ප්‍රේමය පුද දී අවසානයි පස්වන දිගහැරුම
යාලුවනේ මුල් කොටස් නොකියවපු අය මේ පැත්තට ගිහින් කියවලම එන්න
උදේම මම ලෑස්ති උණා
ගිම්හාන්ව හම්බවෙන්න යන්න ඊයේ රැ මම ගිම්හාන්ට කෝල් කරාම අද හම්බෙමු කියලා
මටත් කලින් කිවුවේ ගිම්හාන් මටත් මේකේ දෙකෙන් එකක් අද බේරුමක් කරගන්න ඕන
නිසා මමත් තාරු මීට් වෙන එක පැත්තකින් තියලා ගිම්හාන් හම්බවෙන්න යන්න තීරණය
කළා අම්මටත් බොරුවක් කියලා කොහොම හරි ගෙදරින් පැනගෙන පාරට ගිය ගමන් තාරුට
කෝල් කරලා අද එන්න වෙන්නෑ කිවුවා තාරු තවම නිදි නිදි මතේම මොනවද කිවුවා
මම ටක් ගාලා ෆෝන් එක කට් කරලා ආපු බස් එකට නැග්ගා.
මන් බස් එකෙන් බහිනකොටම ගිම්හාන් ඇවිත් හිටියා
පුදුමයි අද. වෙනද මම ඇවිත් පැයකට විතර පස්සේ තමයි ගිම්හාන් එන්නේ අද වහිද දන්නේනැ මෙයා මට කලින්
ඇවිත් නිසා සමහරවිට අර ගැනුලමයගෙන් පුරුදු වෙන්න ඇති මම දුවල ලගට ගියා.
මොකද අද උදෙන්ම....
ඔයාව බලන්න හිතුණා එකයි.....
මෙයා මුකුත් නොදන්න බබා වගේ කතාව මමත් මුකුත්
නොදන්න ගානට හිටියා මෙයා මගෙන් තමයි හොද පාඩමක් ඉගෙන ගන්නේ.
යමු නේද...
ගිම්හාන් හිනා වෙලා ඇහුවා
කොහෙද යන්නේ...
ඔයා කැමති තැනකට ....
ම්ම්ම්ම්ම් එහෙනම් බීච් එකට යමු....
මම සද්ද නැතුව බයික් එකේ වාඩි උණා.
ගිම්හාන් පොල්
රුප්පාවක් එක්ක තිබුණු ලස්සන බීච් එකක් ලග බයික් එක නතර කරා
බහින්න....
මගේ ඇස් වල කදුළු පිරිලා මට දරා ගන්න බැ මගේ අයියව
වෙන කෙනෙක්ට අයිති වෙන එක එත් මම හිත හදාගත්තා.
මොකද අඩන්නේ...
මට ඇත්ත කියන්න ඔයා වෙන කෙනෙක්ට ආදරය කරනවා නේද මට
ඇත්ත කියන්න අයියේ.....
ගිම්හාන් හුගක් වෙලා කල්පනා කර කර ඉදලා දිග
හුස්මක් පිට කරලා මන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ දුන්නා
ඔව් සිතු .....
මට හිතුනේ ඒ හුස්මත් එක්කම මාත් ගිම්හාන් ගේ
ජිවිතෙන් එලියට විසි උණා කියලා.
මට ඇඩුණේ නැ මම හිත හයිය කරගෙන ඇත බලාගත්තා.
එයා ගේ නම මොකද්ද අයියේ එයා ලස්සනයිද.... මට වඩා
එයා හොදයිද....
ගිම්හාන් මුකුත් කිවුවේ නැ...
එයා සුදුයිද එයාගේ කොණ්ඩේ දිගයිද ....
ඔව්.....
එයාගේ නම....
විහගි.....
ඔයා මාව දාලා එයා ලගට යනවද අයියේ....
අනේ කියන්නකෝ....
මම ඇඩුවා මහා හයියෙන් කැ
ගහලා ඇඩුවා මට මාව පාලනය කරගන්න බැරි උණා
අනේ අයියේ ඔයාට එයාව ඕනද මාව එපාද....
ඔයා කියන ඒවමයි සිතු එයත් කියන්නේ
මට ඔයාවත් ඕන...
මට එයාව අතරිනත් බැ.....
මට මුකුත් කල්පනා උනේ
නැ මම ගිම්හාන් බදාගෙන ඇඩුවා.
මට මුළු ලෝකෙම නැති උණා කියලයි මට හිතුනේ. අඩලා
අඩලා මම අන්තිමට හිත හදාගෙන ඔලුව ඉස්සුවා ගිම්හානුත් අඩනවා මට පුදුම හිතුණා.
අපි දැන් යමු අයියේ....
අන්තිම පාරට කියලා හිතාගෙන මම ගිම්හාන්ගේ පපුවට
තුරුල් උණා අයිත් කවදාවත් මේ ආදරේ මේ උණුසුම මට ලැබෙන්නේ නැ කියලා හිතුනම මට
අයිත් ඇඩුණා ගිම්හානුත් ඇඩුවා. මට තේරුම් ගන්න බැ දෙවියනේ මේ කිසි දෙයක්
ඇයි අයියේ මාව දාලා යන්නේ මට හේතුව කියන්න....
අනේ මගෙන් උණ වැරැද්ද මට කියන්න....
ගිම්හාන් සද්ද නැතුව ගිහින් බයික් එකට නැග්ගා මාත්
නැග්ගම බයික් එක වේගෙන් ඇවිත් අපේ ගෙදර ගාව නතර කරනකම් මම දන්නේ නැ
බහින්න....
ඔයා අයිත් ඒ කෙල්ල ගාවට යන්න එපා මගේ අයියේ මට
පොරොන්දු වෙන්න.
ගිම්හාන් හා කියලා ගියා මම ගිම්හාන් නොපෙනී යනකම්ම
බලාගෙන හිටියා.
මම දන්නවා ගිම්හාන් හා කියලා ගියේ මගේ හිත හදන්න බොරුවට කියලා. මට හිතුණා
ගිම්හාන් තාමත් මට ආදරෙයි කියලා. මම ගෙදර ගිහින් හොදටම ඇඩුවා රෑට නොකා
ඇදට ගිහින් අයිත් ගිම්හාන්ට කෝල් එකක් ගත්තා. දෙවියනේ ෆෝන් එක ඔෆ් කරලා මම
ඇදට වෙලා අඩ අඩ ඉන්නකොට ෆෝන් එක රින්ග් උනා මම හිතුවේ ගිම්හාන් කියලා ඇදෙන
පැනලා ෆෝන් එක ලගට දිවුවත් බලනකොට තාරු අයියා මොනවා කියන්නද කියලා හිත හිත
ආන්සර් කරා.
සිතු ....
ඇයි තාරු අයියේ.....
මොකද දුකින් වගේ කතා කරන්නේ.....
නැ තාරු අයියා.... ඔයාට දැනෙනවද එහෙම
මට තාරු අයියා ගැන ගොඩක් දුක හිතුණා එයාට මාව කොච්චර දැනෙනවද එත් ඇයි දෙවියනේ මට තාරු අයියා ගැන ආදරයක් නොහිතෙන්නේ
සිතු
මොකද කතා නැත්තේ...
මන් ඔයාට පස්සේ කතා කරන්නම් තාරු අයියේ....
මම ෆෝන් එක කට් කරලා අයිත් ඇදෙ පෙරලුනා මට හිතෙනවා ගිම්හාන් එක්ක කොහොම හරි
යාලු වෙලා අර ගැණු ළමයාගෙන් ගිම්හාන්ව උදුරගෙන ටික කාලයක් ගියාට පස්සේ
ගිම්හාන්ව අත ඇරලා දාන්න ඕන කියලා.මට කරපු දේට එයාට දඩුවමක්
දෙන්නම ඕන. එත් මට දුකයි ගිම්හාන් මට ඉස්සර ගොඩක් ආදරේ කරා ඒ
ආදරේ මතක් වෙද්දී අයිත් මටඇඩුනා එලි වෙනකම් අඩ අඩ ඉදලා දන්නෙම නැතුව නින්ද
ගිහින් උදේ නැගිටිනකොට ඇස් දෙක ඉදිමිලා.
අම්මා කතා කරන සද්දේ ඇහිලා සාලෙට දුවගෙන
යනකොට තිසරු මල්ලි ඇවිත් හිටියා එයා මගේ යාලුවෙක්ගෙ මල්ලි කෙනෙක්
ගිම්හාන්ලගේ ගෙවල් පැත්තේ තමයි ඉන්නේ.
කොහොමද අක්කා.....
හොදින් ඉන්නවා මල්ලි මොකද මේ පැත්තේ....
ආ අපේ අක්කා කිවුවා මේ පොත අක්කට දෙන්න කියලා ....
තිසරු මල්ලි අම්මගේ දිහා හොරෙන් බලලා පොත දීපු විදියෙන් මට හිතුණා
ගිම්හාන්ගෙන් ලියුමක් වෙන්න ඇති කියලා එක දවසකුත් මට තිසරු මල්ලි අතේගිම්හාන්ලියුමක් එවලා තිබුණා.
හා මල්ලි මම කියවලා අක්කට අයිත් ඉක්මනට පොත එවන්නම් කියන්නකෝ....
හා අක්කා මම එහෙනම් යන්නද...
ඉන්න පුතා තේ ටිකක් බීලම යන්න...
එපා ආන්ටි දැන් පරක්කු වෙනවා 8.30 ක්ලාස්.... වෙන දවසක එන්නම්කෝ....
තිසරු මල්ලි ගිය ගමන් මම කාමරේට දුවලා ගියා අම්මත් මගේ පස්සෙන්ම ඇවිත්
මොකද දරුවෝ ඔය ඇස් දෙකේ හැටි හොදටම ඉදිමිලා ....
දැන්නේ නැගිට්ටේ ඒ නිසා වෙන්න ඇති අම්මා....
කෝකටත් මුණ හොදන් බලන්නකෝ ඇස් ලෙඩද දන්නෙත් නැ....
අමමා ගිය ගමන් මම පොත අස්සේ තිබුණු ලියුම එලියට ගත්තා.
විනාසයි..... ඒ පාර ලියුමක්........
ReplyDeletedigatama kiyawanna hiru
Deleteහොර ලියුම්..:D
ReplyDeleteහොර කෙල්ලො මුළු ලොව වනසයි..
ReplyDeleteපවු ගිංහාං..
පවු තාර අයියා...
(ඉහි ඉහි)
adanna epa kollane waradda kare
Deleteඉහි ඉහි ඉහි ඉහි පොදිත්තයි දීලාත් තියෙන්නේ න එපා තරු හොදයි එයත් එපානම් මාව ගන්න ගිම්හ
ReplyDeletehikizzzzzzzzz
Deleteහපොයි.. ඒ සැරේ මේකා ලියුමක් එවලද..
ReplyDeletehmmmmm
Deleteමට අද කොටස කියවලා සිංදු දෙකක්ම මතක් උනා
ReplyDeleteසමකෝනී ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත්.... කියන එකයි
ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි කියන එකයි.
ekanam aththa kaviyo
Deleteඕ..කොහොම උනත් මම ආසයි මේ කතාවට හ්ම්ම්..:)
ReplyDeletesthuthi yalu
Deleteදිගටම ලියන්න අක්කේ.. ලස්සනයි..
ReplyDeleteම්ම්ම් ලස්සනම ලස්සනයි අක්කියෝ..අනේ ගොඩක් දවස් පරක්කු වුනා කියවන්න..වැඩ වැඩි අක්කියෝ මේ දවස් වල...තරහ නෑනේ නේද?අර කොළ පාට නම් ඇස් දෙක කඩාගෙන ගියා...ම්ම් අනිත් කොටසත් ඉක්මනටම දාන්න හොදද...
ReplyDeleteha malliyo
Deleteuma oya lassanata liyala thiyeawa
ReplyDeleteeturu kotas tikath ekmanada danna..
ha yalu digatama kiyawanna hodada
Deleteප්‍රේම කතා විතරයි නේද තියෙන්නේ. කතාව නම් ලස්සනට ලියලා තියෙනවා.මං ඉතුරු කොටස් ටිකත් කියවන්නම්කෝ.මේ බ්ලොග් එකට ආවට ලිපි කියවන්නෙම නැතුව මං යනවා.මොකද ආදර කතා නිසා.ඒත් මං අද නිකමට කියවලා බැලුවා.ඇත්තටම ලස්සනයි.සුබපතනවා මම !
ReplyDeletethanks yalu mama issarahata wenas vidiyaka kathawak liyanna inne
Delete