෙනවා උමා.. කතාව යන වේගෙ වැඩිද කියලත් හිතෙනවා .. ම්ම් බලමුකො මොකද වෙන්නෙ කියලා කොහොම උනත් කමන්ට් වලින් තේරෙනවා ඔයා සාර්තකයි කියලා..:)

    ReplyDelete
    Replies
    1. sthuthi nishiyo issarahata thamai hodana tika enne ekai me tika ikamanta liuwe

      Delete
  7. මරු මරු ..ලියමු ලියමු
    නියමා.........යි .. :)

    ReplyDelete