My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Saturday, August 18, 2012

ප්‍රේමය පුද දී අවසානයි සයවන දිග හැරුම

යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න

 ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස

ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස

ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම

ප්‍රේමය පුද දී අවසානයි සිවුවන දිග හැරුම

ප්‍රේමය පුද දී අවසානයි පස්වන දිගහැරුම

 

සිතු,

            මන් දන්නවා ඔයා මන් එක්ක ගොඩක් තරහින් ඇත්තේ ඔයාගෙම වැරදි නිසයි මම වෙන කෙනෙක් ලගට ගියේ ඔයා මන් වැරදි කියලා මට ඇගිල්ල දික් කරන්න කලින් ඔයාගේ පැත්තට ඇගිලි 5 ක්ම දික් වෙනවා කියලා හිතන්න ඔයා කවදාවත් මන් කියන දේ ඇහුවේ නැ සිතු ඔයා හැමදාම කරේ මන් අකමැති දේවල් ඔයා පුංචි පුංචි දේටත් නිතරම රණ්ඩු කරනවා මන් එක්ක මන් ඔයාට කොච්චර කිවුවත් ඔයා කිසි පිලිවලකට නෙමෙයි ඇදුම් අදින්නේ කොන්ඩේ පිරන්නේ මාත් ආසයි ලස්සන පිලිවලට ඉන්න කෙල්ලෙකුට මන් එකයි විහගි ලගට ගියේ ඔයා අද හැදෙයි හෙට හැදෙයි කියලා මම බලාගෙන හිටියා කොච්චර කල්ද කිවුවොත් මම අවුරුදු 4 ක්ම බලන් හිටියා ඔයා කවදාවත් හැදෙන්නේ නැ සිතු ඔයා මම බනිනකොට කොච්චර කිවුවත් වෙනස් වෙන්නම් කියලා ඔයා වෙනස් වෙන්නේ නැ මන් නෙමෙයි ඔයා වෙන කොල්ලෙක් එක්ක හිටියත් ඔයා ඉන්න විදියට කිසිම කොල්ලෙක් කැමති නැ ඉස්සරහටවත් හැදෙන්න බලන්න මන් විහගිට ආදරෙයි ගොඩක් ආදරෙයි එයා ඔයා වගේ නෙමෙයි ලස්සනට පිලිවලට ඉන්නවා අනිත් එක්ක දැන් විහගිගෙයි මගෙයි සම්බන්දෙ ගොඩක් දුර ගිහින් තියෙන්නේ මට දැන් එයාව අත් අරින්න බැ එක නිසා ඔයා අපි දෙන්න මැද්දට නෑවිත් අපේ ජිවිත වලින් ඇත් වෙන්න.
                                                                                                                                                         මිට
                                                                                                                                              ගිම්හාන්

 

 මට මුකුත් හිතා ගන්න බැරි උණා මගේ කදුළු වලටම ලියුම බොද වෙලා දෙවියනේ ගිම්හාන් මොන හිතකින්ද මේ ලියුම ලිවුවේ මම ගොඩක් ලස්සන නැ තමයි සුදුත් නැ තමයි එත් මම ගිම්හාන්ට ආදරේ කරා ගොඩක් ආදරේ කරා මගේ මුළු ජීවිතේම උනේ ගිම්හාන් මම ගිම්හාන් කියන හැමදේම ඇහුවා එත් එයා මොනවද මේ කියලා තියෙන්නේ මම එවලේම ගිම්හාන්ට කෝල් එකක් ගත්තා එත් ෆෝන් එක ඔෆ් කරලා මම පැය ගානක් ඒ විදියට ඉදන් අඩන්න ඇති මට මුකුත් මතක තිබුනේ නැ කිසිම දෙයක් ගැන කල්පනාවක් තිබුනේ නැ. අම්මා දවල්ට කන්න කතා කරනකම් මම මේ ලෝකේ හිටියද කියලා මට පුදුමයි. මට කෑම කන්න ආසාවක් තිබුනේ නැ             

මොකද දරුවෝ වෙලා තියෙන්නේ මුළු දවසෙම මේ කාමරේ පල්ලට රිංග ගෙන දැන් එන්න බත් කන්න අන්න නන්දා පොලොස් අබුළකුත් හදලා....
හවසට දෙළුම් කොළ ටිකක් තම්බලා ඇස් දෙක හෝදලා බලමු.....
 

හා අම්මා මම එන්නම්....

වෙනද ගේ දෙවනත් වෙනකම් දගකාරකම් කරන මම අද එක තැන ඉන්න එක අම්මට පුදුම ඇතිඅම්මා හිතන් ඉන්නේ මට ඇස් අමාරුව කියලා පවු අම්මා මට අම්මා ගැන දුක හිතුණා අම්මලා ළමයි ගැන මොනතරම් හිතනවද මමත් අම්මා පස්සෙන්ම යනකොට නන්දා මේසෙට කෑම ඇරලා අත සෝදන් මේසෙන් ඉද ගත්තම නන්දා මට බත් බෙදුවා පොලොස් ඇබුලේ සුවදට කන්න බැරි උනත් කන්න ආස හිතුණා .බත් හැදී එකක් බෙදනකොටම මම ඇති ඇති කිවුවා.
 

මොකද සුදු හාමිනේ කන්න බැරි ඇයි.....
 

වෙනද මම බත් ගොඩක් කන නිසා වෙන්න ඇති නන්දා පුදුම වෙලා ඇහුවා
 

සියවරන් දෙවි හාමුදුරුවනේ ඔයි ඇස් දෙක රතුවෙලා ඉදිමිලා බලා ඉදලා හරියන්නේ නැ මැණිකේ බෙහෙත් ටිකක් ගන්න එක්ක ගියොත් නාකද....
 

ඔව් දැන් හවසට දෙළුම් කොළ ටිකකින් හෝදලා බලලා අඩු නොවුනොත් එක්ක යනවා......
 

බෙදා ගත්තු බත් ටික   කාලා අත සෝදාගෙන මම මිදුලට  යනකොටත් මුළු පරිසරයම අදුරු වෙලා මහා අනොරාවකට පෙර ලකුණු කියනවා හීනියට පොද වැටෙනවා මම මිදුලට ගිහින් ඇත කදු යාය දිහා බලාගෙන හිටියා අපේ මිදුලට ලස්සනට ඇත කදු පන්තිය පේනවා මම හරිම ආසයි ඒ දිහා බලාගෙන ඉන්න. ගිම්හාන්ලගේ ගෙවල් තියෙන්නේ ඒ කදු පන්තියට එහා පැත්තෙන් ගිම්හාන් මතක් වෙලා අයිත් මගේ ඇස් වලට කදුළු පිරුණා මල් පාත්තියේ කොනේ ඉන්දලා තිබුණු ගිම්හාන් මට ගිය උපන්දිනේට අරන් දීපු රෝස පැලේ ඉන්ඳපු දවසේ ඉදන් එක මලක්වත් හැදුනේ නැ මේ අවුරුද්දෙනම් ගිම්හාන්ට මගේ උපන්දිනේ අමතක උණා. එදා තමයි ඉස්සෙල්ලම මට ගිම්හාන්ගේ වෙනසක් තේරුනේ.මට එක මතක් වෙලා හිතට අවේ පුදුම තරහක් මම දුවලා කුස්සියට ගිහින් පිහිය ගෙනත් රෝස පදුර කපාගෙන කපාගෙන ගියා.
 

දෙවියනේ මොකද සුදු හාමිනේ ඔයි කරන්නේ.... අපරාදේ සාරෙට හැදිච්ච රෝස පදුර කෝ මෙහාට දෙන්න ඔයි පිහිය සුදු හාමිනේ ගෙට යන්න හයියෙන්වහින්නත් හදන්නේ මම මේ ටික අස් කරලා දාලා එන්නම් .....


නැ නන්ද ඔකේ මල් හැදෙන්නේ නැනේ මල් හැදෙනැති ගහක් මොකටද එකයි කැපුවේ 

නන්දා මට ආදරේට කියන්නේ සුදු හාමිනේ කියලා අම්මා කියන දේට වඩා මම නන්දා කියන දේ අහනවා මොකද අම්මා කියන්නේ සැරෙන්නේ නන්දා කියන්නේ ආදරෙන් නන්දා අපේ ගෙදර වැඩ කරන්නේ මම ඉපදෙන්නත් කලින් ඉදලලු මාව පොඩි කාලේ බලාගත්තෙත් නන්දලු එක වෙන්න ඇති නන්දා මට මේ තරම් ආදරේ මම ඉස්තෝප්පුවට ගොඩ උණා විතරයි මහා හයියෙන් වහින්න ගත්තා නන්දාත් දුවලා ඇවිත් කුස්සියට ගියා මන් කොපි එකක් හදන එන්නම් සුදු හාමිනේ කියාගෙන.
 

මොකටද නන්දෝ කොපි දැන්නේ බත් කැවේ....
 

නැ මේ සුදු හාමිනේට සිතල ඇතිනේ මැණිකේ....
 

හා හා එහෙනම් මටත් එක්ක හදන්වරෙන්කො.....
 

අම්මයි නන්දයි ගේ ඇතුලට ගිය නිසා මම විතරයි ඉස්තෝප්පුවේ ඉතුරුනේ මහා හයියෙන් වහිනවා වහලට වැටෙන වතුර එක සීරුවට ඇවිත් පොලවට වැටිලා ඇතට යන හැටි බලන් ඉන්න මම ඉස්සර ඉදලම ආසයි ඉස්සරනම් බෝට්ටු හදලා වතුරට දාලා ඇතට පාවෙලා යන හැටි බලන් ඉන්නවා මගදී පෙරලුනොත් අයිත් තෙමි තෙමි ගිහින් කෙලින් කරනවා. රෝස පදුරේ අතුත් වැස්සට ඇතට ගහගෙන යනවා මම බලන් හිටියේ දුකින් ජිවිතේ හැටි ඔහොම තමයි කියලා හිත හදාගන්න මට බැ ඒ තරම් මම ගිම්හනව විශ්වාස කරා එයා මට මෙහෙම කරයි කියලා මම කවදාවත් හිතුවේ නැ.

ඔතන තෙමෙනවනේ දරුවෝ හුලන් පොදට පිනි බාලා ලෙඩ හදාගන්නේ නැතුව ගෙට එන්න....


ඇත්ත තමයි හින් පොද ඇවිත් ඇගේ වැදෙනකොට හරිම සීතලයි මම ගේ ඇතුලට ගිහින් නන්දා හදපු කොපි එකත් අරන් පුටුවකට බර උණා.

 

මේ වැස්සනම් අද පායන පාටක් නැ මම සිල්වා මහත්තයලහට යන්න හිටියේ හැන්දෑවට ...
 

ඒ මොකටද නන්දෝ....
 

ඇයි මැණිකේ හෙට එහෙ දනයක්නේ ඇයි මැණිකේට කිවුවේ මතක නැද්ද...
 

හානේ මට හාන්කවිසියක්වත් මතක නැති උණා එහෙනම් උබ වැස්ස පායපුවහම පලයන් මම හෙට දවාලට ගිහින් දානේ ටිකක් බෙදලම එන්නම්....
 

මොකද දරුවෝ කතා නැත්තේ මොකද වෙලා තියෙන්නේ...
 

වෙනද තොර තෝංචියක් නැතුව කියවන මම සද්ද නැතුව ඉන්න එක අම්මට ලොකු ප්‍රශ්නයක් වගේ...
අම්මා කෙනෙක් දරුවොන්ට මොනතරම් ආදරේද දරුවෙක්ගේ පුංචි වෙනසක් උනත් අම්මා කෙනෙකුට තේරෙනවා
 

නැ අම්මා මුකුත් නැ...
හෙට පන්තිනේ කරන්න වැඩ ගොඩක් තියෙනවා අම්මා ...
 

මම අම්මට එහෙම කියලා කාමරේට ආවත් මට මුකුත් කරන්න හිතුනේ නැ එළියේ හොදටම වහිනවා මම රෙද්දත් පෙරවන් ඇදෙ හාන්සි උණා. දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ලා.
ඔයි විදියට දවස් තුනක් ගියා මම ගිම්හාන්ට කෝල් කරෙත් නැ කොහොමහරි හිත හයිය කරගෙන හිටියා හැබැයි මම ගිම්හාන්ට ලියුමක් යැවුවා මම තාරු අයියා බදිනවා කියලා. එදා ක්ලාස් ගියා වෙලාවෙත් යාලුවෝ කිවුවේ ගිම්හාන් එක්ක අයිත් යාලු වෙලා අර කෙල්ලවත් ගිම්හාන්ට නැති කරලා ටික කාලයක් ඉදලා අත ඇරලා දාන්න කියලා එත් මට ගිම්හාන්ට එහෙම කරන්න හිතෙන්නේ නැ. එත් මම ගිම්හාන් අමතක කරනවා කියලා හිත හදාගත්තා මම එහෙම හිත හිත ඉන්නකොට ගෙදර ෆෝන් එකට මැසේජ් එකක් අවා. බලනකොට ගිම්හාන්ගෙන් සිතු ඔයාට කොහොමද අයියා කතා කරාද මට ඒ මැසේජ් එක දැකලා ලොකු සතුටක් ඇති උණා මමත් හොදින් කියලා එකක් යැවුවා. මම වෙනදට වඩා සතුටින් එදා පන්ති යන්න ලෑස්ති උණා මොනා කරත් මට ගිම්හාන් නැතුව ඉන්න බැ

11 comments:

  1. මේක මාරම විදිහට හිතට දැනුනා..අපුරු ලියවිල්ලක් යාලු ..

    ReplyDelete
  2. අද බනින්න හිතෙන් නෑ....
    මොකද ඔය මෝඩකම් ටික මාත් ඔය විදියටම කළා..... කොච්චර හිත හදා ගත්තත් ඔයා හොදින් නේද නංගි කියලා මැසේජ් එකක් ආවට පස්සේ තමයි මගෙත් හිත හැදුනේ..... කවදාවත් නංගි කියන් නැති එයා එහෙම කිව්වම මට හරිම අමුත්තක් දැනුනා... ( කොහොම හරි මං වැඩිය අවාසනාවන්ත උනේ නෑ... හි හි.... රැපියල් 3000 ක් ඉවර වෙනකම් රෑ එලි වෙනකම් කතා කරලා නවත්තමු කියලා තීරණය කරපු අපේ ආදරේ දවස් තුනකට පස්සේ ආයෙමත් තිබුණට වැඩිය වැඩියෙන් පටන් ගත්තා...)

    ReplyDelete
    Replies
    1. aththa hiru tharha wela idala yalu unama adare wenadata wada wadi wenawa

      Delete
  3. ලස්සනා කතාවක් වගේ මුල ඉදන් බලන්නම් මන් ටිකක් දිග කතා බලනවානම් අඩුයි ඒ වුනත් මේ කොටස නම් ලස්සනයි ............

    ReplyDelete
  4. අපෝ මහා පිස්සු හොන්තුවක් මේ කෙල්ල

    ReplyDelete
    Replies
    1. ehema thamai lux malliyo kellonge hati oya thama podi nisa owa therenne na

      Delete
  5. නෙදකිං...
    අස්ථිර වූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර වූ ආදරයක් ඇතිවේනම් පුත්තලමේද ගෝවා වගා කල හැක!!!!!!

    ReplyDelete
  6. අපප්ට සිලි මෙන්න මේකි බැඳලා ඒ පාර

    ReplyDelete