My Blog List

අපි ලංකාවෙ

Sri Lanka National Flag

Monday, September 24, 2012

අමාවකට පැයු සද

මට මේ ජීවිතය දමා යන්නට උවමනාය. මට මේ ලෝකය ගැනම ඇත්තේ ලොකුම ලොකු කලකිරීමකි ජීවිතය මෙසේ අපායක වේයැයි මම කිසිදිනක නොසිතුවෙමි. එත් මට දැන් හුදකලා වීමට අවශ්‍යය. කොහේ හෝ ඇතකට ගොස් තනිවෙන්නට උවමනාය. මේ ලෝකයෙන් ඇත ව යන්නට උවමනාය. එත් මගේ මුළු හදවත පුරාම ඔබ නිතර සැරිසරයි. එක තප්පරයක් වත් ඔබ මට තනිවන්නට ඉඩ නොදෙයි. දමා යා නොහැකි එකම දේ ඔබයි ඔබ පදින්ච්චි වී සිටින මේ හදවතයි. ඔබ මා හදවතේ සින්නක්කකර පදිංචි වී ඇත මේ තරම් දුක හිතෙන්නේ ඒ නිසාය. ඔබ ලගට යන්නයි මගේ මුළු  ආත්මයම කැ ගසා කියයි. එත් ඔබ මා පිළිගන්නට සුදානම් නැත. ඔබට පැලෙන්නට තරම් ආදරය කර මේ හදවත පිලි ගන්නට ඔබට උවමනාවක් නැත.
                                          මේ නගරය පුරා ඇත්තේ.... අපේ ආදරයේ මතකයන්ය ඔබව මුලින්ම හමු වුයේද මේ බෝ සමිදු අබියසදිය ඒ ඉතාම ලස්සන පුන් පොහෝ දිනයකදීය එදා බෝ සමිදුන්ට ඉහල අහසේ තිබුනේ තුනී මන්දාරමක් බව සැබෑය. එහෙත් ඒ මන්දාරම පවා ලස්සනය.
ඔබ සිහි වී මුළු හිතම සතුටින් පිරි යයි. එත් එය සුළු මොහොතකට පමණි. මට ඉකි බිද හැඩෙයි මම හිස පාත් කරගෙන බෝ සමිදු දෙසට යන්නෙමි. කොතරම්  හැඩුවද  කොතරම් දුක් උවද  පපුව දැවී පිච්චි ගියද මම තවමත් බෝ සමිදු අබියසට පෙම් කරමි. මගේ ජිවිතයේ මා දුටු අදරනියම හදවත .... ලස්සනම හිනාව.... මට හමු වුයේ මේ පින්බර බෝ සමිදු අබියසදීය. යලිත් තවත් කෙනෙකු හමු වීමේ අපේක්ෂාවෙන් තවත් මගක යන්නට මට හිතක් නැත. රත්තරනේ ඔබ හමුවන තුරු මම බෝ සමිදු අබියස බලා සිටිමි. දවසක ඔබ මගේ වෙන බව මම දනිමි. එත් කෙදිනක කොහේදී ඔබ මා එක් වේදැයි මා දන්නේ නැත.
           ඔබගේත් මගෙත් ආදරයේ මුදුන් මල්කඩ මගේ කුස තුල හුස්මගන්නා බව ඔබ දන්නවානම් ඔබට කුමක් සිතෙනු ඇත්දැයි මට සිතා ගත නොහැක. ඔබෙත් මගෙත් දැත් අතරට පුංචි පැටියෙක්ව මැදි කරගෙන මේ නගරයේ ඇවිද යන්නට මා පැතු සිහින කොතරම්ද. එත් හෙට දින අපේ පුංචි පැටියටත් මටත් තනිව ජිවන ගමන යන්නට වන බව මම දනිමි.
                                                                           ඔබ මුලින් මා දිහා බැලු හැටි මට තාම මතකය ඔබේ තුරුලට වී මේ නගර දෙක අතර කොතරම් අපි ගමන් කරන්නට ඇත්ද ඉස්සර ඔබ හැම දිනකම මා බැලීමට පැමිණියාය. ජීවිතය සුන්දර වුයේ එදා පටන්ය ඔබ හමු වූ දින පටන්ය.
මා මුළු ජිවිතයම යන්නට පැතුවේ ඔබත් සමග පමණි. ඔබ නැතිනම් මම මේ මග තනිවම යමි. අපේ ආදරයේ සුන්දර මතකයන් සිහි කරමින් තනිවම යාම මට  සැපකි. ඔබත් සමග ගිය මග තවත් කෙනෙකු සමග යා නොහැක ඒ තරමටම ඔබේ ආදරය බලවත්ය පින්බරය... රසබරය..... අපේ අතීතය කෙතරම් මිහිරිද ඔබ මට හිමි නොවුනත් මට පාළුවක් නොදැනේවි. ඒ අපේ පුංචි පැටියාත් අපේ අතීත මතක ගොන්නත් නිසාය.

                                               පෙරදා ඔබ මා එනතුරු බලා උන්නේ මාතර බස් නැවතුම්පලට වීය. ඔබේ දිලිසෙන දෑස දුටුවම මගේ පපුව හිරවෙයි... ඊටත් පසුව පපුවේ මල් වෙඩිල්ලක් පිපිරුවක් මෙන් මහා සතුටක් දැනෙයි. දවස් කියක් අප හමු වුණාදැයි මම නොදන්නෙමි. එහෙත් හමු වූ හැම දිනකම මා ඔබ වෙතට දුව ආවේ. ඔබව ප්‍රෙතම වරට දුටු ආශ්වාද ජනක පිවිතුරු හැගීමෙනි.
ආ විගස ඔබට ඇලෙන්නට මට අවශ්යය සතියක් පුරා ඔබ ගැනම සිතා ඉරු දින පාන්දරම ආ කල මා දකින ඔබව ස්පර්ශ කර අතගා බලන්නට මට ඇත්තේ පුදුමාකාර හදිස්සියකි.දුම්රියේ බසයේ කොතරම් සෙනග සිටියත් සුලගිල්ලෙන් හෝ මම ඔබව අල්ලමි මගේ බද හෝ ඔබේ බදට ලං කරමි. මට අවශ්‍ය ඔබ ලගට ආ විගස ඔබේ උණුසුමට ගුලි වන්නටය. ඔබගේ දෙමාපියන් අපට විරුද්ද වන තෙක්ම ඔබ මට මහා මෙරක් තරම් පෙම් කරා යැයි මම දනිමි.
                                                    රාජපක්ෂ පරම්පරාවේ නම්බුව බේරාගන්නට ඔබ අපේ ආදරය බිලි දුන්නා නොවේද විසුල මට ඔබ ගැන අහිතක් නැත මම තවම ඔබට පෙම් කරමි. ඔබ වෙනුවෙන් අපේ ආදරය වෙනුවෙන් මේ රෝස කැකුළ මම ආදරයෙන් හදා ගන්නෙමි. මේ ගැන ඔබට නොකිවායි ඔබ දිනක මට දොස් නගනු ඇත. එහෙත් කීවයි කියා මේ වෙන දේවල් වල වෙනසක් වන්නේ නැත වෙන එකම දේ ඔබේ මාන්නක්කාර පියා මාවත් මේ මල් කැකුලත් මේ ලොවෙන් අයින් කරනවා හැර අනෙකක් සිදු වන්නේ නැත. උමා සේල්වනාදනට කිසි දින විසුල රාජපක්ෂ මේ ආත්මයේ හිමි වන්නේ නැත. ඔබත් දෙමාපියන් කි ගමන් මේ අසරනියව හැර දමා හිත් පිත් නැත්තෙකු සේ ගිය හැටි මට තවම මතකය.
                                           මමත් මගේ රෝස මලත් තනිවම ඉදිරි ජිවිතයට මුහුණ දෙන්නෙමු. සිංහල මවකගේත් දමිල පියෙකුගේත් ආදරණිය දියණිය වලවුකාර පරපුරක පුතෙකුට ආදරේ කර වරදට අද තනිවම දඩුවම් විදියි.                                                            
ඉතින් මා ජිවත් වීය යුතුය කිරි කැටි සිගිති සිනා දකින්නට ඒ වෙනුවෙන් පේ වී මම ජිවත් වන්නෙමි

Wednesday, September 19, 2012

ප්‍රේමය පුද දී අවසානයි දාහතර වන කොටස

          උදේම ජනේලෙන් එලිය බලනකොට මුළු වත්තම හිම වලින් වැහිලා පුදුම ලස්සනක් මම අසාවෙන් බලන් හිටියා. තරු මේ ටිකේම ඔෆිස් එකේ වැඩකට එලියට ගිහිල්ලා. පුදුම පාළුවක් දැනෙන්නේ. දැන් අපි බැදලා මාස7යි  ක්. ෆෝන් එක රින්ග් වෙන සද්දෙට මම දුවලා ගිහින අන්ස්වර් කරා.
බබා කොහොමද....
තාරු අයියේ මට පාලුයි....
මටත් පාලුයි.....
ඔයාට ඊලග පාර මම යනකොට පාලු නැති වෙයි...
ඇයි ඒ....
මන් හිතන්නේ ඉක්මනට ඔයා වගේ ලස්සන පුංචි දුවෙක් ගෙන්න.....
ඉතින් ඔයා කවද්ද එන්නේ..... පුංචි දුවව ගෙන්න මමනම් කැමති පුතෙක් ගෙන්න හැබැයි තාත්තට වගේ විසේ නැති....
මම හෙට එනවා මැණික.... 

හානේ ශොඉනෙ
එහෙනම් මම තියන්නද දැන් පොඩි මිටින්ග් එකකට යන්න හදන්නේ....
බුදුසරණයි මගේ මැණිකට....
බුදුසරණයි බබා....
තාරු අයියා හෙට එන නිසා ගේ ලස්සන කරන්න මම මුළු දවසෙම මහන්සි උණා. තාරු අයියා ගොඩක්ආසයි  සුදු බතුයි මාළු ඇබුල්තියලුයි පොල්සම්බලුයි කන්න මේ ටිකෙත් කතා කරාම කිවුවේ කඩ කෑමයි ෆ්‍රයිඩ් රයිස් අරවා මේවා කළා එපා වෙලා කියලා එකමයි මම රස පුංචි කෑම වේලක් හදන්න ලැස්ති උණේ. එත් ඉතින් මාළු ගෙන්න යන්නේ කවුද මම කවදාවත් තාරු නැතුව මේ ගෙයින් එලියට අඩිය තියලා නැ බඩු ගන්න හදිස්සියේ ලග තින කඩේට ගියාට. ඊට එහා තනියම ගිහින් නෑ. මේ ලග තැනක මාළු නැ ටිකක් දුරට යන්න ඕන මාළු ගෙන්න මට තනියම යන්න බැරි නිසා මම තාරු අයියගේ මස්සිනාට කෝල් කරා අක්කනම් මාත් එක්ක මාළු කන තරහයි එයා යෝජනා කරපු අර සක්කරවට්ටම තාරු අයියගේ කරේ එල්ලන්න බැරි උණා නිසා. එහා පැත්තෙන් හෙලෝ කියද්දී මම ගැස්සිලා ගියා.
අක්කේ අයියා ඉන්නවද...
ආ ඉන්නවා පොඩ්ඩක් ඉන්න දෙන්නම්....
මේ ගෑනි ගාවනම් මනුස්සකම ගැවිලවත් නැ කොහොමද
නංගි කියලවත් ඇහුවේ නැ. මට මොකද තමන් කරන නපුරුකම් තමනට්මයි මගේ ඇගේ වදෙනවයි නැනේ.
හා කියන්න නංගියෝ...
අයියේ අද තාරු එන නිසා රැට කෑම ටිකක් හදලා තියන්න මාළු ටිකක් ගෙනැල්ලා දෙන්න පුලුවන්ද එයා ආසයිනේ මාළු ඇබුල්තියල් වලට....
හා හා මන් ගේන්නම්...
හානේ නංගෝ මට අමතක උණා මම දැන් මේ නිශාව යාලුවෙක්ගෙ පාටි එකකට එක්ක යන්න හදන්නේ...
අයියා හා කියලා අයිත් බෑ කිවුවේ අර දුෂ්ට කුඩ අම්මා ලග ඉදන් එපා කියන්න ඇති අයියත් ඉතින් ගැනිට බයෙනේ ඉන්නේ...
කමක් නැ අයියේ මම තියන්නම්....
මන් ෆෝන් එක තියලා කල්පනා කරා දෙවියනේ මේ නාදුනන රටේ මම අසරණ වෙලා කියලා මතක් වෙද්දී මගේ ඇස් වලට කදුළු පිරුණා. එක පාරටම මට මතක් උණේ නිසල්ව මේ වෙලාවට  නිසල් වැඩ ඇරිලා ගෙදර යන වෙලාව. නිසල් මේ මාස 7 ට තරුටයි මටයි ගොඩක් උදවු කරා නිසල්ගේ ගැනුලමයා එක්කත් අපේ ගෙදර දවසක් අවා. ඇත්තටම නිසල් හොද යාලුවෙක්. මම ඉකමනට නිසල්ට කෝල් කරා.
නිසල් මම මේ හිරු
හා මොකද ඔයාට මේ අපිව මතක් උණේ....
අනේ නිසල් මට මාළු ටිකක් ගෙනත් දෙන්නකෝ හොද අලුත් මාළු ටිකක්...
තාරු එනකොට රැ වෙයි.... මට එයාව පුදුම කරන්නත් ඕන....
හා හා මම ගේන්නම් යාලුවෙක්ට ඔයි වගේ වැඩක් කරන්න බැරි නම් වැඩක් නැනේ ඒ යාලු කමෙන්....
නේහා වත් එක්ක එන්න...
එයාටනම් එන්න බැරි වෙයි එයාලගේ අම්මා ලෙඩ වෙලා මාත් අද රැට එහෙ යන්න ඉන්නේ...
හානේ තාරු ආවම අපි දෙන්නත් එන්නම්කෝ....නේහා ගේ අම්මා බලන්න.....

එහෙනම් මම බඩු ටික අරන් එන්නම් ලිස්ට් එක sms  කරන්නකෝ...
බායි....

බායි නිසල්...
             මම නිසල්ට බඩු ටික sms  කරලා උයන්න ලෑස්ති කරා වඩේ ටිකකුත් හදන්න පරිප්පු පෙගෙන්න දාලා හාල්මැස්සෝ බැදුමක් හැදුවා. මම බාගෙට වැඩ කරනකොට එක ගේ ඉස්සරහා වහනයක් නවත්තනවා ඇහුනා මම දුවලා ගිහින් බලනකොට  නිසල් අතින් කටින් බඩු මලු ටික උස්සන් කාර් එකෙන් බැහැලා අවා.
මොකද මුනේ මල් පිපිලා... තාරු කියලද හිතුවේ .....
නැ මම බය උනා කෑම උයන්න කලින් එයා එයි කියලා...
මම බඩු ටික නිසල් ගේ අතින් ගන්න ගමන් කිවුවා.
ඉන්න හිරු ඔයාට ඔක්කොම උස්සන් යන්න බැනේ මම ගිහින් දෙන්නම්....
මම ටිකක් අරන් කුස්සියට ගියා නිසලුත් ජින්ජර් බියර් තිබුණ බැග් එක උස්සන් මගේ පස්සෙන්ම අවා.
ඔතනින් තියලා ඔයා ගිහින්  වාඩි වෙන්න නිසල් මම බොන්න මොනා හරි හදන් එන්නම්...
ඊට කලින් මට වතුර එකක් දෙන්නකෝ.... හරිම තිබහයි...
මම වතුර වීදුරුව දෙනකොටම වාහනයක් නවත්වනවා ඇහුනා. නිසල් වතුර එක බොන අතරේ මම සාලෙට ගියා.
තාරු අයියගේ අක්කා ඇවිත් අර අගරෙත් එක්ක.
මොකද බය වෙලා...
නැ අක්කේ ඇයි හදිස්සියේම...
හොදට නටනවා නේද මල්ලි නැති වෙලාවට...
අක්කේ...
චටාස්ස්ස්ස්...
මගේ ඇස් දෙකෙන් තරු පිට උණා. තාරු අයියගේ අක්කා මගේ කමුලට ගහලා අයිත් ගහන්න හදනකොටම නිසල් පැනලා අත අල්ලලා අබරුවා. මන් එතකොටයි දැක්කේ නිසලුත් මගේ පිටි පස්සෙන්ම ඇවිත් කියලා.
අමාරු ඇති නේද...
හොර ගැනිට ගහනකොට... උබ හොර මිනිස්සු ගෙට දාගෙන නටනවා කියලා මට ආරංචි අවා මම හිටියේ අතටම අල්ලගන්න....

තාරු නැති වෙලාවක නිසල් මේ ආවාමයි අක්කේ...
ඒ අවෙත් මට මාළු ගෙනත් දෙන්න...
අප්පෝ මොකටද මගේ කට කරන්න ඕන බලු වැඩ ඔක්කොම කරලා දැන් එනවා සුදනා වෙන්න....
මෙයා හැමදාම මෙහෙමලු අක්කේ...
නිරු එක පාරට කිවුවම මට පුදුම හිතුනා. ගැනියෙක්ට පුලුවන්ද තවත් ගැනියෙක්ට මෙහෙම බොරුවට අපහස කරන්න...
නිරු මන් දන්නවනේ තමුසෙගෙ නැටිල්ල මේ අහිංසක කෙල්ලට බොරුවට අපහස නොකර යනවද මෙතනින් මගේ යකා අවුසන්නේ නැතුව....
තමුසේ කොහොමද අපේ මල්ලිගේ ගෙදරින් අපිව එලවන්නේ....
මම හිතන් හිටියේ තමුසේ ඉගෙන ගන්න හොද ළමයෙක් කියලා බලනකොට තමුසේ මහා කැත මිනිහෙක්නේ.....

අපේ මල්ලිත් බුරුවෙක් නැත්නම් මෙච්චර ලස්සන කෙල්ලෙක් කැමැත්තෙන් ඉදිදි ඒ සල්ලි වලට දේපලවලට සේරටම පයින් ගහලා ගෙනාවා හිඟන ගැනියෙක්....
ඒ මදිවට එකී කරන්න ඕන හැම බලු වැඩේම කරනවා මම අන්තිම වෙනකම් උත්සහ කරත් මට බැරි උනානේ මේ මගුල නවත්තන්න අපේ අම්මලා තමයි හැම දේටම වගකියන්න ඕන තමුසේ දැන ගන්නවා මම අදම මල්ලිගෙයි නිරුගෙයි කසාදෙ ලෑස්ති කරනවා තමුසේ දික්කසාදේ දීලා මේ මිනිහත් එක්කම යනවා.
අපි යමු නිරු...
නිරුගේ මුනේ මහා සමච්චල් හිනාවක් තිබ්බා. මට දැනුයි තේරෙන්නේ එදා ඉස්සෙල්ලම අපි ආපු දවසේ දීපු පාටි එකේදී හැමෝම හිතුවේ නිරු තාරු බැදලා කියලා මෙයා හැමෝටම කියන්න ඇත්තේ නිරු තමයි තාරු බදින්නේ කියලා.
හිරු ඔයා ඕව ගණන් ගන්න එපා තාරු ඔයාට ආදරෙයිනෙ උ ඔයාව කවදාවත් සැක කරන එකක් නැ...
එහෙනම් මම දැන් යනවා නේහා ලගේ ගෙදර මොනා හරි ප්‍රශ්නයක් උනොත් මට කෝල් කරන්න...
හා නිසල්...
නිසල් ගියාට පස්සේ මම හොදටම ඇඩුවා එත් දැන් තාරු අයියා එන නිසා මම මුණ හෝදගෙන කෑම ලෑස්ති කරලා මෙසේත් ලස්සනට හදලා නා ගත්තා. ඊට පස්සේ සාලෙට වෙලා බලන් හිටියා එළියේ හොදටම හිම වැටෙනවා එකයි තාරු පරක්කු ඇත්තේ රෑ 10 ත් උනා තාමත් නෑ මම තරුගේ ෆෝන් එකට කෝල් කරා.
හෙලෝ
ඇහුනේ ගැණු කටහඩක්..... හොදට අහලා පුරුදුයි වගේ මට මතක් උනා අර හොන්තුව තරුට නිතරම ගෙදර ෆෝන් එකට කෝල් කරනවනේ
ඔයා කවුද නිරුද...
ඔව් ඇයි අහන්නේ...
කෝ තාරු...

එයා අද ඉදලා මාත් එක්ක ඉන්නේ....
නිරු මගේ යකා අවුසන්නේ නැතුව තාරුට ෆෝන් එක දෙනවා...
හෙලෝ හෙලෝ....

ෆෝන් එක කට් කරලා මම අයිත් ගත්තා එතකොට ඔෆ් කරලා මට එක එක විකාර හිතුණා ඒ එක්කම වගේ මගේ ෆෝන් එකට mms  එකක් ආවා. දෙවියනේ තාරු ඇදක හාන්සි වෙලා ඉන්නවා තාරු ගේ ඔලුව ගාවින් අරකි වාඩි වෙලා ඔලුව අත ගානවා. මට උන් හිටි තැන් අමතක උනා මාව වෙඋලන්න ගත්තා එහෙමම පැය ගානක් ඉගෙන මම ඇඩුවා. ටිකකින් අයිත් අර ෆොටෝ එක බලලා කාමරේට දුවලා ගිහින් ඇදුම් ටික ඔක්කොමයි පාස් පොර්ට් එකයි දාගෙන් සාලෙට එනකොට ෆෝන් එක අයිත් දෙදරනවා ඇහුනා. තව mms  එකක් අර ගැනී තාරුගේ මුණ ඉබිනවා. මගේ ගැහෙන ඇගිලි තුඩු අතරින් ෆෝන් එක බිම වැටුණා.
මට දැනුනේ මන් ගැන මහා අසරණ කමක් දෙවියනේ මෙච්චර සතුටින් ආදරෙන් හිටපු අපි දෙන්නට මේ මොකද වෙන්න යන්නේ අක්කා මිට කලිනුත් නිරුව මෙහෙ එවලා තාරුට කේලම් කියලා අපි දෙන්නවා ඇත් කරන්න ගොඩක් උත්සහා කරා එත් එයාට එක කරගන්න බැරි උනා එත් අද මේ මොනාද උණේ මම දොර ඇරගෙන හීතලේ හිම කුණාටුව අස්සෙන් පාරට බැස්සා. මන් යන්නේ කොහෙද කියලා මන් වත් දැනගෙන හිටියේ නැ එත් මම වෙඋලන ඇගිලි තුඩු වලින් බැග් එක උස්සගෙන ඒ පාලු පාරේ ඉස්සරහටම ගියා.

Monday, September 17, 2012

ප්‍රේමය පුද දී අවසානයි දහතුන් වන දිග හැරුම


                         මේන් රොඩ් එකෙන් හැරිලා ටික දුරක් ගියාම අපේ අලුත් නිවහන හරිම ලස්සනයි මට දැනුනේ දරාගන්න බැරි තරම් සතුටක්. අද ඉදලා මන් තාරු අයියා එක්ක මේ ගේ ඇතුලේ අලුත් ජිවිතයක් පටන් ගන්නවා කියලා දැනුනම ඒ සතුට තවත් වැඩි උණා. ගේ ඉස්සරහ ලස්සන උස පයින් ගස් පේලියක් තිබුණා ඇත්තටම එතන හරිම නිදහස් හරිම ලස්සනයි. ගෙට ගොඩවෙන තැන දෙපැත්තේ ලස්සන මල් ගස් පේලියක් තිබුණා. ඒවගේ ලස්සන මල් පිපිලා හරිම ලස්සනයි. පඩි පෙළ උස් වෙන හැඩේට ලස්සනට හදලා තිබුණා මේ වසන්ත කලේ නිසා පරිසරය හරිම ලස්සනයි දැක්කම ආසාවේ බැ. මම ලස්සන බල බල හිටියා. ගේ ඇතුලත් හරිම ලස්සනයි පුංචි සාලෙයි ලස්සන කාමරයක් අපි දෙන්න වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණා. මන් හිතන්නේ තාරු අයියගේ අක්කා වෙන්න ඇති කාමරේ සරසන්න ඇත්තේ. .
කොහොමද නංගියෝ ලස්සනයිද නිරු තමයි ලෑස්ති කරේ
...
නිරු
...
ඔව් අර මන් එක්ක දැන් අවේ එයා
...
හා අර සක්කරවට්ටම මට එක පාරටම එහෙම හිතුණා
.
ලස්සනයි අක්කේ
....
මම එහෙම කියලා තාරු අයියා ලගට ගියා මට තවත් අර කෙල්ලගේ වර්ණනාව අහගෙන ඉන්න ඕන නැති නිසා
.
ඔයා කැමති නේද
....
ඔව් ලස්සනයි
...
ඔයාලා එහෙනම් රැ වෙලා එන්න මල්ලි
...
අපි යන්නම් පට්යි එකට ලෑස්ති වෙන්නත් ඕනනේ
...
දෙන්න නිදහසේ ඉන්න කැමති ඇතිනේ
...
තාරු අයියගේ මස්සිනා එහෙම කිඋවේ ඇහැක් වහලා ඉගි කරන ගමන්
.
ඔව් ඔව් කට්ටිය ඉක්මනට ගියොත් හොදයි
.
තාරු අයියා එහෙම කිඋවේ හිනා වෙන ගමන් විහිලුවට
.
අක්කි මම ඉදලා මෙයාල එක්කම එන්නද
...
මන් ආසයි ටිකක් මේ පැත්ත බලන්න එහා පැත්තේ මගේ යාලුවෙකුත් ඉන්නවා මම එයාලගේ ගෙදරත් ගිහින් තාරු එක්කම එන්නම්
...
හා එහෙනම් ඔයා ඉදලම එන්නකෝ
...
එපා නිරු ඒ දෙන්නට නිදහසේ ඉන්න දීලා ඔයා එන්න අපිත් එක්ක යන්න
...
නැ අයියේ මම දැන් අර යාලුවලහට යනවා
..
හ්ම්ම්ම් එහෙනම් කමක් නැ ඔන්න අපි ගියා
...
එහෙම
කියලා තාරු අයියගේ අක්කලා ගියා මට ආපු කේන්තියක් අර සක්කරවට්ටම මොකට නැවතුනාද මන්දා මම කාමරේට ගිහින් ඇදුම් මාරු කරනකොට තාරු අයියා ඇවිත් පිටි පස්සෙන් මාව බදාගත්තා.
අනේ යන්න දෙන්න මහත්තයෝ දාඩිය දාලා හොදටම මන් ලග දාඩිය ගද ඇති
...
ඔයාගේ දාඩියත් මට සුවදයි මැණික
....
තාරු
...
එක පාරටම දොර ගාවින් ඇහුනු කටහඩින් අපි දෙන්නම ගැස්සිලා ගියා
.
ඇයි හිරු ඇත්තටම ඔයා මැන්ස් දන්නේ නැද්ද එනකොට කතා කරලා එන්න
...
අනේ මේ මෙන්න මෙහෙ එන්න ඔයාට වැඩක් පෙනන්න
...
දැන් තමුසේ නැවතුනේ කොහෙද යනවා කියලා නේ ඉතින් යන අහක යනවකෝ අපිට නිදහසේ ඉන්න දීලා
...
එහෙම කියලා තාරු අයියා කාමරේ දොර වැහුවා අර හොල්මනව් දාලා
.
පිස්සු අපේ අක්කටත් හොදටම
....
කමක් නැ අද විතරනේ
...
මට ඔයාව විශ්වාසයි
...
මම තාරු අයියගේ උණුසුමට ගුලි වෙන ගමන් එහෙම කිඋවා
....
අපි දෙන්නම නා ගෙන කාමරෙන් එලියට එනකොටත් අර හොලමන ට්වි එක දාගෙන බලනවා
.
යමු
...
අයියෝ තාරු මෙච්චර ඉකමනට තා ගොඩක් වෙලා තියෙනවනේ
...
නැ අපි දැන් යනවා ඔයා එනවනම් එන්න
...
හරි යමු එහෙනම්
..
මෙකි ගිහින් තාරු අයියගේ අතේ එල්ලුනා ඒ එක්කම වගේ අපි ඉන්න ලගම ඉන්න තව සිංහල ජෝඩුවක් ඇවිත් තාරු අයියට විශ් කරා

මේ තාරු ගේ වයිෆ් ද ලස්සනයිනේ
... දෙන්නටම මගේ සුබ පැතුම්...
අපි
යනවා එහෙනම්  හදිසියකට යාලුවෙක්ගෙ ගෙඅදර යන ගමන් ඔයාට විශ් කරන්න අවේ අපි අයිත් එන්නම්කෝ.  

තාරු අයියා වැරැද්ද නිවැරදි කරන්න හදකොටම එයාලා එහෙම කියලා ගියා. තාරු අයියා අසරණ විදියට මන් දිහා බැලුවා.
මට ඒ වෙලාවේ දැනුනු දුක
වචන වලට පෙරලන්න අමාරුයි.  

එත් තාරු අයියට දුක හිතෙයි කියලා මම හිනා උණා. එත් ඒ හිනාව අස්සෙන් මගේ ඇස් වලට කදුළු පිරුණා.
මම ඒ කදුළු හංගගෙන තාරු අයියා ලගට ගියා තාමත් අරකි අතේ එල්ලිලා
.
තාරු අයියා අත ඇදල අරන් මන් ගාවට අවා
.
අපි යමු බබා
...
             එහෙම කියලා තාරු අයියා මගේ කරට අත දා ගත්තා අරකි ගේ ඇස් වලින් ගින්දර පිට වෙන ගානයි.

``````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````````

අපි අක්කලාගේ ගෙදරට යනකොට ගොඩක් අය ඇවිත් හිටියා. හැමෝම හිතන් ඉදලා තියෙන්නේ තාරු අයියා බැන්දේ නිරු කියලා. තාරු ඒ හැමෝගෙම වැරදි වැටහීම නිවැරදි කරා. මගේ හිතට පුංචි සැනසීමක් දැනුනා එත් ඉස්සරහට ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න වෙයි කියලා මගේ යටි හිත කිවුවා. මන් කල්පනා කර කර ඉන්නකොට මගේ නම කියනවා ඇහිලා මම පිටිපස්ස හැරුණා. දෙවියනේ අදහන්න ඒ නිසල් ඔහුගේ රූපේ මගේ මතකේ යම්තමින් ඇදිලා තිබුනත් මේ නාදුනන රටේ හැමෝම මාව දන්නේ සිතු කියලා ඒ හින්දමයි මම ඒ නිසල් කියලම හිතුවේ .
කොහොමද ඉතින්...

හැමෝම ගේ ඇතුලේ ඔයා මොකද මිදුලට වෙලා කරන්නේ....

මුකුත් නැ අදනේ අවේ වට පිටාව බලන්න හිතුණා.... ඔයා මොනාද මෙහෙ කරන්නේ ඉගෙන ගන්නවද ජොබ් එකක් කරනවද

දෙකම....

හ්ම්ම්ම් හොදයිනේ...

හිරු...

මන් ඔයාව හැම තැනම හෙඋවා... දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නැ ...

ඔව් ඒ ක්ලාස් යන දවසනේ මම දැන් හොද බිරිදක්....

                  නියම ආදරය ඇතිවන්නේ විවාහයෙන් පසුවයැයි මට සිතුනි. මම තාරු අයියාට පුද කල ආදරය අයිත් කවදාවත් වෙනස් වන්නේ නැත.ගිම්හාන්ගේ මතකය උවද තාරු අයියගේ ආදරය අබියස මැකී ගොස් හමාරය. ඉතින් යලිත් කිසිදිනක මට  තාරු හැරුණු කොට අන් කිසිවෙකුගැන සිතන්නට නොහැක තාරු මට ගොඩක් ආදරේ බව මම දනිමි. 
තාරු ගොඩක් හොද කෙනෙක් මම ඔයාට සුබ පතනවා...

තැන්ක්ස් නිසල් යමු නේද ගෙට...

                   නිසල් තාරු අයියගේ හොද යාලුවෙක් බව ගෙදර එන අතරතුර තාරු මට කීඋවා නිසල්ව අදුර ගත්ත හැටි හැමදේම මමත් තාරු අයියාට කිවුවා. අපි ගෙදරට එනකොට රෑ දෙකත් පහුවෙලා තාරු අයියා උදේම ඔෆිස් යන්න ඕන නිසා අපි ඉකමනට වොෂ් එකක් දාගෙන ඇදට අවා.
බබා ඔයා අර නිරු ගේ පිස්සු වැඩ ගණන් ගන්න එපා...

මන් ඒ දේවල් ගැන හිතන්නේ නැ තාරු අයියේ ....

හොද ළමයා දැන් නිදා ගන්න...

මම තාරු ගේ විසල් පපුතුරේ හිස හොවාගෙන දෙනෙත් පියා ගත්තෙමි.

                                                                             

Thursday, September 13, 2012

ප්‍රේමය පුද දී අවසානයි දොළොස් වන කොටස



සතුට ජිවිතයට එන්නේ ත් දුක ජිවිතයට එන්නෙත් කලක් වෙලාවක් බලා නොවේ. අපි තාරු අයියලගේ ගෙදරට යනකොට  ගේ ලස්සනට සරසලා තිබුනා, ඒ අපේ පුංචි කැදැල්ල තාරු අයියා අපි වෙනුවේම හදපු මගේ අලුත් නිවහන. මම හිතේ දහසක් බලා පොරොත්තු පොදි බැදගෙන මම තාරු අයියගේ අතේ එල්ලිලා මගේ අලුත් නිවහනට ගෙවදුනා. හීනියට හිත ඇතුලේ තෙරපෙන සතුට මුනින් පෙනෙද්දී මම තාරු අයියගේ අත තදින් මිරිකන ගමන් ඒ මුණ දිහා බැලුවා. ඒ මුනේ සතුට උතුරනවා.

 

මොකද බබා ... ම්ම්ම්ම්....
 

තාරු අයියා මගේ කනට ලං කරලා ඇහුවා .
 

මුකුත් නැ ... ආදරේ හිතෙනවා ගොඩක්...
 

ඇත්තද .... මාත් ආදරෙයි මගේ මැණිකට ගොඩාරියක්....
 

හා හා මෙන්න මේ දෙන්න රහස් කතා ...
අපිටත් කියන්න බැරිද ...
 

තාරු අයියගේ යාලුවෝ දාහක් දේවල් කියාගෙන එතෙන්ට කඩා පැන්න ....
 

මම හිනා වේවි බිම බලා ගත්තා. ගෙදර එකම සතුටු සාගරයක් අපේ wedding ෆොටෝ එක ලස්සනට රාමු කරලා ගෙනත් තියලා තිබ්බා. හරිම ලස්සනයි හැමදාම මේ සතුට මේ විදියටම රැදෙන්න කියලා මම හිත ඇතුලෙන් ප්‍රර්ථනා කරා.
 

කවද්ද දුලා යන්න හිතන් ඉන්නේ ..
 

තාරු අයියගේ සුදු නැන්ද මගේ ලගටම ඇවිත් මම දැක්කෙත් නැ .
 

අනිද්දා යනවා නැන්ද ....
 

ඇයි මෙච්චර ඉක්මනට යන්නේ .... තා ටික දවසක් ඉදලම ගියානම් නරකද...
 

අයියට වැඩ ගොඩක් තියෙනවලුනේ නැන්දේ එකයි ඉක්මනට යන්නේ ...
 

මම මේ දරුවට කියන්නමයි කියලා හිටියේ ගියාම ඔයි අම්මණ්ඩි එක්ක වසන්නේ ප්රෙවෙසමෙන් හොදෙයි ....
 

මන් යනවා අර පැත්තට ....
 

සුදු නැන්ද කියන්නේ තාරු අයියගේ අක්කා ගැන. එයා මට කොහොමත් වැඩිය කැමති නැ එත් ඉතින් මට මොකද මම ඉන්නේ එහෙ නෙමෙයිනේ. මම එහෙම හිතලා හිත හදා ගත්තා.
 

බබා මහන්සිද ...
 

එහෙම අහගෙන තාරු අයියා මන් ලගට අවා .
 

නැ ....
 

එහෙනම් මුණ මැලවිලා ....
 

ටිකක් මහන්සි තාරු අයියේ ....
 

තාරු අයියට මගේ පුංචි වෙනසක් උනත් දැනෙනවා එයා ඒ තරම් මට ආදරෙයි.දවසෙම කට්ටිය නටලා සින්දු කියලා එලි වෙනකොට ගොඩක් අය ගිහින් ඊට පස්සේ දවසේ ඉතුරු උනේ තාරු අයියලාගේ අම්මලයි අපේ අම්මලයි විතරයි. හෙට අපි යන නිසා අපේ අම්මලා නැවතුණා.
 

දැන් ඇදුම් ඔක්කොම ලෑස්ති කරගත්තද ....
 

ඔව් අම්මේ ....
 

මයි කෙල්ල ගියාම මට තමයි පාලු ....
 

අපේ අම්මා එහෙම කිඋවේ ඇස් දෙකේ කදුළු පුරවගෙන .
 

අඩන්න එපා අම්මේ අපි හැම නිවඩුවටම එනවනේ .....
 

දැන් එහෙනම් ගිහින් නිදා ගන්න සුදු දුව උදෙන්ම යන්න ඕනනේ ....
 

මම අම්මට වැදලා තාරු අයියලගේ අම්මටත් වැදලා අපේ තාත්තා හොයාගෙන ගියා තාත්තා එළියේ පුටුවකට වෙලා බර කල්පනාවක .
 

තාත්තේ මොකද මෙතන එන්න නිදා ගන්න යන්න ....
 

හා මගේ සුදු දුව ගිහින් නිදා ගන්නකො මම එන්නම් ....
 

අම්මනම් අඩලා හරි දුක පිට කරනවා එත් තාත්තලා පව් දුක හිතේ හිර කරන් ඉන්නවා පව් මට තාත්තා ගැන ගොඩක් දුක හිතුණා. පුංචි කාලේ තාත්තා මාව වඩාගෙන ඉස්කෝලේ එක්කන් ගියපු හැටි මාව නාවපු හැටි මතක් වෙලා මගේ ඇස් වලට කදුළු පිරුනා. තාත්තා මට ගොඩක් ආදරෙයි ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දුන්නා. අම්මා බැන්නත් තාත්තා බනින්නේ කලාතුරකින් තාත්තවයි අම්මවයි දාලා යන්න මට හිත හදාගන්න අමාරුයි අයිත් ඉස්සර වගේ ඒ දෙන්නගේ පුංචි හිතුවක්කාර දූ සිගිත්ත වෙලා ඉන්න අසයි...
 

මොකද බබා ඇස් වල කදුළු...
 

මට අම්මවයි තාත්තවයි දාලා යන්න බෑ තාරු අයියේ....
 

මම මහා හයියෙන් ඉකි ගහලා අඩන්න පටන් ගත්තා. තාරු අයියගේ පපුවට ඔලුව තියාගෙන මම හොදටම ඇඩුවා.
 

සුදු දුව මොකද මේ.....

ගෙදර හැමෝම කලබල වෙලා. අම්මයි තාත්තයි දෙන්නම දුවගෙන අවා.
 

සිතුට අම්මවයි තාත්තවයි දාලා යන්න බැරිලු....
 

බබා මේ බලන්න අපි හැම නිවඩුවකටම එනවනේ.... අපි ගියාට පස්සේ අම්මවයි තාත්තවයි ටික දවසකට ගෙන්න ගමු.
දැන් අඩන්න එපා... යමු දැන් නිදා ගන්න....
 

තාරු අයියා මාවත් එක්කගෙන කාමරේට ගියා. මම අඩ අඩම නිදා ගත්තා ඒ තරම් මගේ හිතට පුදුම දුකක් දැනුනා අපි හතර දෙනා ගෙදර සතුටින් හිටපු හැටි මල්ලි එක්ක රණ්ඩු කරපු හැටි තාත්තා ට කියලා බත් කවා ගත්තු හැටි හුරතල් උන හැටි තාරු අයියා මට නින්ද යනකම්ම මගේ ඔලුව අත ගගා හිටියා. එක තමයි කියන්නේ අපි ආදරේ කරන කෙනෙක් එක්ක තාවකාලික සතුටක් හොයා ගෙන යනවට වඩා අපිට ආදරේ කරන කෙනෙක් එක්ක හැමදාම සතුටින් ඉන්න පුළුවන් කියලා.
  

බබා නැගිටින්න....
 

මම කම්මැලි කමෙන් ඇග මැලි කඩ කඩ නැගිට්ටා නැගිටලා  තාරු අයියට තුරුල් උණා. එයානම් ලේස්ති වෙලත් ඉවරයි ඔක්කොම බැග්තුත් එලියට අරගෙන .මට තිබුනේ තාරු අයියා තෝරලා තිබුණු ඇදුම මුණ සෝදන් ඇද ගන්න විතරයි.
 

බබා දැන් මගේ හොද මැණික වගේ ලෑස්ති වෙන්නකෝ......
 

හ්ම්ම්ම්...
     

මම ඉක්මනට ලෑස්ති උණා. වැන් එකට නැගලා ගුවන් තොටුපලට ගිහින් මම හොදටම ඇඩුව අම්මයි මල්ලියි තාත්තයි ත් හොදටම ඇඩුවා.
                               හිතෘ  ගුවන් තොටුපළෙන් එලියට එනකොටම තාරු අයියගේ අක්කලා ඇවිත් හිටියා. තව කවුදෝ ගැණු ළමයෙකුත් හිටියා මහා සක්කරවට්ටමක් වගේ පැනලා තාරු අයියව බදාගෙන සුබ පැතුවා. මාත් එක්ක කතා කරෙවත් නැ තාරු අයියා මගේ අතින් අල්ලගේනමයි හිටියේ මට පවු කියලා හිතුණා. අපි තාරු අයියා අලුතෙන් ගත්තු ගෙදරට යන්න වාහනේට ගොඩ උණා. නැග්ග වෙලාවේ ඉදලා මට දැනුනේ මම පිට කෙනෙක් වගේ අක්කා අර කෙල්ල එක්කමයි හිටියේ කවුරු මොනා කරත් මට මොකද මට තාරු අයියා ඉන්නවනේ කියලා මම හිත හදාගත්තා.

                                                                  මතු සම්බන්දයි