My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Thursday, March 21, 2013

ප්‍රෙමය පුදදී අවසානයි පහළොස් වන දිගහැරුම









මම මහා රෑ ම ටැක්සි එකක් කතා කරගෙන නේහලගේ ගෙදරට ගියා යනකොට ගෙදර කවුරුත් නැ මම බැග් එකත් තුරුල් කරගෙන ගෙයි ඉස්සරහා තිබුණු බ්න්කුවෙන් වාඩි උනා පුදුම සීතලක් දැනෙන්නේ මන් හිතුවේ මම හිතලින් ගල් වෙයි කියලා මගේ වාසනා වටද කොහෙද නිසල් ගේ වාහනේ ඒ එක්කම වගේ අවා.
දෙවියනේ හිරු මොකද මේ.....  

නේහායි නිසලුයි හොදටම බයවෙලා  

හා හා යමුකෝ ගෙට ගේ ඇතුලට ගිහින් කතා කරමුකෝ.....  

මට ලංකාවට යන්න ඕන නිසල් අනේ මට උදවු කරන්න....  

පිස්සු කරන්න එපා හිරු.... තාරු පිස්සෙක් වෙයි...  

අනේ ඒ ගැන මතක් කරන්නවත් එපා නිසල් ඔයාට පුලුවන්නම් මට උදවු කරන්න නැත්නම් මම තනියම ඒ දේ කරගන්නම්


මගේ පුරුදු හිතුවක්කාර ගතිය කාලෙකට පස්සේ අයිත් මතු උනා 



කියන්න හිරු මොකද උනේ....

මම වෙච්ච හැමදේම එක හුස්මට නේහට කියාගෙන ගියා....

චික් තාරු මහා ජරා යකෙක්නේ මම හිතුවේ නැ මිනිහා මේ වගේ කැත වැඩ කරනවා කියලා....

මම ඇස් දෙක පියා ගෙන කල්පනා කරා ඉස්සරහට මොනාද  කරන්න ඕන කියලා එත් මුකුත්ම කල්පනාවට අවේ නැ .

දැන් ඔයා ටිකක් නිදා ගන්න හිරු අපි උදේට කතා කරමු.

නේහා මාවත් එක්කරන් කාමරේට ගියා නිදි මත අහලකවත් තිබුනේ නැ ඒ බව නේහට තේරුණා නිසා වෙන්න ඇති මට ස්ලිපින්ග් ටැබ්ලට් දෙකක් දුන්නා. ඒ දෙක බිලා මම ඇදෙ හාන්සි උනා.

ඔයා දැන් නිදා ගන්න හිරු අපි කරන්න ඕන මොනවද කියලා උදේට හිතමු.

එහෙම කියලා මගේ ඔලුව අතගාලා කාමරේ ලයිට් එකත් ඔෆ්  කරන නේහා යනවා විතරයි මට මතක.

..............................................................................................................................................................

උදේ නැගිටිනකොට තිබුනේ පුදුම හිතලක් මන් ලංකාවේ ඉන්නකොට කොච්චර අසාවෙන්ද හිටියේ මේ වගේ හිම වැටෙන කාලෙක ලස්සන බලන්න. එත් දැන් ඒ හැමදේම නැති වෙලා ඉවරයි. මම ඇදෙන් බැහැලා මුණ හොදන් සාලෙට යනකොට කෞව්රුත් හිටියේ නැ. මම මිදුල දිහා බලාගෙන කල්පනා කරා කොහොමද දෙවියනේ ඉස්සරහට මම ජිවත් වෙන්නේ අනේ මගේ හිතත් මේ හීතලට ගල් වෙලා යනවනම් මේ හැමදේම අමතක වෙන්න. කොච්චර හොදයිද දෙවියනේ.

හිරු .....

මම ගැස්සිලා ගියා නිසල් දොර අරගෙන ගෙට ඇවිත් මගේ ලගට එනකම්ම මම දැක්කේ නැ....

ඔයා උදේට කෑවද හිරු නේහා කෑම ලැස්ති කරලා තියලා ගියේ. එයාට අද නිවාඩු ගන්න බැරි උනා....

මේ ටිකේම නිවාඩු ගත්තනේ....

හිරු.... මොකද කතා නැත්තේ... මමයි  නේහයි  ත් කතා උනේ ඔයා ලංකාවට යන එක හොදයි කියලා ටික දවසකට හරි ඔයාගේ හිතත් හැදෙයිනේ.

 මම ඔයාට ටිකට්  බුක් කරලයි අවේ.... හෙට උදේ 5.30 ට ඔයාට යන්න පුළුවන්

මම මුකුත් කතා කරේ නැ හිත් පිත් නැති ගල් පිළිමයක් වගේ බලාගෙන හිටියා

හිරු... මොකද ළමයෝ ඔයාට වෙලා තියෙන්නේ නිසල් මගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් ඇහුවා

එත් මට ඒ වෙලාවේ මුකුත් කියා ගන්නවත් හිතාගන්නවත් බැරි උනා.

කතා කරන්න හිරු කතා කරන්න....

ඔයා අර වගේ ගුනමකුවෙක් වෙනුවෙන් දුක් වෙන්න එපා මම අද උදේම call කරාම උ කියපුවා ඔයාට අහුනනම් ඔයා පොලව පාලන යනවා උ මහා කැත මිනිහෙක්.

නවත්තන්න නිසල්.... තව වචනයක්වත් කියන්න එපා මට ඒ මුකුත් අහන්න ඕන නැ අනේ මට තව නිදි පෙති දෙකක් දෙන්න මේ දේවල් අමතක කරලා නිදා ගන්න....

ඔච්චර නිදි පෙති බොන්න හොද නැ හිරු.....

ඔයා ඇදට ගිහින් නිදා ගන්න දැන් නේහා එයි මම call කරන්නම් අද වරුවෙන් එන්න කියලා අපි හවසට ඇවිදින්න යමු මාත් අද නිවාඩුයි.....

  මම කාමරේට ඇවිත් කල්පනා කර කර ඉදිද්දී දන්නෙම නැතුව මට නින්නද ගිහින් .





නැගිටිනකොට මුළු ඇගම රිදෙනවා හරියට තලලා දාලා වගේ මන් එහෙන්මම අයිත් රෙද්ද පෙරවගෙන ගුලි උනා. හිතල වෙඋලනවා කාමරේ ඇතුලේ උණුසුම් කරලා තිබ්බත් පුදුම හිතලක් දැනුනේ. ඒ එක්කම වගේ කාමරේ දොර අරුනා. ඔලුව උස්සලා බලන්නවත් මගේ ඇගට පණක් තිබුනේ නැ මම එහෙමම අයිත් ඇස්  පියා ගත්තා.

හිරු මේක බිලා අපි යමු බෙහෙත් ටිකක් ගන්න ඔයාට ගින්දර වගේ උන ළමයෝ

නේහා මට නැගිටින්න උදවු කරන ගමන් කිඋවා .

මට බෙහෙත් ඕන නැ  නේහා  මට දැන් මැරෙන්නයි ඕන අනේ ඔයාටයි නිසල්ටයි පින් නේහා මට මෙහෙම උදවු කරනවට මන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ.....

ඕක මොකද්ද හිරු මනුස්සයෙක්ට කරදරයක් උනාම ලග නැති යාලුවෝ මොකටද මොනදේ තිබුනත් වැඩක් නැ හිරු මනුස්සකම නැත්නම්.....

හ්ම්ම්ම්ම්ම් එකනම් ඇත්ත මම ලොකු හුස්මක් ඉහලට අදින ගමන් මන්  කිඋවා.

ඔච්චර හයියෙන් හුස්ම ගන්න එපා මණික මාවත් එක්ක ඇදිල එයි....

දොර ගාවින් ඇහුන ඒ කටහඩින් මන් ගැස්සිලා ගියා දෙවියනේ තාරු අයියා.

හානේ  තාරන්‍ය එන්න ඇතුලට එහෙනම් මේ සුප් එක ඔයාම පොවන්න මන් එලියට යන්නම්.

තාරු අයියා නේහා ගේ අතින් සුප් එක අරන් මන් ලගින් වාඩි උනා.

අනේ බබා ඇග හොදටම රස්නෙයි මේ මෙහාට දැනෙනවා රස්නේ කෝ මේක බිලා ඉන්න මම ඩොක්ටට call දැන් එනවා ඇති මේක බිලා මුණ හෝදගන්න.

මම මුකුත් නොකියා අහක බලාගන හිටියා.

මණික මේක බිලා ඉන්නකෝ....

වදින්නම් තාරු මට මගේ පාඩුවේ ඉන්න දීලා ඔයා යන්න.....

මන් උණ හැමදෙම් ඔයාට පස්සේ කියන්නම් බබා මම ඔයාට විතරයි මේ ජීවිතේටම ආදරේ කරේ.....

මට මුකුත් දැන ගන්න ඕන නැ ඔයා මෙතනින් යන්න pleasa....

මම පෙරවන් හිටපු රෙද්ද අයින් කරලා බාත් රූම් එකට ගිහින් දොර වහගෙන් බිම වාඩි  වෙලා හොදටම ඇඩුවා හිරු දොර අරින්න නේහා යි නිසලුයි දොරට ගහන ගමන් කැ ගැහුවා මේ දොස්තර ඇවිත්...

අරයට යන්න කියන්න නිසල් පින් සිද්දවෙයි.....

ඊට පස්සේ ටික වෙලාවක් යනකම් සද්දයක් තිබුනේ නැ ....

මම මුණ හෝදගෙන එලියට අවා හිතට ලොකු සනසිමක් නොදැනුනා නෙමෙයි තාරු ආපු නිසා මන් වැරදි නැ කියලා තාරු දන්නවනේ.....

මන් එනකොට තාරු ගිහින් පපුව ඇතුලෙන් ඇවිලුණු ගින්දර මුළු ඇගම දවලා අළු කරන තරම් වෙදනාව ක් හිතට දනුනා.

තාරු ගියාද නේහා.....

ආවු කෙල්ලට දුක හිතිලා වගේ නේද නිසල්....

මට ඇති දුකක් නැ ... ඒ උනාට ....

මොකද ඒ උනාට.....

නැ  මුකුත් නැ....

දැන් බෙහෙත් ටික අරන් ඉන්න ඩොක්ටටත්  පරක්කු වෙනවා දැන් ගොඩක් වෙලා ඇවිල්ලා    දොස්තර  කාමරේට ඇවිත් මාව බලලා බෙහෙත් දුන්නා.

ජිවිතේට ප්‍රශ්න එනවා ළමයෝ ඒ දේවල් වලට නිර්බිතව මුහුණ දෙන්න ඕන..... ප්‍රශ්න වලින් පැනලා යන්න හොද නැ

ඩොක්ටනම් හරිම කරුනාවනතයි. ඒ ඇස්  වල කරුණාව පිරිලා තිබුනා. මන් හිතන්නේ අවුරුදු 50 විතර වෙනවා ඇති.

ඩොක්ට ගොඩක් කල්ද ලංකාවේ ඇවිත්...

ඔවු ළමයෝ දැන් අවුරුදු 20 ක් හැබැයි නිතරම ලංකාවට යනවා....

මන් හිනා වෙලා අහන හිටියා ජිවිතේ ගැන උපදෙස් ගොඩාක් දීලා ඩොක්ට යන්න ගියා....

මන් හිතන්නේ බෙහෙත් තුණ්ඩුව ලියලා නිසල්ට දෙන්න ඇති කවුරුත් කාමරේට අවෙත් නැ ....

මන් ඇදේ  හන්සිවෙලා කල්පනා කරා. ඇත්ත තමයි මෙච්චර හිතුවක්කාර වෙන්නත් හොද නැ  මට හැමදාම වැරදුනේ හිතුවක්කාර කම නිසා. ඒ උනාට නිරු එවපු පින්තුරයි කියපු කතායි මතක් වෙනකොට හිත හදාගන්න අමාරුයි.....

මොකද කෙල්ල කල්පනාව....

එහෙම කියා ගෙන නේහා යි නිසලුයි කාමරේට අවා.

මුකුත් නැ ....

ඔහොම දුකෙන් ඉන්න එපා හිරු එදා තාරු හොද සිහියෙන් නෙමෙයි ඉදලා තියෙන්නේ එදා ඒ වැඩේ අර අගර දෙක එකතු වෙලා කරලා තියෙන්නේ නිරු රට කාපු කල්ල කපටි අම්මණ්ඩි එක හැමෝම දන්නවා. මන් හිතන්නේ තාරු ගේ අක්කට ඕන මල්ලිව සල්ලි වලට විකුනන්න එයාට නම්බුවයි මහන්තත්වෙයි තියා ගෙන ඉන්න පුළුවන්නේ නැත්නම තාරුට ඇති අදරේකට නෙමෙයි. ඒ දෙන්න තාරුට වෙච්චදේ තව හොදට ලුණු අබුල් දාලා වැඩිපුර කියලා. තාරු සාදාරනයි මම උනත් ඒ දෙන්න කියපු කතා වලට ඉවසන් ඉන්නේ නැ . තාරුවා ඔහොමවත් ඉවසුවා මන් නම් හොයාගෙන ඇවිත් මරනවා.

මොනවද නිසල් කියලා තියෙන්නේ...

ඒවා වැඩක් නැ  හිරු....

නැ මට කියන්න නිසල්....

මට ඒවා ඔයාගේ මුණ බලාගෙන කියන්න බැ ..... please  මගෙන් ඒවා අහන්න එපා ඔයයි මමයි කාමරේ ඉදලා කිඋවලු එලියට අවේ තා හොද හොද ඒවා කියලා  තාරු ඔයාව අවිශ්වාස නොකරත් ඒ වෙලාවේ ඒ කියපුවට යකා නැගලා කවදාවත් නොබොන තාරු මේ උස උඩ තිබුණු අරක්කු බෝතලේම එක පාරට කට ගහගෙන එක හුස්මට බිලා. එකත් අර අම්මන්ඩ් ලා

දෙන්න හොදට ප්ලැන් කරලා නැත්නම් මහසෙන් අයියාවත් අරක්කු බොන්නේ නැති ගෙදර කොහෙන්ද අරක්කු බෝතලයක් මෙසේ උඩට අවේ. බොනවා විතරලු තාරුට මතක ඊට පස්සේ මුකුත් මතක නැතිලු ඒ ගමන් ඩොක්ට ඇවිත් බෙහෙතුත් දීලා කවදාවත් බිලා පුරුදු නැති නිසා මිනිහට හොදටම අමාරුවෙලා.

 

මන් අදහගන්න බැරුව වගේ ඇස්  දෙක ලොකු කරන අහගෙන හිටියා.....

 ඉතින් නිසල්....

අද හවස තමයි  ඇගට ටිකක් පන ඇවිත් තියෙන්නේ.... 

ඊයෙ රැ ගෙදර එන්න එනකොට call කරලා තමයි අක්ක එහෙට ගෙන්න ගෙනතින්නේ ලොකු කරදරයක් කියලා නැත්නම් තාරු කීයටවත් ඔයා ලගට එන්නේ නැතුව එහෙ යන්නේ නැ  කිඋවා...... පස්සේ කල්පනා කරනකොට තාරුට හිතිලා හොයලා බලන්න ඔයා නිදන් ඉදිද්දී මෙහේ ආවේ අපි දෙන්න හැම විස්තරයක්ම කිඋවම මිනිහා පොඩි ළමයෙක් වගේ ඇඩුවා ඔයාව අවිශ්වාස කරා ඔයාගේ හිත රිද්දුවා කියා කියා.....

මගේ ඇස්  වලින් හෝ ගලා කදුළු අවා...

දැන් අඩන්න එපා හිරු ඒ ගොල්ලෝ කර ගත්තු පවු ඒ ගොල්ලෝ අරන් යයි ඔයයි තාරුයි සතුටින් ඉන්නකෝ සමගියෙන්.....

 

නේහා මගේ ඔලුව අතගාන ගමන් කිවුවා.

දැන් කෝ තාරු...

අම්මේ කෙල්ලගේ මුනේ තියෙන පෙම්  පාට.... අන්න එයත් ටිකට් බුක් කරන්න ගියා ඔයා එක්කම යන්න ඒ ටික කරගන්නයි නිවාඩු දාන්නයි ඕන නිසා ගියේ නැත්නම් ඔයා ගහලා එලේවුවත් යන්නේ නැ  කිවුවා.

ඔයාට මාර ආදරෙයි හිරු තාරන්‍ය. ඔයා හරිම ලකී....

දැන් ටිකක් නිදා ගන්න මේ බෙහෙත් ටික බිලා තාරු ආවම අවදි කරන්නම් ......

නේහා වතුර වීදුරුවත් එක්ක බෙහෙත් ටික ලං කරා ...

මන් එක හුස්මට බෙහෙත් ටික බිලා හාන්සි උනා ලෙඩෙන් බාගයක් දැන් හොද උනාට තාම උන ගතිය තියෙන නිසා ඇගට පන නැ වගේ.

ඔයාල දෙන්නටම පින්...

පිස්සි යාලුවොන්ට පින් දෙන්නේ නැ උදවු කරාම තේරුනාද...

හ්ම්ම්ම් සොරි  නිසල් මන් හිනා උනා....

නිසලුයි නෙහායිත් හිනා වෙන ගමන්  කාමරෙන් එලියට ගියා.

මන් හිතේ සැනසීමෙන් හාන්සි උනා දන්නෙම නැතුව නින්නද ගිහින් මන් නැගිටී මගේ ලගින්ම දැනුනු තාරු ගේ උණුසුමෙන් මේ ආදරය මේ උණුසුම නැතුව මට කවදාවත් ජිවත් වෙන්න බැ  මගේ  හිත එහෙම කියලා කැ ගැහුවා.

මන් හිමින් සැරේ ඇස්  ඇරලා තාරු දිහා බැලුවා. තාරු මගේ නළලට ආදරණිය උණුසුම් හාදුවක් දුන්නා මන් තාරුට තවත් තුරුළු උනා.

 

අයියේ....

මුකුත් කියන්න එපා මැණික..... දැන් ඒ හැමදේම ඉවරයි...ම්ම්ම්ම්  තාරු ආදරයෙන් මගේ නිකටෙන් අල්ලලා මගේ මුණ එයා දිහාට හරවා ගන්න ගමන් කිවුවා.

                                 
                                මතු සම්බන්දයි