My Blog List
අපි ලංකාවෙ
Saturday, August 4, 2012
ප්‍රේමය පුද දී අවසානයි... 1 කොටස
බස් එකේ සෙනග නිසා නැග්ග වෙලාවේ ඉදලා ඔලුව රිදෙනවා එත් ඉතින් මොනා කරන්නද බැහැලා වෙන එකක යන්නයැ. අමාරුවෙන් ඇස් දෙක පියාගෙන නිදා ගන්න ට්‍රයි කරා මට කොහොමත් බස් එකේ ගොඩක් සෙනග ඉන්නවනම් ඔලුවේ කැක්කුම හැදෙනවා.
කොහොමින් කොහොමින් හරි ටිකක් දුර යනකොට සනීපෙට නින්ද ගියා හැබැයි ඉතින්සැරින් සැරේ ඇහැරි ඇහැරී වට පිට බලනවා නැත්නම් බස් අයිති කාරයාගේ ගෙදර තමයි යන්න වෙන්නේ. ගාල්ල හරියේදී විතර නැගිටලා වට පිට පොඩි සර්ච් එකක් දැම්මා.
නංගි මට ඔයාව හොදට දැකලා පුරුදුයි ඔයා ෆ්ලෙමින්ගෝ එකේ ඩාන්සින්ග් ක්ලාස් ආවද.
මගේ කන ලගින්ම ඇහුනු කටහඩින් මම ගැස්සිලා ගියා. එක පාරටම මම ඔලුව උස්සලා බැලුවා. මෙන්න දෙවියනේ ලස්සන කොල්ලෙක් හිනා වේවි මන් දිහා බලන් ඉන්නවා. ඇත්තටම ඒ හිනාව ලග මගේ ඇසුත් නැවතුනා. වැස්සකටවත් ඩාන්සින්ග් ක්ලාස් එකකට ගිහින් නැති මම මේකා කොහොම දැක්කද කියලා මම කල්පනා කරා.
ම්ම්ම්ම් නැ මම ඇවිත් නැ....
ඔයා වගේම නංගියෙක් හිටිය ක්ලාස් එකේ ඔයාගේ වගේම එයාගෙත් නිකටේ බිර්ත් මාර්ක් එකක් තිබ්බා....
එක වගේ හත් දෙනෙක් ඉන්නවලුනේ නේද....
හ්ම්ම්ම් මම හිනා වෙලා ජනේලෙන් එලිය බැලුවා.
මම කැමති නංගෝ ඔයාව අදුර ගන්න...
මෙන්න මේකා අයිත කියවනවා මටත් මොනා උනාද මන්දා වෙනද නම් කොච්චර කොල්ලෝ කතා කරත් මම නෙමෙයි මින් කියන්නේ එත් මටත් හිත කතා කරන්නමයි එත් මම කතා කරේ නැ මගේ ආඩම්බර කම චුට්ටක් පෙන්නුවේ නැත්නම් ගතියක් නැ වගේ මම හිනා වෙලා අයිත එලිය බලාගෙන ගියා.
මම කැමති යාලුවෙක් විදියට ඔයාව අදුර ගන්න.....
ඔන්න අයිත කියනවා. ඒ පාරනම් මටත් කතා කරන්නමයි හිත ඇත්තටම ඒ මුණ බලන්නමයි හිතෙන්නේ මන් ගාවම හිට ගෙන යන නිසා ඔලුව උස්සලම්යි මුණ බලන්න ඕන ඉස්සරහින් වත් හිටියනම් හොරෙන් වත් බලන්න තිබුණා අපරාදේ මොනා කරන්නද හිත කියන දේ අහන්නෙත් නැ මම ආඩම්බර කම පැත්තක තියාලා ඔලුව උස්සලා මුණ බැලුවා ඇත්තටම කටපුරා ලස්සනයි කියන්න පුළුවන් ලස්සන කොල්ලෙක් සුදුම සුදුයි උස මහත ගානට කොන්ඩ්ඩේ ජෙල් ගාලා ලස්සනට පීරලා ඇස් දෙක දිලිසෙනවා. ඇත්තටම හැමදාම කොල්ලොන්ට ආඩම්බර කම උපරිමේටම පෙන්නන මගේ හිත අද මටම අවනත නැ මොනා කරන්නද කතා කරන්නමයි හිත.
මම පබුරන හරියේ
මම... ක්ලාස් යනවා...
නුගේගොඩ
මොනාටද ක්ලාස් යන්නේ...
ෂා නියමයිනේ අපිටත් පුළුවන් වෙයි නේද උදවුවක් ගන්න රගපාන්න එන්න....
මට හිනා මමත් හොදට ක දේ දාගෙන යනවා අනේ මගේ අයියා දැන ගත්තොත් වසාලා හමාරයි. එත් ඉතින් ඒයා දැන ගන්නේ කොහොමද මම කියන්නේ නැනේ එත් ඒයා මට කොයි තරම් නපුරු කම් කරත් මම ආදරේ කරන්නේ පන වගේ ඒයාට මගේ ජිවිතේ මගේ රත්තරන්ට නොකියපු දෙයක් නැ ක්ලාස් ගිහින් එනකොට එදා දවසේ උන හැමදේම ෆෝන් එකෙන් කියවන එක මගේ සිරිතක්.
මොකද සද්ද නැතුව කල්පනාව...
මේකත් එල්ලී එල්ලී කතාවටමයි එන්නේ අද කාලේ මිනිස්සු විශ්වාස කරන්න
බැරි
උනාට ඒ ඇස් වල මොකද්දෝ අවංක කමක්
ලියවිලා තිබුණා. එකමයි මට කතා කරන්න හිතුනෙත්.
මොනා උනාද කියලා මමවත් දන්නේ නැ
මොකද කල්පනාව.... ඔයා දාගන්නකෝ මගේ නම්බර් එක...
මමත් මුකුත් නොකිය ඒ නම්බර් එක මගේ පොන් එකේ සේ ව් කර ගත්තා...
දැන් මට රින්ග් කරන්නකෝ.....
මාත් රින්ග් කරා
ඔයාගේ නම... මම නිසල්
ඇත්තටම ඔ යා වගේම නමත් ගොඩක් ලස්සනයි කියන්න කටට ආවත් මම ඒ සිතුවිල්ල හිත ඇතුලෙම ගුලි කරා ගත්තා
කියන්නකෝ ඔයාගේ නම....
නිසල් අයිත් කියනවා.
මම හිරුනි.....
ෂා ලස්සන නමක් නේ....
මම හිනා වෙලා බිම බලාගත්තා මට මොකද වෙන්න යන්නේ කියලා මටවත් හිතා ගන්න බැරි උනා මොනා උනත් මට ඒ වෙලාවේ මේ ලෝකෙම අමතක වෙලා තිබුනේ එත් මගේ අයියා පැටියවනම් හිතේ කොනක සැරින් සැරේ විදුලි කොටනවා වගේ මතක් උනා එත් මේ ඇස් ඉස්සරහා මගේ හිතේ විදුලි කොටනවටත් වඩා ලොකු දෙයක් වෙනවා.
ඇඩ් එකක මේ වගේම නළුවෙක් ඉන්නවා මට යන්තමට වගේ මතකයි.
මම ඉස්සරහා බහිනවා නංගෝ......
නිසල් එහෙම කියද්දී මට ලොකු දුකක් දැනුනා මන් හිතුවේ ඒයා කොලබටම යනවා කියලා.
මම හා කියලා ඔලුව වැනුවා මගේ හිතේ තිබුණු දුක මුනෙන් පෙනුනද මන්දා නිසල් ගේ මුනත් දුකින් පිරිලා එත් දෙන්නගෙන් කවුරුවත් ඊට පස්සේ වචනයක් වත් කතා කරේ නැ නිසල් අම්බලන්ගොඩින් බැස්සා. බස් එකෙන් බැහැලා ත් ඒයා මන් දිහාම බලාගෙන හිටියා. කොහොම හරි මම අයිත් ඇස් දෙක පියාගෙන ඒ මුණ මතක් කරා මගේ අයියා නිසල්ට වඩා ලස්සනයි කියලා හිත කියනවා මම හිතත් එක්ක රණ්ඩු කරේ නැ එත් ඒයා ජිවිතේ එක පාරක් මේ අහින්සකි රැවට්ටුවා කියලා මතක්වෙනකොට හිතට වාවන්න බැ.
Thursday, August 2, 2012
පුංචි සමනළී - අවසාන කොටස
මම ඒ මුහුණ දෙස බලාගෙනම ගමන් කලෙමි. එක වරම දිනෙත් මා දෙස බැලුවේය. මම වහා ලජ්ජාවෙන් බිම බලා ගත්තෙමි. ඒ දෙනෙත් දෙස එක වර බලන්නට මට බැරිය ඒ දෙනෙත් තුල මා වෙනුවෙන් මහා මෙරක් තරම් ආදරයක් සිරවී ඇති මට සිතේ. මොකද සද්ද නැතුව යන්නේ ......
මම වහා හිස ඔසවා දිනෙත් දෙස බැලුවෙමි. මම මේ ලස්සන බැලුව. මම නොසිතාම පැවසුවෙමි. මම කොහොමත් පුංචි කලේ සිට කතා කරන්න ගියාම කියවගෙන කියවගෙන යනවා මිස සිතන්නේ නැත. මම දැන් ඒ වැරැද්ද හද ගන්නට උත්සහ ගනිමින් සිටින්නෙමි.
නැ මේ කැලාවේ ලස්සන දිනෙත් මා වරදවා වැටහ ගනිති බියෙන් මම වහා පැවසුවෙමි. දිනෙත් අහක බලාගෙන සිනා සෙන්නට විය. මා දන්නා පරිදි ඔහුත් මව හොදින් තේරුම් ගෙන ඇත. මම බිම බලාගෙන ගමන් කලෙමි. නෙතු
........ මහා
දුරක සිට එන්නක් මෙන් ඒ හඩ විත් මගේ සවන් සිප ගත්තෙමි මම එක් වරම හිස ඔසවා දිනෙත් දෙස බැලුවෙමි. සමදරා නැඟී ඔයාගෙන් මුකුත් ඇහුවද. මගේ
සිත අතීතයට දිව ගියේ සැනකිනි.
පෙර දින සමදාරත් අම්මලත් සමග දිනෙත් අපේ ගෙදර පැමිණි දිනය මට අද වගේ මතකය එදා සමදරා මා
දිනේත්ට කැමති දැයි කියා
මගෙන් දෙතුන් පාරක් ඇසුවාය. එඩින්
දිනෙත් ඉදිරි පිටදිත් සමදරා
මගෙන් ඒ ගැන විමසුවාය මම ලජ්ජාවෙන් ගෙට දුවගෙන ගියෙමි. එදින රෑ දිනේත්ට
මුණ සොදගන්න්ට වතුර ගෙනත් දී මම ගෙට යන්නට යන විට දිනෙත් මට කතා කොට ඔහුගේ කමිසය ගලවා මා අතට දුන්නේය. මම එය රැගෙන ගොස් රැක් එකේ එල්ල නැවත අතට ගෙන එය සිප ගත්තෙමි. ආත්ම
ගණනාවක් පුරාවට හුරු සුවදක් මට දැනුනා මතකය. එතරම් මිහිරි සුවදක් මා කිසි දිනක මා විද තිබුනේ නැත දැනුත් මට ඒ සුවද දැනෙන්නට විය. මම නෙත් ඔසවා වට පිට බැලීමි. දෙනෙත්
ආදරයෙන් මා දෙස බලා සිටියෙමි.
කෝ මම අහපු දේට උත්තර නැද්ද......
ම්ම්ම්ම්ම්ම් ...... මම
සිනා සුනෙමි
ඔයාට කලින් ගිර්ල් කෙනෙක් හිටියද අයියේ.....
ඔව් ඉස්සර හිටියා එත් දැන් නැ....
ඔයා මට අකමැතිද නෙතු...... ඔයාට වෙන කෙනෙක් ඉන්නවද
අප්පෝ නැ මම බිම බලාගෙන පැවසුවෙමි.
එහෙනම් ඇයි උත්තර නැත්තේ..... ඔයා ඇයි කලින් සම්බන්දෙ නැවැත්තුවේ
එයාව මට ගැලපෙන්නේ නැ එකයි.....
ම්ම්ම්ම්ම්ම්.......
ඔයාට පස්සේ හිතෙයි මාවත් ගැලපෙන්නේ නැ කියලා. එක නිසා අපි කලින් ආශ්‍රය කරලා බලමු ඊට පස්සේ ඔයා කියන්නකෝ මම ඔයාට ගැලපෙනවද කියලා අපි යාලුවෝ වගේ ඉමු හරිද ම්ම්ම්ම්. ඔවු හරි....අප පන්සලට ගොස් වැද අවට නැරබුවෙමු හිතට දැනෙන්නේ පුදුම සැහැල්ලුවකි මම දිනෙත් දෙස බැලුවෙමි. ඔහුගේ මුහුණේ ඇත්තේ ශාන්ත පෙනුමකි ඇත්තටම මම දිනේත්ට ආදරය කරමි මහා මෙරක් තරමටම ආදරය කරමි. මගේ සිත පැතු ජීවිතය අද මට ලැබී ඇත එත් මේ ආදරය මගේම කරගන්න තරම මම වාසනාවන්තදැයි මම නොදන්නෙමි. එත් මම හැමද මෙලෙස දිනේත්ට ආදරය කරමි.
හරිම මහන්සි සුදු අයියේ සමදරා දිනේත්ගේ අතේ එල්ලී කෙදිරි ගාන්නට විය
ම්ම්ම්ම්ම් ලග ලස්සන රෙස්ටුරන්ට් එකක් තියෙනවා යමුද කෑම කාලා ටිකක් වෙලා ඉදලා එමු
මම කිසිත් නොකියා බිම බලාගෙන සිටියෙමි
මොකද නෙතු සද්ද නැත්තේ...... නැ නික අයියේ.... ඔය අකමැතිද..... නැ යමු මටත් බඩගිනි....
අපි හතර දෙනාම වාහනයට ගොඩ විය. සමදරා දෑස පියාගෙන මගේ උරහිසට බර වුවාය මට ඇය ගැන දුක සිතුන්මි. ඇය ටිකක් මහතා වැඩි නිසා යට මහන්සි වැඩිපුර දැනෙන්නට ඇත. අප දෙනියාය පාරේ ටික දුරක් ගිය පසු සුදු අයිය වහනය අතුරු පාරකට හැරෙවුවායපර දෙපසම වුයේ සුන්දර වනාන්තරයි පාර දෙපස ලස්සන කැලැ මල් පිපි සුන්දරත්වය දෙගුණ තෙගුණ කර තිබිණි. මගේ සිතුවිලි දැහැන බිදුනේ සුදු අයියගේ හඩිනි.
ඔයාට අමාරුද සමා..... සමදරා අමාරුවෙන් සිනාසී නැ කීවාය.
සමදරාගේ ඔලුව අතගැවෙමි. ඇය සනීපයට ඇස් පියාගෙන මගේ උරහිසට බර වුවාය. නැවත පැමිණි
සුදු අයියා සමා ව වත්තන් කරගෙන රෙස්ටුරන්ට්
එක දෙසට ගියාය.ඔවුන් නොපෙනී යන තෙක් මම ඔවුන් දෙස බලා සිටියෙමි.
දිනෙත් මා ලගට එන තෙක් මම ඔහුව දැක්කේ නැත.
කොයි ලෝකෙද
හිටියේ....
අගහරු ලෝකේ හිටියේ....
හා ඇත්තද මාවත් එක්කගෙන යන්න බැරිද අගහරු ලෝකෙට. අප්පොයි බෑ ඔයාට එහෙ ගිහින් පලු දැනෙයි ඔයාගේ ගැණු ළමය
නැතුව. එක් වරම දිනෙත් ගේ මුහුණ අදුරු විය. ඔහු කතාවක් නැතුව ඇත සමනලයෙක් දෙස දෑස රදවා ගෙන සිටි මා අතින්
වැරදි යමක් කියා උනාදොයි මට සිතුනි.
ඇත්තට දිනෙත් අයියා ඔයාට girl කෙනෙක්
නැද්ද ම්ම්ම්ම්ම්ම්
හිටියා එත් දැන් නැ..... ම්ම්ම්ම්ම්ම්
එක් වරම දිනෙත් මගේ දෑත ඔහුගේ දෑතට සිර කරගත්තේය මුළු ගතම හිරි වැටි
යනවා මෙන් දැනුනි මම ඔහුගේ උණුසුමට ගුලි උනෙමි.
Subscribe to:
Posts (Atom)

