My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Tuesday, August 14, 2012

ප්‍රේමය පුද දී අවසානයි පස්වන දිගහැරුම

යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න 

 ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස

ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස

ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම

ප්‍රේමය පුද දී අවසානයි සිවුවන දිග හැරුම

 

උදේම මම ලෑස්ති උණා ගිම්හාන්ව හම්බවෙන්න යන්න ඊයේ රැ මම ගිම්හාන්ට කෝල් කරාම අද හම්බෙමු කියලා මටත් කලින් කිවුවේ ගිම්හාන් මටත් මේකේ දෙකෙන් එකක් අද බේරුමක් කරගන්න ඕන නිසා මමත් තාරු මීට් වෙන එක පැත්තකින් තියලා ගිම්හාන් හම්බවෙන්න යන්න තීරණය කළා අම්මටත් බොරුවක් කියලා කොහොම හරි ගෙදරින් පැනගෙන පාරට ගිය ගමන් තාරුට කෝල් කරලා අද එන්න වෙන්නෑ කිවුවා තාරු තවම නිදි නිදි මතේම මොනවද කිවුවා මම ටක් ගාලා ෆෝන් එක කට් කරලා ආපු බස් එකට නැග්ගා.
මන් බස් එකෙන් බහිනකොටම ගිම්හාන් ඇවිත් හිටියා පුදුමයි අද. වෙනද මම ඇවිත්  පැයකට විතර පස්සේ තමයි ගිම්හාන් එන්නේ අද වහිද දන්නේනැ මෙයා මට කලින් ඇවිත් නිසා සමහරවිට අර ගැනුලමයගෙන් පුරුදු වෙන්න ඇති මම දුවල ලගට ගියා.

මොකද අද උදෙන්ම....

ඔයාව බලන්න හිතුණා එකයි.....

මෙයා මුකුත් නොදන්න බබා වගේ කතාව මමත් මුකුත් නොදන්න ගානට හිටියා මෙයා මගෙන් තමයි හොද පාඩමක් ඉගෙන ගන්නේ.

යමු නේද...

ගිම්හාන් හිනා වෙලා ඇහුවා

කොහෙද යන්නේ...

ඔයා කැමති තැනකට ....

ම්ම්ම්ම්ම් එහෙනම් බීච් එකට යමු....

මම සද්ද නැතුව බයික් එකේ වාඩි උණා.

ගිම්හාන් පොල් රුප්පාවක් එක්ක තිබුණු ලස්සන බීච් එකක් ලග බයික් එක නතර කරා

බහින්න....

මගේ ඇස් වල කදුළු පිරිලා මට දරා ගන්න බැ මගේ අයියව වෙන කෙනෙක්ට අයිති වෙන එක එත් මම හිත හදාගත්තා.

මොකද අඩන්නේ...

මට ඇත්ත කියන්න ඔයා වෙන කෙනෙක්ට ආදරය කරනවා නේද මට ඇත්ත කියන්න අයියේ.....

ගිම්හාන් හුගක් වෙලා කල්පනා කර කර ඉදලා දිග හුස්මක් පිට කරලා මන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ දුන්නා

ඔව් සිතු .....

මට හිතුනේ ඒ හුස්මත් එක්කම මාත් ගිම්හාන් ගේ ජිවිතෙන් එලියට විසි උණා කියලා.

මට  ඇඩුණේ නැ මම හිත හයිය කරගෙන ඇත බලාගත්තා.

එයා ගේ නම මොකද්ද අයියේ එයා ලස්සනයිද.... මට වඩා එයා හොදයිද....

ගිම්හාන් මුකුත් කිවුවේ නැ...

එයා සුදුයිද එයාගේ කොණ්ඩේ දිගයිද ....

ඔව්.....

එයාගේ නම....

විහගි.....

ඔයා මාව දාලා එයා ලගට යනවද අයියේ....

අනේ කියන්නකෝ....

මම ඇඩුවා මහා හයියෙන්  කැ ගහලා ඇඩුවා මට මාව පාලනය කරගන්න බැරි උණා

අනේ අයියේ ඔයාට එයාව ඕනද මාව එපාද....

ඔයා කියන ඒවමයි සිතු එයත් කියන්නේ

මට ඔයාවත් ඕන...

මට එයාව අතරිනත් බැ.....

මට මුකුත් කල්පනා උනේ නැ මම ගිම්හාන් බදාගෙන ඇඩුවා.

මට මුළු ලෝකෙම නැති උණා කියලයි මට හිතුනේ. අඩලා අඩලා මම අන්තිමට හිත හදාගෙන ඔලුව ඉස්සුවා ගිම්හානුත් අඩනවා මට පුදුම හිතුණා.

අපි දැන් යමු අයියේ....

අන්තිම පාරට කියලා හිතාගෙන මම ගිම්හාන්ගේ පපුවට තුරුල් උණා අයිත් කවදාවත් මේ ආදරේ මේ උණුසුම මට ලැබෙන්නේ නැ කියලා හිතුනම මට අයිත් ඇඩුණා ගිම්හානුත් ඇඩුවා. මට තේරුම් ගන්න බැ දෙවියනේ මේ කිසි දෙයක්

ඇයි අයියේ මාව දාලා යන්නේ මට හේතුව කියන්න....

අනේ මගෙන් උණ වැරැද්ද මට කියන්න....

ගිම්හාන් සද්ද නැතුව ගිහින් බයික් එකට නැග්ගා මාත් නැග්ගම බයික් එක වේගෙන් ඇවිත් අපේ ගෙදර ගාව නතර කරනකම් මම දන්නේ නැ

බහින්න....

ඔයා අයිත් ඒ කෙල්ල ගාවට යන්න එපා මගේ අයියේ මට පොරොන්දු වෙන්න.

ගිම්හාන් හා කියලා ගියා මම ගිම්හාන් නොපෙනී යනකම්ම බලාගෙන හිටියා.

              මම දන්නවා ගිම්හාන් හා කියලා ගියේ මගේ හිත හදන්න බොරුවට කියලා. මට හිතුණා ගිම්හාන්  තාමත් මට ආදරෙයි කියලා.  මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා රෑට නොකා ඇදට ගිහින් අයිත් ගිම්හාන්ට කෝල් එකක් ගත්තා. දෙවියනේ ෆෝන් එක ඔෆ් කරලා  මම ඇදට වෙලා අඩ අඩ ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා මම හිතුවේ ගිම්හාන් කියලා ඇදෙන පැනලා ෆෝන් එක ලගට දිවුවත් බලනකොට තාරු අයියා මොනවා කියන්නද කියලා හිත හිත ආන්සර් කරා.
 

සිතු ....
 

ඇයි තාරු අයියේ.....
 

මොකද දුකින් වගේ කතා කරන්නේ.....
 

නැ තාරු අයියා.... ඔයාට දැනෙනවද එහෙම
 

මට තාරු අයියා ගැන ගොඩක් දුක හිතුණා එයාට මාව කොච්චර දැනෙනවද එත් ඇයි දෙවියනේ මට තාරු අයියා ගැන ආදරයක් නොහිතෙන්නේ
 

 සිතු මොකද කතා නැත්තේ...
 

මන් ඔයාට පස්සේ කතා කරන්නම් තාරු අයියේ....
 

මම ෆෝන් එක කට් කරලා අයිත් ඇදෙ පෙරලුනා මට හිතෙනවා ගිම්හාන් එක්ක කොහොම හරි යාලු වෙලා අර ගැණු ළමයාගෙන් ගිම්හාන්ව උදුරගෙන ටික කාලයක් ගියාට පස්සේ ගිම්හාන්ව අත ඇරලා දාන්න ඕන කියලා.මට කරපු දේට එයාට දඩුවමක් දෙන්නම ඕන. එත් මට දුකයි ගිම්හාන් මට ඉස්සර ගොඩක් ආදරේ කරා ඒ ආදරේ මතක් වෙද්දී අයිත් මටඇඩුනා එලි වෙනකම් අඩ අඩ ඉදලා දන්නෙම නැතුව නින්ද ගිහින් උදේ නැගිටිනකොට ඇස් දෙක ඉදිමිලා.
                      අම්මා කතා කරන සද්දේ ඇහිලා සාලෙට දුවගෙන යනකොට තිසරු මල්ලි ඇවිත් හිටියා එයා මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක් ගිම්හාන්ලගේ ගෙවල් පැත්තේ තමයි ඉන්නේ.
              

කොහොමද අක්කා.....
 

හොදින් ඉන්නවා මල්ලි මොකද මේ පැත්තේ....
 

ආ අපේ අක්කා කිවුවා මේ පොත අක්කට දෙන්න කියලා ....
 

තිසරු මල්ලි අම්මගේ දිහා හොරෙන් බලලා පොත දීපු විදියෙන් මට හිතුණා ගිම්හාන්ගෙන් ලියුමක් වෙන්න ඇති කියලා එක දවසකුත් මට තිසරු මල්ලි අතේගිම්හාන්ලියුමක් එවලා තිබුණා.
 

හා මල්ලි මම කියවලා අක්කට අයිත් ඉක්මනට පොත එවන්නම් කියන්නකෝ....
 

හා අක්කා මම එහෙනම් යන්නද...
 

ඉන්න පුතා තේ ටිකක් බීලම යන්න...
 

එපා ආන්ටි දැන් පරක්කු වෙනවා 8.30 ක්ලාස්.... වෙන දවසක එන්නම්කෝ....
    

තිසරු මල්ලි ගිය ගමන් මම කාමරේට දුවලා ගියා අම්මත් මගේ පස්සෙන්ම ඇවිත්
 

මොකද දරුවෝ ඔය ඇස් දෙකේ හැටි හොදටම ඉදිමිලා ....
 

දැන්නේ නැගිට්ටේ ඒ නිසා වෙන්න ඇති අම්මා....
 

කෝකටත් මුණ හොදන් බලන්නකෝ ඇස් ලෙඩද දන්නෙත් නැ....
 

අමමා ගිය ගමන් මම පොත අස්සේ තිබුණු ලියුම එලියට ගත්තා.                         

Wednesday, August 8, 2012

ප්‍රේමය පුද දී අවසානයි සිවුවන දිග හැරුම

මුල් කොටස් නොකියවපු  අය මේ පැත්තට ගිහිල්ලම එන්න

ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස 
ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස
ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම


දෙවියනේ ඇත්ත තමයි මම ගිම්හාන් එක්ක යාලු වෙන්න කලින් තාරු අයියට බලාපොරොත්තු දුන්නා තමයි එත් දැන් අවුරුදු 2 ක විතර ඉදලා මම එක කෝල් එකක්වත් තාරු අයියට දීලා නැ තාරු අයියත් එහෙමයි අපේ පවුලේ හැමෝමත් තාරුට ගොඩක් කැමති නිසා මම ගොඩක් උත්සහා කරා තාරුට ලංවෙන්න එයාට ආදරේ කරන්න එත් තාරන්‍ය  ලගදි මට එයා ගැන එහෙම හැගීමක් නොදැනෙන නිසයි මම එයාගෙන් ඇත් උනේ.  මම කවදාවත් තාරුට ආදරේ කියලා නැ.
                           මට දැන්නම් තාරු අයියා ලග ලොකු ආරක්ෂාවක් දැනෙනවා මගේ හිත හදාගන්න තාරු අයියට ලං වෙන්න කියලා මගේ හිත කිවුවත් ඒ විදියට ආත්මාර්ථකාමී වෙන්න මට බැ මම දැන් ඉස්සර හිටපු පරම පිවිතුරු රෝස මල නෙමෙයි ගිම්හාන් අතින් මට වරදක් නොඋනත් මායි ගිම්හානුයි සාමාන්‍ය බැදීමකට වඩා ගොඩක් ලගින් ආශ්‍රය කරා ගිම්හාන් ඇරෙන්න වෙන කෙනෙක් මගේ අතින් ඇල්ලුවත් මන් ගිම්හාන් වෙනුවෙන් රකින මගේ පිවිතුරු බව නැති වෙයි කියලයි මට හිතෙන්නේ ඉස්සර ඉදලම මම ආස නැ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක යාලු වෙන්න මම දැනුම් තේරුම් තියෙන වයසේ ඉදලම හින දැක්කේ කවදාහරි මාව අල්ලන්න දෙන්නේ මන් බදින කෙනාට විතරයි කියලා එකම වෙන්න ඇති මට මෙච්චර ලොකු වරදක් කරලත් මම ගිම්හාන්ට තාමත් පන වගේ ආදරේ කරන්නේ එත් දැන් මට ගිම්හාන් අයිති නැ.

සිතු ......

මම බයවෙලා පිටි පස්ස බැලුවා අම්මා මගේ ලගටම ඇවිත් මන් දැක්කෙත් නැ මන් ලග හිටපු තාරු අයියා  ගිහින් ටේබල් එකෙන් වාඩි වෙලා කවුදෝ ඇන්ටි කෙන්නෙක් එක්ක කතාව.

ඇයි අම්මා.....
 
එන්නකෝ ....
 
කවුද අම්මා අර ආන්ටි .....
 
ෂුවර් එකට අම්මගේ පරණ යාලුවෙක් හරි නෑදෑයෙක් හරි වෙන්න ඇති මොකද ඉතින් අම්මට ගමේ ආවොත් යාලුවෝ නෑයෝ වැහි වැහැලා අපේ අම්මගේ ගම ගාල්ලේ උඩුගම කිට්ටුව එක හරිම ලස්සන ගමක් අපේ ආච්චිලගේ ගේ තියෙන්නේ මහා කන්දක් මුදුනේ ඉස්සරනම් වාහනයකට යන්න බැ අපේ තාත්තා මාව වඩාගෙන තමයි එක්ක ගියේ  ඒ කන්දට පහලින් ලස්සන දොළ පාරක් ගලාගෙන යනවා අච්චිලටනම් තිබුනේ පුංචි කටු මැටි ගහපු ගෙයක් එකත් හරිම ලස්සනයි
                                       මමත් අම්මා පස්සෙන් ගියා
 
මේ මගේ ලොකු දුව ....
 
අම්මා මාව හදුන්වලා දුන්නා
 
මේ මගේ හොදම යාළුවා දුව අපි ඉස්ස්කොලේ ගියේ එකට හිටියෙත් එකම පන්තියේ .....
 
මාත් හිනා වේවි හිටියා .
 
දුව තාම ඉස්කෝලේ යනවද ...
 
නැ ආන්ටි දැනට පොඩි පොඩි කෝස් වගයක් කරනවා ....
 
තා පුතෙක් ඉන්නවා කියලා මට සුදු හම්බුනු වෙලාවක කිවුවා කෝ පුතා ....

සුදු කියන්නේ අපේ චුටි පුංචිට

හා පුතා ගෙදර මෙන්න මේ බබා ලෙඩ උනානේ උදේ දැන් මේ හොස්පිටල් එකේ ඉදලා ගෙදර එක්ක යන ගමන් ...
  
හානේ ඒ මොකද උනේ ....
 
අම්මා ඔන්න ඉතින් විස්තරේ කියනවා මාත් හිනා වේවි හිටියා
 

දැන් හිනා වෙනවා මෙතන හැමෝමම බය කරලා නේද ආන්ටි ....
 

තාරු අයියා හිනා වෙලා කිවුවා ....
 

මේ දුව මැරි කරන්න ඉන්න කෙනාද ...
 

මෙන්න ආන්ටි අහපී මම උඩ ගියා
 

නැ ආන්ටි මේ අපේ දුරින් නෑයෝ වෙන අයියා කෙනෙක් ....  


මම ටක් ගාලා පැනලා කිවුවා. තාරු ගේ මුණ නම් අදුරු උනා පව් අප්පා තාරු මට වෙලාවකට දුකයි.

අපි මොනා හරි කමුද
... දුව මොනාද කන්නේ
 

මටනම් අච්චිලහා ගිහින් බත් කන්න ඕන අම්මා මොනා හරි පොඩි දෙයක් කාළා යමු .....  


මම කොහොමත් කඩවලින් කන්න ආස නැ අපේ ආච්චි උයන බත් කන්න කොහොමත් මම ගොඩක් ආසයි
 
 

මොකද්ද දුව කෑම ටිකක් කාළා යන්නකෝ දැන් අපේ මහත්තයත් එනවා ඇති එයා ටිකකට ටවුන් එකට ගියා බඩු වගයක් ගෙන්න....
 

අපේ අම්මනම් කැමති ඉන්නමයි ,
 

මේ දරුවට පරක්කු වෙයිනෙ ලතෝ එක නිසා ඉක්මනට යන්න ඕන.
 

අප්පෝ මට පරක්කු වක් නැ ආන්ටි....
 

තාරු අයියා එක කිවුවේ උඩ පැනලා

මටත් හිනා...
 

අපි යමු අර පැත්තට ඇවිදලා බලලා ලස්සනයිද කියන්නකෝ ...
 

ගොඩක් කල්ද ආන්ටි මේක පටන් අරන්...
 

නැ පුතා තාම අවුරුද්දයි....
 

මටනම් තනි වෙන්නයි ඕන ඒ නිසා අම්මලට යන්න කියලා මම එතනම වාඩි වෙලා හිටියා මන් හිතුවේ තාරු අයියත් ගියා කියලා එත් මෙනන් බිම දෙකක් උස්සන් එනවා.
 

ආ බොන්න දැන් ඉතින් වෙච්ච දේවල් ගැන හිතලා වැඩක් නැ ඉස්සරහට කරන දේ ගැන හිතන්න.
 

හ්ම්ම්ම්ම්....
 

මොකද හ්ම්ම්ම් හ්ම්ම්ම් ගාන්නේ බස්සෙක් වගේ....
 

නැ තාරු අයියා කරන්න ඕන දේ මට හිතා ගන්න බැ
 

මේ පාර මන් යනකොට මාත් එක්ක යමු...
 

මට එක පාරටම ඒ කියපු දේ ගැන හිතා ගන්න බැරි උනා. මන් තාරු අයියට මේ තරම් නපුරු කම් කරලත් එයා මට තාම ආදරෙයි මේ වෙන්න ඇති සැබෑ ආදරේ  කියලා මට හිතුණා. එත් ඇයිද මන්දා මට තාරු අයියා ගැන ආදරයක් හිතෙන්නෙම නැ මේකනම් මගේ කරුමේ වෙන්න ඕන එත් ගෙදර හැමෝමත් කැමති එකේ මන් හිතුවා තාරු අයියට කැමති වෙන්න ඕන කියලා බැදලා ටික කාලයක් යනකොට මගේ හිතේ තාරු ගැන ආදරයක් ඇති වෙයිනෙ.
 

අපි හෙට නිදහසේ මීට් වෙලා කතා කරමු තාරු අයියේ   මට තව ටිකක් හිතන්න ඕන....
 

තීරණයක් ගන්න කලින් තව එකම එක පාරක් ගිම්හාන්ට කතා කරන්න ඕන කියලා මට හිතුණා මොකද මගේ හිතා තාමත් ගිම්හාන් ගාව නිසා.

                               

                       මතු සම්බන්දයි

Tuesday, August 7, 2012

ප්‍රේමය පුද දී අවසානයි තෙවන දිග හැරුම

මුල් කොටස් නොකියවපු  අය මේ පැත්තට ගිහිල්ලම එන්න
 

ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස

ප්‍රේමය පුද දී අවසානයි... 2 කොටස

 

                 

                 

          හිත හදාගන්න පුලුවන්නම් හදා ගන්න තිබුණා
               
ඔබ මවා දුන්න ලෝකයේ මම නිහඩ වෙලා උන්නා
               
දුර ඇත ඉදන් සිහින ගෙනත් මගේ ලෝකය පුරවා
               
බොරු ආදරයක් පෙන්නා
ඔබ
මා අසරණ කෙරුවා.....

                  
මගේ කල්පනාව බිදුනේ තාරු දාපු cd  එකෙන් ආපු සින්දුවේ හඩින් ඇත්තටම මටත් හිත හදාගන්න බැ කොහොමමත්ම බැ ඇයි ගිම්හාන් ඔයා මට මේ තරම් ලොකු බොරුවක් කරේ ඔයාට මට කියන්න තිබුණා. ඔයාගේ වෙනසක් තේරෙනකොටම මම ඔයාගෙන් ඇහුවා ඔයාට වෙන කෙනෙක් ඉන්නවද කියලා එත් ඔයා මුකුත් නොකිය ෆෝන් එක කට් කරා. මම ඔයාට මොන වැරද්දක් කරාටද ගිම්හාන් ඔයා මට මෙහෙම කරේ  මගේ හිත  මේ විදියට විලාප දුන්නත්  ඒ දුක අහන්න ගිම්හාන් මන් ලග නැ කියලා මන් දැනගෙන හිටියා.
ආන්ටි අපි මොනවා හරි කාළා යමුද මගින් නවත්තලා.....

 

හා පුතේ මෙයත් බඩගින්නේ නේ ඉන්නේ....
 

ඔව් උදේටත් කැවේ නැ කිවුවනේ....
 

මෙයානම් උදේට කිරිබත් පිගානක්ම කැවා....

අම්ම කියපු දෙයින් මම උඩ ගියා තාරු මන් දිහා බැලුවේ අපරාද කාරයෙක් දිහා බලන විදියට මට ඒ මුණ දිහා බලන්න බැරි නිසා මම අහක බලා ගත්තා

එතකොට ආන්ටි ඇයි දන්නේ නැ
සිතු ට කලන්තේ හැදුනේ  ඩොක්ටර්ස්ලා මොනාද කිවුවේ.....
 

විශේෂ දෙයක් කිවුවේ නැ පුතා එක පාරටම හිතට දැනුනු කම්පනයක් නිසා එහෙම වෙන්න ඇති කිවුවා.... එත් ඉතින් කම්පනයක් වෙන්න දෙයක් එතන උනේ නැනේ මටත් පුදුමයි.... මේ ළමයා මෙහෙම හිටියට හරිම හිතුවක්කාරයි පුතා කියන කිසි දෙයක් අහන්නේ නැ රැට නානවා.... මමයි තාත්තයි කොච්චර එපා කිවුවත් කනකට නෙමෙයි ගන්නේ......

අම්ම කියවනවා ඉවරයක් නැ මට බඩේ අමාරුවක් හැදුනත් අපේ අම්මයි තාත්තයි කියන්නේ රැට නාන නිසා තමයි එහෙම උනේ කියලා මේ වෙලාව කතා කරන්න නුසුදුසු වෙලාවක් නිසා මාත් කටවහගෙනම ගියා මොනා කරන්නද නැත්නම් අම්මා අච්චිලහට යනකම්ම කියවයි.

තාරු පිටි පස්ස බලලා හිනා උනා......
 

එහෙම තමයි ආන්ටි ඔයි වයසේ වැරැද්ද .....

මෙන්න මෙයා මහා ලොකු සියා වගේ කතාව මගේ වයසේ වැරද්දලු මෙයා මට වඩා අවුරුදු 2 යි  වැඩිමල් මට ඉතින් ඔයි වගේ ඒවා කියනකොට කට පියා ගෙන ඉන්න බැ එත් වෙලාවේ හැටියට මම කට වහගෙන ඉන්න එක ඇගට ගුණයි කියලා හිතුනා.තාරු පාර අයිනේ තිබුණු පුංචි රෙස්ටුරන්ට් එකක් ගාව කා එක නැවැත්තුවා මම කා එකෙන් බැහැලා ගිහින් ඇතුලේ තිබුණු ටේබල් එකක වාඩි උනා. අම්මා නම් මුණ සෝද ගන්න ඕන කියලා වොෂ් රුම් එකට ගියා මම ඇත පේන කදු යාය දිහා බලන් ඉන්නකොට තාරු මට කතා කරා. මම බයෙන් බයෙන් තාරු ඉන්න තැනට ගියේ කියපු බොරුව අතේ පත්තු උන නිසා. දැන්ඉතින් අහන ඒවට කියන්න උත්තර හදාගන්නත් ඕනනේ  ඕක තමයි කියන්නේ එක බොරුවක් වහන්න බොරු දාහක් කියන්න වෙනවා කියලා දුක තමයි කුම්බලා මාළු කෑවනම් විදවපන් බළලෝ කිවුවලු.

හිරුනි....
 

එක පාරටම මම උඩ ගියා තාරු කවදාවත් මගේ නම කියලා මට කතා කරන්නේ නැ හමෝම මට ආදරේට කියන්නේ සිතු කියලා ඒ මට පුංචි කාලේ ගෙදරට දාපු නම තාරුත් මාව දැකපු දවසේ ඉදලම කතා කරේ සිතු කියලා. එකටනම් මට ගොඩක් දුක හිතුනා.

ඇයි තාරු අයියේ....

මම බිම බලාගෙන ඇහුවා

ඇයි මට බොරු කිවුවේ..... ඇත්තටම මොකද උනේ ....

මට හිතුනා උන හැමදේම තාරු අයියට කියන්න මොකද මගේ හිතේ තියෙන මේ දුක තා ටිකක් වෙලා තනියම උහුලන් හිටියොත් පපුව පැලිලා මාව මැරෙයි අනිත් එක මේක මගේ යාලුවෙක්ටවත් කට ඇරලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ දේ කියන්න හොදම කෙනා තාරු අයියා කියලා මට හිතුනා. මම ඒ වෙලාවේ උන හැම දේම තාරු අයියට කිවුවා. මන් කියන හැමදේම සද්ද නැතුව අහන් හිටපු තාරු අයියා අන්තිමට කියපු වචන ටික  අහලා මගේ පපුව හෝස් ගලා පත්තු වෙලා ගියා.
 

මන් ඔයාව මලක් වගේ ආදරෙන් බලා ගන්න මේ වෙනකනුත් හින දැක්කා සිතු   .... ඒ බුරුවා මගේ මල තලලා පොඩි කරලා දාලා....
 

එහෙම කියපු තාරු අයියා දිග හුස්මක් අරන් මන් ගාවින් යන්න හැදුවා.....
 

තාරු අයියේ....
 

ඇයි.....
 

මට ඔහොම සැර කරන්න එපා තාරු අයියේ මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ දෙවියනේ.....
 

නැ සිතු මට දරා ගන්න බැ මන් හිතන් හිටියේ ඔයා තාම ඉගෙන ගන්න නිසා මට බැ කියනවා කියලා
මන් දහසක් හින දැක්කේ ඔයා මගේ කරගන්න තාම ඔයා පුංචි නිසා මම ඔයාව මගේ පුංචි රෝස මල කියලා හිතාගෙන ඔයා ට කතාවත් නොකර ඔයාට කොහොමද කියලා මල්ලිට කෝල් කරලයි දැන ගත්තේ වෙන රටක ඉදලත් ඔයාට කොහොමද කියලා දවස් දෙකකට සැරයක් වත් මල්ලිට කෝල් කරලා ඇහුවා.             

මාත් අසරණයි දැන්..... මාව පිස්සෙක් වෙයි.....සිතු

තාරු අයියේ අනේ.......
 

මන් දන්නවා ඔයා මට ආදරේ කරේ නැ කියාලා එත් ඔයා මට බලාපොරොත්තු දුන්නා නැ කියලා කියන්න එපා.....
                      

                                         මතු සම්බන්දයි